රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය.
ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඉදිරියට පැමිණෙමින් සිටිද්දී ඕල්කට් මාවත හිල්ටන් හෝටලය අසලදී පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
මේ වන විට උද්ඝෝෂකයෝ සෙරමික් වටරවුම අසල රැඳී සිටිති.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධියක් තිබුන පලියට ඇයි රජයේ රැකියාම ඉල්ලන්නේ? පුද්ගලික ආයතනයක හරි, තමන්ගේම ස්වයන් රැකියාවක් වගේ දෙයක් කරන්න උත්සහ කරන්නේ නැත්තේ ඇයි? (ම)
අධ්‍යාපනය පිනට දුන්නේ නැහැ . උන් මැරෙනකල් පාඩම් කරලයි උපාධිධාරීන් වුනේ . පොත් වල තියෙන දේවල් තේරුනේ නැති කමට උගත් කමට ගරහන්න එපා. (බ)
මේ උපාධිදාරීන් සියලුදෙනාම පසුගිය වසරේ උපාධිය සමත්වුවන් නම් තව ටිකක් ඉවසිය යුතුයි. මේ ආණ්ඩුව බලයට පත්වෙලත් තවම අවුරුද්දයිනේ. ඊට කලින් උපාධිය සමත්වූවන් සිටින්න බැහැ. කලින් ආණ්ඩුව නිතරම ප්‍රකාශ කළා උපාධිධාරීන්ගේ ප්‍රශ්න විසඳුවා කියා. (නි)
අනුර ඔය ඔයවගේ ප්‍රතිචාරයක් දෙන්න ඔයා උපාධි ධාරියෙක් වෙන්නම ඕන. නිදහස් අද්යපනයෙන් ඉගෙන ගත්තා නම් හෙබැයි ඔහොම ලියන එකක් නෑ. (ර)
පොලීසිය අදත් හොඳට නාලා වගේ. (නි)
අත්සන් කළාට පස්සේ මාර්තු සිට දොස්තරලා ඉංජිනේරුවන් සිට පේමන්ට් එකේ බඩු විකුණන කෙනත්, පාරවල් අතුගාන කෙනත් ඉන්දියන් උපාධිකාරයෝ. රටට දෙයියන්ගේම පිහිටයි. (නි)
මොකද කාටවත් රැකියාවක් නිර්මාණය කරගන්නා හැටි කියලා වචන කීපයක් ලියන්න බැරි. (නි)
යහපාලනය දෝරේ ගලයි! (බ)
ජනාධිපතිවරනයේදීත්, මහා මැතිවරණයේදීත් මේ ආණ්ඩුව පොරොන්දු වුනේ උපාධිධාරීන්ට උසස් රැකියා දෙනවා කියලා. ඒ අය ඒ නිසා ඡන්දෙ දුන්නේ. දැන් රස්සා ඉල්ලලා හඬ නගන එක සාධාරණයි. ඒ අයට මෙහෙම පහර දීපු එක නම් කන්න දීපු අත හපා කනවා වගේ වැඩක්. (ර)
විශ්ව විද්‍යාල වල නොමිලේ අධ්‍යාපනය දීලා රජයේ රස්සාවල් දෙන්න කියලා පොරොන්දු වෙන රජයක් ලෝකේ කොහෙවත් නැහැ (නි)
මෙම මර්දන ක්‍රියා අනුමත කරන්න බැහැ (නි)
වැඩේ කියන්නේ ඔක්කොම උපදිධාරින්ට රැකියා හම්බ උනා නේද පහුගිය අන්ඩුවකාලේ. කවුද මේ අයව එලියට දැම්මේ? (ර)
පසු ගිය රජය කොහොම හරි විමල්ගේ අමාත්‍යාංශයට දාල හරි මේ ළමයිගේ ප්‍රශ්නේ විසදුවනේ ;මුන්ටත් ඔහොම වෙලා මදි ජේ ,වී , පී ..එකත් එක්ක එකතු වෙලා ඉල්ලුව වෙනස දැන් හම්බු වනවනේ සනීපෙට (කෞ)
යහපාලනයේත් මෙහම වෙන් එක කනගාටුයි. මෙහම ගියොත් පහුගිය රජයටත්, වර්තමාන යහපාලනයටත් වෙනසක් නැහෙනෙ. මේ ප්‍රශ්නය බලධාරීන් සාකච්චාවෙන් විසඳියයුතුයි. (ර)
අනුර, මේ රටේ රැකියා ඉන්දියානුවන්ට දෙන එක ගැන මොකද කියන්නේ? අපේ එක රැකියාවක් හෝ ඉන්දියානුවන්ට දීම අපේ ළමයෙකුගේ රැකියාවක් නැතිකිරීමක්. අපි මහන්සිවෙලා මෙරටට ගෙනා විදේශීය විනීමය ඉන්දියානුවන්ට රැගෙනයන්න දෙන්නේ ඇයි? (නි)
මේ ආණ්ඩුවට විතරක් බැනල වැඩක් නැහැ. මුලින් හිටිය අයත් තරුණයන්ට හරි හැටි රැකියාවල් පිලිබඳ සැලෙස්මක් ඇතිකළේ නැහැ. ලබන අවුරුද්දේ පිටවෙන විශ්වවිද්‍යාල සිසුන්ට යම්කිසි සැලෙස්මක් ඇතිකිරීමට පටන්ගැනීම මේ රජයේ වගකීමයි. (ර)
මේ උදවියට රැකියා දෙන්නේ බැහැ මේ ආණ්ඩුවට මොකද ආණ්ඩුව ඉන්දියාවට රැකියා දෙන්න පොරොන්දු වෙලා ඉවරයි ඉට්කා ගිවිසුම් හරහා . දැන් මේ උදවියට තියෙන්නේ ඉන්දියාවට ගිහින් මෝඩි අගමැතිට පෙන්න උපවාස කරන එකයි (ම)
මේක දරුවන්ගේ වරදක් නෙමෙයි. අපේ රට පාලනය කරපු මිනිසුන්ගේ වරදක්. තියෙන දේ ඉගෙනගන්නේ නැතුව මේ දරුවෝ වෙන මොකක් කරන්නද? (නි)
උපාධිදාරියින් වේවා වෙනත් අයෙක් වේවා රටේ නීතියට අභියෝග කරන්න දෙන්න බෑනේ. හැම දෙයක්ම පිනට දෙපා මුලට ගෙනත් දෙනකන් ඉඳලා වැඩක් නෑ. උද්ඝෝෂණ කරන්න තියෙන උනන්දුව හරියට වෙලාවට විභාග සමත් වෙලා රස්සාවක් හොයා ගන්න තිබ්බා නම් මෙහෙම පාරේ ඉන්න ඕන නෑ. හොයලා බලන්න මෙතන කීදෙනක් තමන්ගේ උපාධිය කලට වේලාවට සම්පූර්ණ කරාද කියලා. (ර)
නිකන් උපාධිය දුන්නා කියන්නේ ඒ මිනිස්සු ගෙදරට වෙලා ඉඳලා උපාධිය ගත්තේ නැහැනේ. අනිත් එක රජයේ සියලුම පුරප්පාඩු නියම ක්‍රමවේදයකට සපුරලා තියෙනවා නම් කමක් නැහැ. කොහොම නමුත් මේ ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් විදියට කලා විෂය ධාරාවෙන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ප්‍රමාණය සිමා කර තාක්ෂණික විෂයන් වලින් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්නා ප්‍රමාණය වැඩි කරන්න ඕනෑ. (නි)
ගිය වසරේ මහා මැතිවරණයට පෙර ඉදිරිපත් කළ පංචවිධ සැළැස්මේ නම් තිබුණා මාස 60න් රැකියා දස ලක්ෂයක් බිහිකරනවා කියලා. එහෙම බැලුවොත් අඩුම තරමේ අලුත් රැකියා ලක්ෂයක්වත් මේ වෙනකොට තියෙන්න එපැයි. (නි)
මුන්ට නොමිලේ ඉගෙනීමත් දීල, රැකියාත් හොයල දීල, තව බස් කොච්චි වල සීසන් එකත් 1/4 ගානට දීල. තව පෙන්ෂන්, පිටරට ස්කොලෂිප් නොමිලේ දීලා,බදු රහිත වාහනත් දීලා.තව ඉල්ලන ඔක්කොමත් දීල, වැඩක් කර ගන්ඩ රජයේ කාර්යාලයකට ගියාම දවසම එතන රස්තියාදු කරවල අපිව, වැඩේ ඉතුරු ටික සම්පුර්ණ කරගන්න අනිද්දට එන්ඩ කියනවා ඇයි 4 වෙද්දී දුවන්ඩ ඕනේ නේ රටකජු කකා කයිවාරු ගගා කෝච්චියේ යන්ඩ.(කෞ)
ප්‍රශ්නය ඉගෙනීම නම් ඉගෙනනොගන්නා එකද කරන්න ඕනෑ. 1977 දී සා.පෙළ වැඩ 5 ක් සමත් ගණිතය භාෂාව අසමත් අයට රැකියා දුන්නත් උපාධිය ඇති අයට රැකියා දුන්නේ නැහැ. අදත් තියෙන්නේ ඒකම තමා. මෙතන ඉන්න පොලිසියේ අයගේ කවුරුවත් ඉහළට ඉගෙනගෙන ඉන්නවා නම් හිතන්න මේ ගහන්නේ තමන්ගේ අයට කියලා. (නි)
අසාද්ට වගේ වත්කමක් හැමෝටම නැහැනේ. අපි අපේ රටේ ජීවත්වෙන්න ඕනෑ (නි)
අමල් මනුස්සයෙක් නම් නොවෙයි වගේ (නි)
රැකියාවිරහිත උපාධිධාරීන් කියන්නේ කම්මැලියන් නොවේ. ඔවුන් තම ජිවිතේ වැදගත්ම කාලය කැපකොට ඉගෙනගත්තේ හොඳ රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් (නි)
අැයි මෙි රජයේ රැකියාවක්ම හොයන්නේ..... ? (ම)
ඊළඟට මාසයක් යන්න කලින් පඩි වැඩි කරන්න කියාවි. උපන්දා සිට අතට පයට ඔක්කොම කරලා දෙන්න ඕන. මොකද පුද්ගලික අංශයට ඉල්ලන්න බැරි. එතන අයිස් ගහන්න බැහැනේ. (ම)
දරුවන් රටක සම්පතක් ,හිරේ දානවා ,කදුළු ගෑස් ගහනවා අධි පීඩන ජල ප්‍රහාර යොදනවා ,පාලකයනි ඔබලාටත් දරුවෝ ඉන්නවා නේද (බ)
ඡන්දයක් ළං වෙනකොට හැම ආණ්ඩුවක් ම හැම විපක්ෂයක් ම පොදි පිටින් පොරොන්දු දෙනවා.. රජයේ සේවකයන්ට සහ සරසවි සිසුන්ට මොනවාද පොරොන්දු නොදෙන්නේ ? හැබැයි බලයට ආවහම තේරෙනවා පොරොන්දු ඉටු කරන්න ලෙහෙසි නැහැ.. සල්ලි ඕනේ .. වෙනත් දේවල් ඕනේ .. ඉතින් රජයේ සේවකයින් සහ සිසුන් හැමදාම පාරේ පෙළපාලි යනවා.. අවසාන ජවනිකාව තමයි කඳුළු ගෑස් , බැටන් පොලු, වතුර ප්‍රහාර .. (බ)
අඡ්‍යාපනය නොමිලේ දුන්න. උපාධිකාරයෝ ඉල්ලන්නේම රජයේ රැකියා. 9 ට ගිහිල්ල 3 ට එන්න. පුද්ගලික අංශයේ කොච්චර රැකියා තියෙනවද. රටේ තියෙන රැකියාවල්වලට හරියන්න වෘත්තිය ඉගෙනගනිල්ල. (බ)
නොමිලේ අධ්‍යාපනය දීලා රස්සාවත් හොයලා දෙන්නකෝ! (නි)
අනේ මන්දා, හැමදේම හොයලා දෙන්න රජයට බැහැ (නි)
දැන් ඉන්දියාවේත් උද්ඝෝෂණ යාවි ලංකාවේ රස්සා ඕනේ කියල. (බ)
මේකේ ඉන්න ගොඩක් අයට රැකියා නැතුව නෙමෙයි. රජයේ රැකියා මෙයාලා ඉල්ලන්නේ. (නි)
උපාධි කොලයක් තියාගෙන මෙයාලට මොනවාද කරන්න පුළුවන්? මෙයාලාව අරින්න රටට ප්‍රයෝජනවත් වැඩකිරීමට (නි)
නිකන් උගන්නලා, නිකන් ඉන්නන රස්සාවකුත් දීලා, මැරෙනකම් දීපන්කො පෙන්ෂනුත් (නි)
නොමිලේ අධ්‍යාපනය දීල, ඔක්කොටම ආණ්ඩුවේ රස්සාවල් දෙන්න ලෝකේ කිසිම ආණ්ඩුවකට බැහැ. එය ප්‍රයෝගික නැහැ. මෙවැනි අදහස් තියන මිනිස්සු ඉන්නකන් මෙරට කවදාවත් දියුනු කරන්නනම් වෙන්නේ නෑ. (බ)
සසර කලකිරිලා මහන වුන අයත් උපාධි අරගෙන රස්සාවල් ඉල්ලනවා . මොන වගේ උපාධිද මේ ගොල්ලට තියෙන්නේ? (බ)
ඇත්තටම නිදහස් අධ්‍යාපනයෙන් හොඳම ප්‍රතිඵල ලබලා රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන සමත් වෙලා මෙයාල රැකියා විරහිතයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හොඳ ප්‍රතිපල ගන්න බැරුව රජයේ විශ්වවිද්‍යාලවලට නොත්රුන ළමයි පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි සල්ලි වලට අරගෙන රැකියා කරනවා. රටේ නියම දක්ෂයෝ ශ්‍රම බලකායට එකතු කර ගන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්. රටේ විශාලතම අවාසනාව කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රජයේ විශ්ව විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබුවා වූ අයකු රටේ අගමැතිව සිටිද්දීත් මේ දෙය නොතේරීමයි. රටේ අවාසනාව. (බ)
අර රැකියා මවන යන්තරේ කොහෙද දන්නේ නැහැ. මුන්ට උපාධිධාරින් පෙන්නන්න බැහැ. අට පාස් එවුන් එහෙම තමය් (බ)
රජයට ඉන්දියාවේ දරුවන්ගේ ප්‍රශ්න විසදන්න ඕන මේවට කලින් .එ්කනේ ඉන්දියාව එක්ක ගිවිසුම් අත්සන් කරන්නේ (බ)
සමහරුන්ට උපාධිධාරින් පෙනෙන්න බැහැ (නි)
තුසිත, ඔයා හරියටම හරි. රනිල්ට ළමය ඉන්නේ ඉන්දියවනේ. එයාට එයාලගේ ප්‍රශ්න විසඳන්න එපාය මුලින්ම (බ)
නුවරගේ ඇතුළු තරඟ විභාග සමත්වෙලා රැකියා ගන්න කියලා උපාධිධාරීන්ට මතක් කරන අය මේ උපාධිධාරීන් ගැන හොයලා බලලා කතා කළොත් හොඳයි කියලා මම හිතනවා. කටට එන පළියට උපාධිධාරීන්ට බනින්න කාටවත් අයිතියක් නැහැ. ඔය උද්ඝෝෂණ කරන අය අතරේ ගුරු විභාග ඇතුළු නොයෙකුත් විභාග ලියලා සමත් වෙලා, රජයෙන් අවුරුදු ගානක් තිස්සේ රැකියා නොදීපු උපාධිධාරීන් ඉන්නවා. ඉතින් ඔයාලා කියන්නේ තවත් විභාග ලියන්න කියලද? (නි)
මේ අය මොනවද ඉල්ලන්නේ ? සිවුරටත් නිගාවක්, (බ)
අනුර, ඔබටවත් තේරෙන්නේ නැති විකාර කතා නොකියා හිටියොත් නේද හොඳ? (නි)
මේ ළමයින්ගේ වේදනාව දැනෙන්නේ දෙමාපියන්ට. මට එහෙම ප්‍රශ්නයක් නැතිවුණත් මම ඒ ළමයින්ගේ තත්වයට ගිහින් හිතන නිසා මෙහෙම ලියනවා. අපේ ළමයින්ට අයිති රැකියාවන් ඇයි ඉන්දියානුවන්ට දෙන්නේ? උද්ඝෝෂණය කළාම මෙහෙම ප්‍රශ්නයක් රටේ තිබෙන බව මිනිස්සු දැනගන්නවා. (නි)
නිදහස් අධ්‍යාපනය,රැකියාව,පඩි වැඩිවීම,බදු මිල අඩු කිරීම්,වරප්‍රසාද මේ ඔක්කොම රජයකින් සපයන නැහැ මම හිතන්නේ දියුණු රටකවත්.අනේ මන්ද දියුණු වෙමින් පවතින රටක් කොහොම මෙව්ව සපයයිද කියල.? (බ)
රත්නසිරි, ඒ ටික එළමයි කොරගනී රැකියා අවස්ථා තිබෙනවානම්. නමුත් තිබෙන රැකියා අවස්ථා ඉන්දියානුවන්ට දෙනවනම් මේ ළමයි උද්ඝෝෂනය නොකර මොනවා කොරන්නද . ඉන්දියානුවන් මෙහෙ ඇවිත් බත් පැකට් එකට වැඩ කරවී. (ර)
බය වෙන්න එපා දරුවනේ අර කීව රැකියා දසලක්ෂයක් දෙනවයි කියලා. ඉතින් මක්කටයි බය වෙන්නේ රැකියාවල් ඉන්දියාවට දේවි. (ර)
නොමිලේ ඉගෙන ගන්න දුන්නට ඒ දරුවන්ට කරන වියදම් දන්නේ දරුවෝ ඉන්න උන්. මේකේ අදහස් ප්‍රකාශ කරන්නේ දරුවෝ නැති අය. ඒ විතරක් නෙවෙයි ඒ නොමිලේ දෙන අධ්‍යාපනය දෙන්නේ අපෙන් අය කරන බදු මුදල් වලින්, නැත්නම් පාලකයින්ගේ පුද්ගලික මුදල් නොවේ. (බ)
මේ මර්දනය කරන්නේ අපේ අනාගතය.(බ)
ඉන්දියාවට යන්දෝ... එහෙ දැන් අපිට පුළුවන් රස්සාවල් කරන්න. ලොකු මහත්තයා කියනවා නේ. (ර)
අපේ රට දියුණු කරන්න බැරි බමුණන් නිසා. පරණ හණමිටි අදහස් බොහොමයි. (නි)
නොමිලේ අද්‍යාපනය දීලා දැන් රැකියාත් හොයා දෙන්නලු කම්මැලි කමට නිකම් ඉන්න රස්සා හොයනවා වගේ... (ර)
ඕනතරම් ජොබ් මාකට් තියෙනවා. ජොබ් වේකන්සි තියනවා අතටම දෙනකන් ඉන්නැතිව ඉන්ටව් ගිහින් බැලුවනම් හම්බෙයි. (බ)
අපේ කොල්ලෝ කෙල්ලන්ට රැකියා නොදී ඉන්දියන්කාරයන්ට දෙන්න හදනවනේ. ඔහොම ඉන්නකෝ. වෙනසකට මුලපිරුවා විතරයි. (නි)
යහපාලනය දෝරේ ගලයි! (නි)
මෙහෙම වෙලා මදි. (බ)
අම්මේ මෙච්චර රැකියා නැති කට්ටිය ඉන්නකොටද මේ ඉන්දියාවෙන් රැකියාවට කට්ටිය ගෙන්නන්නේ.අනේ මෙහෙමත් පාලකයෝ (බ)
අනේ අහිංසක දරුවන්ට මේවා කාගේ සාපයක්ද.? (ර)
පොඩි අයට කතන්දර කියලා දෙන ජාතියේ උපාධි තිබුනාට පලක් නැහැ. රැකියා වෙළඳ පොළට සරිලන උපාධි තියනවා නම් ඕනෑතරම් පෞද්ගලික අංශයේ රැකියා තිබෙනවා. රජයේ සල්ලි වලින් ඉගෙනගෙන, රජයේ රැකියාවක් කොට රජයට බරක් වෙනවා කියන්නේ ඒකත් අපිටම බරක්. (නි)
තරඟ විභාග ඕන තරම් රටේ පවත්වනවා.ඒවාට පෙනී සිටලා රස්සාව ලබා ගන්න බැරි අය තමා ඔය කට්ටිය.උපාධිය තියන අයට රස්සාවක් රජය දෙන්නම ඕන කියන එක මහා විහිළුවක් එහමනම් සාපෙළ උපෙළ කරපු අයටත් විභාග කිසිවක් නැතුව රස්සා දෙන්න ඕන නේ , අනික කාර්මික විද්‍යාල තවත් කී නොකී තැන්වල ඉගනගෙන රස්සා නැතුව කීය ඉන්නවද ? (බ)
ඇයි මේගොල්ලෝ ඉගෙනගත්තේ? (ර)
අපේ අධ්‍යාපනය ක්‍රමයෙන් උපාධියක් ගත්තාට මුකුත් කරන්න බෑ, එකයි මේ ප්‍රශ්නේ (බ)
අනුර, වැසිකිළි සේදීමත් උපාධියක් ලබා ගැනීමත් අතර ලොකු වෙනසක් තිබෙනවා. (බ)
රැකියා දස ලක්ෂයේ වැඩසටහන කරන්නේ ඉන්දියාවට වෙන්න ඇති. (ර)
අපේ රටේ උගතුන්ට කඳුළු ගෑස් ගහල එලවන්නේ ලංකාවෙන් දැනට ඉන්දියන් කාරයින්ට දෙන්ට යන රැකියා ටික අඩුවෙයි කියල වෙන්ට ඇති. (බ)
අනේ පවු! (නි)
කලා උපාධියේ කෙළවර රැකියා නැහැ. වෛද්‍ය, නීති, ඉංජිනේරු වගේ උපාධි වල නම් කෙළවර රැකියා තිබෙනවා. (නි)
දුප්පත්කමට ලැබෙන තෑගි (නි)
ටිකක් ඉවසන්න. ඉක්ටා ගිවිසුම ගැහුවහම ඉන්දියාවේ රැකියා වලට යන්න පුළුවන් වැඩි පඩියට. ඉන්දියානුවෝ මෙහේ එයි අඩු පඩියට. අපේ අයට මේවා පෙනෙන්නේ නැහැ (නි)
අගමැතිතුමා ඉන්දියාවෙන් රැකියා දෙනවලු ලගදීම. එතකොට මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි.(හේ)
1) මුලින්ම නිදහස් අධ්‍යාපනය . 2) රැකියාවක්. 3) බදින්න කොල්ලෙක් හෝ කෙල්ලෙක් . 4) ඉන්න ගෙයක් 5) වැඩ නොකර නිකන් කන්න රස්සාවක් මෙයාලා හැදුව දෙමව් පියව් පව් හරකෙක් හැදුවනම් හොඳයි. තමන් අධ්‍යාපනය හදාරන්නවානම් යන පාර දැනගෙන යන්න බුද්ධියට මුල්තැන දෙන්න රටට ජාතියට බරක් වෙන්න එපා (බ)
කවුරු ආවත් එකයි. (ර)
සෙනරත් මහත්තයා උගත්කම ගැන කියනවා. ගෙදර වැසිකිළිය පැත්තේ යන්න බැහැ. උගත්කම නිසාද කොහෙද ඒක හෝදාගන්නේත් නැහැ. ආණ්ඩු වලට බැන බැන ඉන්නේ නැතුව තමන්ගේ වගකීම් ඉටුකරන්න (නි)
නොමිලේ ඉගෙන ගන්න දීල රස්සාවල් හොයලත් දෙන්න ඕනද ? කරන දෙයක් අනිත් මිනිස්සුට කරදරක් වෙන්නේ නැතුව කළා නම් කදුළු ගෑස් කන්න වෙන්නේ නෑ නෙ. මුන් යන්නේ ඉල්ලන් කාල ෆොටෝ ටිකක් ගන්න. (බ)
මම උසස් පෙළ වැඩ දෙකක් විතරයි යන්තම් පාස් .. එ්ත් දැන් වෙබ් ඩිසිග්නර් කෙනෙක්.. මාසෙකට ලක්ෂ එක හමාරක් විතර හොයනවා... මේ අය උපාධියක් අරන් තාම පාරේ... කාගේද වැරැද්ද ??(හේ)
මොකද ළමයිනේ විරෝධතා කරන්නේ තව ටික දවසකින් ඉන්දියාවෙන් අපේ ලක්ෂ ගානකට රැකියාවල් ලැබෙනවලු. හැබැයි වැඩි විස්තර ඉන්දියාවට ගිය උපාසක අම්මලාගෙන් දැනගන්න. (බ)
මේක තමා ශ්‍රිලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති හිදෙස. රටට අවශ්‍ය වන්නේ කුමන ආර්ථික වැඩපිළිවෙලක්ද යන්න හදුනාගනිමින් ඒ අනුව අධ්‍යාපනය ලබා දීම කල යුතුයි. මිනිස්සු දකින්නේ මේවගේ මේ රටේ රැකියාවක් ගන්න සටන් කරන උපධිධාරින් විතරයි. එත් ඇත්තටම අපේ රටේ උපධිධාරින් බොහොමයක් විදේශ ගතවෙනවා. විශේෂවේදී උපාධිය හදාරන බොහොමයක් ලංකාවේ ඉන්නේ නැහැ. ඒ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ලංකාවේ තත්වය අනුව ඒ අයට කරන්න රැකියා බිහිවෙලා නැහැ. ගුරුපත්වීමක් අරන් දුක් විදිනවට වඩා රට යන එක හොඳයි. ලංකාවට මුල ඉදලම වැරදිලා. මෙච්චර ස්වබාවික සම්පත් තියෙද්දී කොයිතරම් කර්මාන්ත අංශය දියුණු කරන්න පුලුවන්ද. රැකියා බිහිකරන්න පුලුවන්ද. අමුද්‍රව්‍ය රට පටවලා ලෝකෙට ණය ගෙව ගෙව ඉන්නවා. මේ රටේ පරිපාලනයේ වැරැද්ද මිස අන් කිසිවක් නොවේ .(ර)
මේ අයට ජල ප්‍රහාරය දෙන්න තිබුනේ මීට ගොඩක් ඉස්සර (නි)
කපිල, පළමුව ඒ අය ඉල්ලන්නේ ඉගෙනගත් අයට රැකියා දෙන්න කියලා. (නි)
උද්ඝෝෂණ කරන්න ඕනෑ රජයෙන් අධ්‍යාපනය නොලබපු අය. මෙයාලට අධ්‍යාපනය දීලා තියනවනේ. ඔලුව දියුණු කරලා තිබෙනවා නම් ඔලුව පාවිචිචි කරලා ජීවිකාවක් කරගන්න. (නි)
මගේ අදහස් ගැන පලකෙරුනු කරුණු උපේක්ෂා සහගතව බලනවා ස්තුතියි. මමත් නොමිලේ දෙන අද්‍යාපනය මොරටුවෙන් ලබා රජයේම රැකියාවක් වසර 20 කර විදේශයන් 6 පමණ සේවය අදත් කරනවා ඉන් එකක් ලෝකයේ විශාලම ඉදිකිරීමක් ජාතින් 23 එක්ක වැඩ කලා අපේ අයෙගේ ආකල්ප නිසා අපිට දියුණු වෙන්න බැරි කකුලෙන් අදිනවා නිගරු කරනවා වැඩ කරන්න කම්මැලි වෙනවා අද්‍යාපනය සියලුම දෙනාටම ලබාදීම ආණ්ඩු වල වගකීමක් රැකියා සොයා යාම අපේ වගකීමක් වැසිකිලි සේදීම උපාදියකට අදාල නැහැ එයත් රැකියාවක් නිගරු කල යුතු නොවේ සියලු දෙනාටම විදේශ රැකියා සඳහා ඉල්ලීම තියෙනවා ලංකාවේ අපිට විශේෂයෙන්, අපි උදව් කරනවා ඉල්ලුම් කරන්න. දේශපාලන පෙළපාලි පසුව කරන්න පුළුවන්. (ර)
ධම්මික තමුන් ගැන පටු විදිහට නොහිතා රටේ සිටින සියලුම රැකියා විරහිතයින් පෙනී සිටීම ගැන තියෙන්නෙ ආඩම්බරයක්. (ර)
අමල් හරි,
බමුණු ආරච්චි ශ්‍රීලාංන්කික ලක්ෂ ගානක් අපි වැඩ කරන්නේ විදේශ වල ? විවුර්ත ආර්ථිකය එම රටේ අයගේ උනන්දුව වැඩි කරන දැනුම බෙදා ගැනීමයි දියුණුව. (ර)
නදී විභාග කෙරුවට මදි සමත් වන්නත් ඕනි, ඔය මහා මාර්ග අවහිර කරලා මහජනයාට පීඩා කරලා රටේ ආර්ථිකයත් අඩාල වන විදියට උද්ගොසනය කලාම රැකියා මංපෙත් විවර වනවා නේද නදී. (ර)
උපාධිධාරීන්ට රැකියා දෙන්න රජය බැඳිලා නැහැ (නි)
උද්ගෝෂණය දැන් කෝකටත් තෛලය වෙලා වගේ. මේක මහා පුදුම රටක්. තව ටික දවසකින් අවිවාහක අයත් උත්ගොෂණය කරයිද දන්නේ නැහැ මනාලයා මනාලිය හොයල දෙන්න කියල. ගිහින් පත්තරේ බලල, ඉන්ටෙර්නෙට් එක බලල ඉල්ලුම් පත්තරයක් දාල රස්සාවක් හොයා ගන්න අපි කෙරුව වගේ. නිකන් අපේ රටේ මිනිස්සුන්ගේ කාලේ කන්නේ නැතිව (බ)
රුවන්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මොන කරුමයක්ද මන්ද . මුන්ට උපාධිකාරයෝ පෙන්නන බැහැ. 88/89 සහ අද. එදා කීදෙනෙක් මැරුවද . රැකියා නැතිව කොතරම් දුක් වින්දද. රුපියල් 2500 ට කිහිප දෙනෙකුට ප්‍රදේශීය සභාවල කුරුටු ගාන්න දුන්නද. (බ)
අනුර, තමුන් රවී මහත්තයාගේ නෑයෙක්ද? (බ)
අන්න අධ්‍යාපන පරිපාලන, රාජ්‍ය පරිපාලන සේවයට අයදුම්පත් කැඳවනවා. හැබැයි සාමන්‍ය දැනීම, බුද්ධි පරීක්‍ෂණය විභාගයක් තියනවා. (ම)
කෝ අර දෙනවා කියලා පහුගිය කාලවල කෑ ගහපු රැකියා දස ලක්ෂය? (නි)
මහජන මුදලින් අන්තිමට මජනයටම පහර දෙනවා (ම)