රූකාන්ත චන්ද්‍රලේඛා නඩුවේ තුන් වැනි සැකකරු නොපැමිණිම නිසා නඩු තීන්දුව අගොස්තු පළමුවැනිදාට කල් තබන බව පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මිය මින් මොහොතකට පෙර ප්‍රකාශ කළාය.
චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනපති සමයේ ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ බන්දුල මදුෂාන් කුමාර, ඩබ්ලිව් ඩි නිහාල් විජේසිරි, ලෙස්ලි චන්ද්‍රසිරි ,කේ කේ කරුණාසේන ජයලත්, අතුල සේනාරත්න,පී ඩී ඩී සෝමරත්න ,රතු හැලඹගේ ධර්මසිරි ,බී ලලින්ද රාජරත්න,ඉෂාන් සම්පත් රණසිංහ, ආරච්චිගේ උපාලි ආරියදාස නඩුවට පෙනී සිටියහ.
තෙවැනි විත්තිකරු වන එම් කේ සරත්කුමාර රූපසිංහ අසනිප වී රෝහල් ගත කීරිම හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය ඉෂ්ට වෙනකොට මේ සැකකරුවෝ වයසට ගිහින් තියෙයි. කරුණාකර වැඩිපුර නඩුකාරවරු පත්කර හෝ මේ නඩු ඉක්මන් කිරීමේ ක්‍රියා පටිපාටියකට එන්න. නැත්නම් අපේ අධිකරණ පද්ධතිය අඩාල වේවි. ලෝකයේ දියුණු රටවල උසාවි වල නඩුකාරයන් කිහිප දෙනෙක් ඉන්නවා. එම නිසා එකම වෙලාවට වෙන වෙනම් නඩු කිහිපයක් ඇසිය හැකියි. එවැනි ක්‍රම ලංකාවේ අනුගමනය නොකරන්නේ ඇයි? (නි)
තීන්දුව දෙන දවසට එක එක්කෙනා මේ විදියට අසනීප වුනොත් කවදාවත් මේ තීන්දුව දෙන්න වෙන්නේ නැහැනේ. ලැබෙන දඩුවම මොකක්ද කියලා කලින්ම දැනිලා ඇති ඒකයි අසනීප වෙන්න ඇත්තේ.(නදී)
ලංකාවේ අධිකරණ මගින් දඩුවම් ඉක්මන් කළ හැක්කේ නම් මැනවි. (නි)
කවුරුත් දැන ගන්න ඕනෑ තමන්ටත් බලය නැති කාලයක් එනවා කියලා (නි)
අවුරුදු 20ක් වත් හිරේ යා යුතුයි යන්න මගේ බලාපොරොත්තුව. (අ)
අවුරුදු කීයක්ද මේ නඩුවට? (නි)
දැන් ඉතින් ගැටළුව හුගක් දුරට විසදිලානේ... (නි)
ලංකාවේ නඩු හැමදාම කල්යනවා. එමනිසා සාධාරණය ඉෂ්ට වෙන්නත් කල්යනවා (නි)