IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලනිකරණය වෙලා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව යටතේ යුක්තිය පසඳලීමට අදාළ මූලික විමර්ශන කරන ආයතන දේශපාලනිකරණයක් පිළිබඳව සමාජය තුළ ඉතාම පළල් සංවාදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (15) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී සංජීව එදිරිමාන්න මහතා එසේ පැවසීය.    

හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න මහතා ඇතුලුව ඇතැම් රණවිරුවන් සම්බන්ධයෙන් වන යම් යම්  සිදුවීම් සියල්ල එක පෙළට රැගෙන නිරීක්ෂණය කිරීමේදී කිසියම් බාහිර පාර්ශවයක් තෘප්තිමත්භාවයට පත්කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවක් පෙණෙන බවත් එන්.පී.පී. දේශපාලන වේදිකාවෙන් සීඅයිඩියට කියන මේ ආණ්ඩුවේ පත්කිරීම් නාටකයත් එක්ක මේ ප්‍රශ්නය මුලින්ම සාකච්ඡාවට ලක්වූ බවත් ඒ මහතා කීය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් උළුගේතැන්න මහතාගේ සිද්ධියට අදාළවත් මූලික සාක්ෂි විමර්ශනයේදී යම් අනීතිකභාවයන් නිරීක්ෂණය වන්නේ යැයි යළි සාකච්ඡාවට පැමිණි බව කී එදිරිමාන්න මහතා මේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ මූලික විමර්ශන ආයතන දේශපාලනික න්‍යාය පත්‍රයකට අනුව හෝ වෙනත් කිසියම් බාහිර පාර්ශවයක වුවමනාවකට වැඩකරන බවක් මෙහිදි යළි නිරීක්ෂණය වන බව ද සඳහන් කළේය.

පසුගිය ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකා රජය ඡන්ද විමසීමක් ඉල්ලීමකින් තොරව එය සම්මත වීමට ඉඩහැරීම, ඒ වගේම යුද්ධය මෙහෙයවපු සේනාධි නායකයා නිල නිවසින්  බැහැරට ගැනීම, හිටපු නාවික හමුදාපතිවරයා ද  ඇතුලුව ඇතැම් රණවිරුවන් සම්බන්ධයෙන් සිදුවෙන යම් යම්  සිදුවීම් එක පෙළට ගෙන නිරීක්ෂණය කරද්දි එම තත්වය නිරීක්‍ෂණය වන බව ද එ මහතා කීය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කොටි සැමරුම් පිළිබඳව යම් යම් ස්ථානවල සිද්ධි වාර්තා වුණා කියලා නිතිය හා සාමය ඇමති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ද ඒ කිසිවක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණ ද එක සිද්ධියක් පිළිබඳව සමාජ මාධ්‍ය තොරතුරක් දැම්මේ යැයි චෝදනාවට සමහරුන් අත්තඩංගුවට ගත් බව ද එදිරිමාන්න මහතා සඳහන් කළේය.  

ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව සහ ඔවුන්ගේ මූලික දේශපාලන දෘෂ්ටිවාදය ඓතිහාසිකව තිබුණේ කොතනද යන්න නොදන්නවා වුවද ඔවුන් පෞද්ගලික ව්‍යවාසයකත්වය සම්බන්ධව විරෝධාකල්පයක, ජත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ගණුදෙනුවලට එළඹීම  පිළිබඳව විරෝධයක, විදේශ ණය සම්බන්ධයෙන් විරෝධයක, ආයෝජකයන් සහ පෞද්ගලිකරණයට අදාළව බරපතල විරෝධයක, රාජ්‍ය  සම්පත් සුරැකීමේ සටනේ අයිතිකාරයෝ හැටියට දේශපාලන කළේ යැයි සියලු දෙනා දන්නා බවත්  නමුත් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා රත්නපුරේ රැස්වීමේදී එතනින් එහා ගිය ධනවාදයේ එහා කොනටත් මේ ආණ්ඩුව  යන්න ලෑස්ති වගේ කථාවක් කළ බවත් සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඡන්දය දීපු සහ නොදීපු සියලුදෙනාගේ දැනගැනීම පිණිස එන්පීපී ආණ්ඩුවේ  ආර්ථික මොඩරය යැයි පැහැදිලි කිරීමේ යුතුකමක් ආණ්ඩුවට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දේශපාලනිකරණය වෙලා

බයියන්ට පොරක් Wednesday, 15 October 2025 05:27 PM

අවුරුදු කුමාරි තරඟ තෝරන අය දේශපාලනේට කොස් කොටන්නද?

:       0       17

ගුණරත්න Wednesday, 15 October 2025 06:04 PM

ආණ්ඩුව කරන්නේ ඇරියස් කවර් කිරීමක්, ඔවුන් කරන වැඩකුත් නැහැනේ... ඉතින් හැම සතියක් ගානේම නාට්‍ය හදාගෙන ඒවා විකුණන එක තමයි කරන්නේ... අන්තිමේ බලනකොට වටිනා කාලය නිකම්ම වැයකරලා ඉවරයි. මේ ආණ්ඩුවේ ආයු කාලෙන් පහෙන් පංගුවක් දැන් ඉවරයි. ඒත් මොනවාද කලේ, ත්‍රිපෝෂ කඩ දාන එක, රිලව් ගණන් කරන එක...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 784 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 913 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site