IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළි අධික වැසි ඇති වීමත් සමඟ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතකට  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් රතු නිවේන නිකුත් කර ඇති අතර තවත්  දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කාට්ඨාස  19 කට දෙවන මට්ටමේ  නිවේදනය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32 කට පළමු මට්ටමේ අවවාදාත්මක නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අද (18) අලුයම නිකුත් කර තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව උඩදුම්බර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ නුවරඑළිය  දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්, මතුරට සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත සඳහා තෙවන මට්ටමේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කර ඇත.

එයට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, යටිනුවර,පන්විල, ගඟවට කෝරළය,උඩුනුවර, පස්බාගේ කෝළය,හාරිස්පත්තුව තුම්පනේ,පාතදුම්බර, අකුරණ,හතරලියද්ද, දෙල්තොට,පූජාපිටිය, මිනිපේ,උඩපළාත, ගඟඉහළ කෝරළය, සහ කුණ්ඩසාලේ,  කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට දෙවන  මට්ටමේ නිවේදනයද නිකුත්  කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හාලිඇල,බදුල්ල,මී ගහකිවුල, හල්දුම්මුල්ල,කන්දකැටිය, පස්සර,සොරණාතොට , ඇල්ල,වැලිමඩ, ලුණුගල,හපුතලේ සහ බණ්ඩාරවෙල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, මල්ලවපිටිය,සහ මාවතගම  මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ රත්තොට, නාවුල,පල්ලේපොළ උකුවෙල,යටවත්ත, අඹන්ගඟ කෝරළය,ලග්ගල පල්ලේගම සහ විල්ගමුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹන්ඟග කෝරළය, තලවකැලේ, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටිමේ නිවේදනය ද නිකත් තර තිබේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 18 වනදා අළුයම නිකුත් කර ඇති මෙම  අනතුරු ඇඟවීමේ නිවේදනය අද 19 වනදා අළුයම   දක්වා බල පැවැත්වෙන  බවත්  එම සංවිධානය කියයි.

තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති මෙම  ප්‍රදේශවලට පසුගිය පැය 24 කාලය තුල මිලි මිටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්  වර්ෂාව තව දුරටත් පවතී නම් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යා යුතු බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තව දුරටත් කියයි. දෙවන මට්ටමේ  නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට පසුගිය පැය 24 තුල මිලි මීටර් 100 ඉක්මවූ සහ පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍ර දේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක්ද ලැබී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (1)

යළි නාය අවදානම් නිවේදන නිකුත් කරයි

BBC Thursday, 18 December 2025 10:34 AM

මෙහෙම තියෙද්දී නේද පොඩි හනුම නාය ගියපු ප්‍රදේශ වල අවතැන් වුනු ජනතාව දවසෙන් දෙකෙන් පදිංචි කරන්න කියන්නේ .කඳවුරු වලට ගිහින් ඒ මිනිස්සු අවුස්සන්න වොයිස් කට් දෙන්නේ .NBRO ඕනේ නැහැ, නාමල් ට සහතික දෙන්න පුළුවන් නම් පදිංචි කරමු. හරි නැහැ නේ . මේ ව්‍යසනයේ ස්වභාවය වත් තේරෙන්නේ නැති එකෙක් රජ වෙන්න සිහින මවනවා නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site