ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ කෝටියක් සිටුවීමේ වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයෙන් අද (21) ආරම්භ කැරිණි.
කන්තලේ වන රක්ෂිතයේ කළුවර පැළයක් සිටුවා රුක් රෝපණය සංකේතවත් කළ ජනපති පාසල් දරුවන්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකායේ හෙක්ටයාර් දෙකක පැළ 2000 ක් සිටුවීමේ වැඩසටහනට ද එක්විය.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු එයට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝට් ගලෝල නේද ඕව පටන් ගන්න ඕනේ (අ)
පැල දහස් ගාණක් ගන්න තිබුනා මේ බෝඩ් ලෑල්ල ගහන්න යන වියදමෙන්! (නි)
ඔතනට රිෂාඩ් බදියුර්දීන් ඇමතිතුමාවත් ගෙන්නගන්න එපැයි. වන සංරක්ෂණයටම උපන් කෙනෙක්නේ. (නි)
ඉතා වටිනා ක්‍රියාවක්. ඒ වගේම තියෙන ගස් ටික දේශපාලුවන්ගෙන් බේරාගැනීම ඊටත් වැඩිය වැදගත් (නි)
විල්පතුව හොඳයි වැඩේට (නි)
මේවා පටන්අරන් විතරක් මදි. පවත්වාගෙන යන්නත් ඕනෑ (නි)
කොච්චර හිටෙව්වත් වැඩක් නැහැ, කපනවනේ. බොරු වැඩක්. පරිසරයට අාදරෙයි කියලා පෙන්වන්න හිටවනවා. නැගෙනහිර අක්කර දහස් ගණන් කපනවා, ඒවා පෙනෙන්නේ නැද්ද? (නි)
විල්පත්තුවෙන් පටන්ගත්තා නම් හරිනේ (නි)
අරහේ උතුර ගිනි ගන්නවා, විග්නේෂ්වරන් යු. කේ. ගිහින් රට ගිනි තියනවා. මෙයා වගේ වගක් නැතිව ගස් හිටෝ හිටෝ ඉන්නවා.(අ)