(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.
යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වේ.
සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර ඇත.
නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නොමැත.
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්
ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.
මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යුක්රේන ජනපති රුසියානු අපරාධකරුවන්ගේ ලැයිස්තුවට
Rohana Sunday, 05 May 2024 07:46 PM
වරද රුසියාවට පක්ෂපාතී නොවීමනෙ. කෙසේවෙතත් රුසියාව සමඟ යුද්ධයට පැටලුන සෙලෙන්ස්කි මෝඩයෙක් නෙවෙයිද? යුක්රේනයට වෙලා තියෙන විනාශයෙන් කවදා කවදා ගැලවෙන්නද කියල හිතාගන්නත් අමාරුයි.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 05 May 2024 10:15 PM
රුසියාවේ ඒකාධිපති, මිනීමරු පුටින්ගේ රජය අපේ මහදැනමුත්තා ගත් තීරණ වලටත් වඩා, මුළු ලෝකයම හාස්‍යයට බඳුන් කරන තීරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහු විසින් වසර දෙකකටත් වඩා ඉහත දී අසල්වැසි, සාමකාමී රටක් වූ යුක්රේනය සිය අවි බලයෙන් සතියකින් අල්ලා ගන්නා බවට වහසිබස් දොඩවමින් ආක්‍රමණය කළ හැටි ලෝකයට අමතක නැත. 150 000 කට වැඩි රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාවක්, සිය මව්රට බේරා ගැනීමට සටන් වැදි අභීත යුක්රේන හමුදාවට බිලිදී, දහස් ගණන් අහිංසක යුක්රේන සිවිල් වැසියන් අමු අමුවේ සමූල ඝාතනය කර, විශාල දෙපල රැසක් සිය බොම්බ මගින් විනාශ කරපු පුටින් උන්මත්තකයා... සිය මව්රට, පුටින් ත්‍රස්තවාදියාගෙන් බේරාගැනීමට සටන් වැදි වොලොඩොමියර් සෙලෙන්ස්කි. "රුසියානු අපරාධකරුවන්ගේ" ලැයිස්තුවට එකතු කිරීම මොහුගේ පාක්ෂිකයින් පවා සමච්චලයට පත්කර, හෙලා දැක ඇත... මෙවැනි දරුණු අපරාධකාරී උන්මත්තකයින් (පාලකයින්) සමස්ත ලෝක සාමයටම තර්ජනයක් නොවේද?