රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කිරීම ඇතුළු චෝදනා නවයක් ලබා සිටි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 11 දෙනකු ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද නියෝග කළාය.

නීති විරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයන් වී පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායක යුවළ පදිංචි නිවසට 2000 වසරේ ජනවාරි 24 වැනි දා කඩා වැදී ඔවුනට අඩත්තේට්ටම් සිදු කර රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වටිනා රන් ආභරණ සහ රුපියල් තිස්පන් ලක්ෂයක් වටිනා ජීප් රථයක් ද පැහැරගෙන යාම ඇතුළු චෝදනා නවයක් නීතිපතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් සාමාජිකයන් 11 දෙනාට එරෙහිව ගොනු කර ඇත.

පසුගිය මැයි 20 වැනිදා පැමිණිල්ලේ සාක්කි විභාග කර අවසන් වූ අතර මේ අඩුවේ තීන්දුව ලබන 24 වැනිදා ලබා දීමට නියමිතය.