IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති

ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, දිනෙන් දින ඔඩුදුවන ඊශ්‍රායල ඉරාන ගැටුම සම්බන්ධයෙනි.

ඉරාන රජයේ ඉහළ ප්‍රධානීන් සහ යුරෝපා බටහිර රටවල විදේශ අමාත්‍යවරුන් එකිනෙකා හමුවෙමින් සාකච්ඡා පැවැත්වූයේ හටගත් අර්බුදය කඩිනමින් අවසන් කළ යුතු ආකාරය පිළිබඳවය.

ඉරාන රජයේ නිලධාරීන් කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිය. ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වූයේ, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරෝ, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වේඩ්ෆුල් සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කායා කැලස්ය.

මේ වනවිට එම ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මැදිහත් වී සිටින අතර, ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට පහර දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සති දෙකකින් තීන්දුවක් ගන්නා බවය.

ඉරානයට මේ ආකාරයෙන් සති දෙකක් ලබා දීම සම්බන්දයෙන් ඊශ්‍රායලය කනස්සල්ල පළ කර ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

යුරෝපා විදෙස් ඇමැතිවරු ඉරාන නිලධාරීහු හමුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2024 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 634 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 714 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site