කොළඹ රා තැබෑරුම් බල ප‍්‍රදේශ පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් නිකුත් කළ ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන ලෙස ඉල්ලා කොළඹ සර්ව ආගමික නායකයින් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සඳහා ලබන 15 වැනි දා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (4) තීන්දු කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ප‍්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලීමට දින නියම විය.
කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි , කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂවර් කෝවිලේ පුජක සිවරාජා චන්ද්‍රකුමාර් , සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු ආගමික නායකයෝ මෙම පෙත්සම ගොනු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රා තැබෑරුම් වලින් පහර වදින්නේ කසිප්පුකාරයින්ට සහ වයින් ස්ටෝස් හිමියන්ට (නි)
අපේ ගමේ තිබුන පිරිසිදු පොල් රා ව්‍යාපාරය නවතා දැම්මට පස්සේ හොඳ නැවුම් පිරිසිදු රා ටිකක් බොන්න ලැබුනෙම නැහැ. (නි)
රට පුරා රට බීම සාප්පු අරින්න ලොකු ලොක්කන්ට ලයිසන් ලැබෙනකොට නම් මේ ගොල්ලෝ විරෝධතා දක්වන්නේ නැහැ. අරක්කු බොන එක හොඳයි. රා බොන එක පාපයක් වෙන්න ඇති! (නි)