IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යාපනය තිස්ස විහාරය ඉදිරිපිට නොසන්සුන් :5ක් අත්අඩංගුවට

(  සිතුම් චතුරංග)

යාපනය, කන්කසන්තුරය, තිස්ස රාජමහ විහාරය ඉවත්කර එහි ඉඩම් සිවිල් ජනතාවට ලබාදෙන ලෙස විහාරස්ථානය   ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර නොසන්සුන්ව හැසිරුණු විරෝධතාකරුවන් පස්දෙනකු අද( 21) අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.

තිස්ස රාජමහ විහාරයට අයත් සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙසට බලකරමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රී දරන් මහතා ඇතුළු පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

විහාර භූමියට ඇතුළුවීම සඳහා විරෝධතාකරුවන් උත්සහ කිරීමේදී පොලිසිය එය වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන් තත්වයක් හටගැනීමත් සමඟ යාපනය හින්දු පූජකවරයකු වන වේලන් සාමි ඇතුළු පස්දෙනකු පොලිසිය අත්අඩංගුවටගන තිබේ.  

 



අදහස් (2)

යාපනය තිස්ස විහාරය ඉදිරිපිට නොසන්සුන් :5ක් අත්අඩංගුවට

අංජ. වි. Sunday, 21 December 2025 04:11 PM

තමන්ට කැමති විදිහේ විරෝධතා දක්වන්න. නීති කඩන්න එපා. කැඩුවොත් අත්අඩංගුවේ. මෙහෙම රටක් තමයි අපිට ඕන කරන්නේ. නීතිය සැමට සාධාරණව, සමව....

:       0       2

AMILA Sunday, 21 December 2025 04:35 PM

'ජාතික ආරක්ෂාව අනතුරේ 'නාට්‍ය ආණ්ඩුව ඉවරෙටම ඉවර කරාට පස්සේ 'ජාතිය ආගම අනතුරේ' නාට්‍ය ඔන්න ආයෙත් පටන් අරගෙන...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 256 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site