තමන්ට රජයේ පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලමින් රැකියා විරහිත ආයුර්වේද උපාධිධාරී වෛද්‍ය සංගමය අද (18) රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට පැවැත්වු උපවාසයට සහය පළ කරමින් දුෂණ වීරෝධි හඩ කැඳවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ද උපවාසයට සහය පළ කළේය.


COMMENTS
වසන්ත, ලොකු කතා කිවුවට කමක් නැහැ, හැමතිස්සෙම වාහන ගැනම කතා කරන්න එපා. ගිහින් බලපන් රැකියා දුන් අය ඔවුන්ගේ වගකීම හරියටම ඉටුකරනවද කියලා. සුමනපාලට උත්තර නැහැ. (නි)
මේ අය ඉල්ලන්නේ රැකියාවක් විතරයි. රජයේ වෛද්‍යවරු වගේ පර්මිට් නැති කාර් ඉල්ලන්නේ නෑ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට මේ පිලිබඳ තියන අදහස මොකක්ද? (හේ)
කොහේහරි එල්ලෙන්න වැලක් හමුවෙනවානේ මෙයාලටත්. නේද? (නි)
මේ ජේවීපී කාරයත් දිගටම සත්‍යග්‍රහයේ ඉඳියිද (බ)
මේ අය දක්ෂ දැක්මක් තියෙන වෙද මහත්වරු නම් ඉතින් රජයෙන් රැකියා ඉල්ල ඉල්ලා ඉන්න ඕනෑ නැහැ. හොඳ බෙහෙත් සාප්පුවක් දාගත්තා නම්... තවමත් ලංකාවේ ආයුර්වේදයට කැමති මිනිස්සු ගොඩක් ඉන්නව. බෙහෙත් ශාලාව දාගන්න අනුග්‍රහයක් ඉල්ලුවා නම් සාධාරණයි. වැඩ නොකර පඩි ගන්න තමයි රජයේ ඒවා ඉල්ලන්නේ (නි)