ගාල්ල ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගත් නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට යැව්වේ දුර දිග සිතා බැලීමෙන් පසුව බව මහේල ජයවර්ධන පවසයි. පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 209 කින් ජයගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායකයා මේ බව ප‍්‍රකාශ කර සිටියේය.
ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පෙරේදා (25 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472 ක් ලබාගත්තේය. පාකිස්තානු පිලේ පළමු ඉනිම ලකුණු 100 කට සීමා කරමින් ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටි නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී නැවතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට පිවිසීම බොහෝ දෙනාගේ විමතියට කාරණයක් විය.
පාකිස්තානු පළමු ඉනිම නිමා වූයේ තරගයේ තුන්වැනි දිනයේ තේ පානයට පොරතුවය. ඒ වන විටත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තත්ත්වයෙන් විය.
එවන් තත්ත්වයකදී පාකිස්තානු පිතිකරුවන් නැවතත් පිටියට යැවීම සිය ප‍්‍රතිවාදීන්ට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ආරාධනා කිරීමකි. එහෙත් ශී‍්‍ර ලංකා නායකයාගේ තීරණයට හේතුව එය පමණක් නොවේ.
-අපට තවත් බොහෝ දේ සිතන්න තිබුණා”
-අපේ පන්දු යවන්නන් ඒ වන විටත් ඕවර 60 ක් යවා තිබුණා. ඒ අවස්ථාවේදී පාකිස්තානු පිල නැවතත් පන්දුවට පහර දීමට යැව්වා නම්, අපේ පන්දු යවන්නන්ට තවත් සැසි (විවේකයන් අතර කී‍්‍රඩාව පැවැත්වෙන කාලය. මෙවන් සැසියක කාලය පැය දෙකකි.) තුනක් හෝ හතරක් පන්දු යවන්නට වෙනවා” යයි මහේල ජයවර්ධන පැවසීය.
එසේ පිට පිටම පන්දු යැවීමට තම කී‍්‍රඩකයන් යොදා ගත්තා නම් පාකිස්තානු මුල් ඉනිමේදී ලද උත්සාහයම නැවතත් ලබාගත හැකිද යන්නත් තරමක ප‍්‍රශ්නයක්ව තිබූ බවත් හෙතෙම පැවසීය.
-කුලසේකර වගේ කෙනෙක් එක දිගට එක්දින තරග 5 ක් කී‍්‍රඩා කිරීමෙන් පසුවයි මේ තරගයට ආවේ”
-ඇරත් ඒ වන විටත් තරගයේ ගෙවී ගොස් තිබුණේ දින දෙක හමාරක් පමණයි. ඒ නිසා පන්දුවට පහරදීමට වඩාත් සුදුසු තණතීරුවක අපේ පිතිකරුවන් ප‍්‍රයෝජන ගැනීම වඩාත් යෝග්‍යයි කියා මා සිතුවා”
-අපට ඕනෑ කළේ පාකිස්තානු පිලට ළ`ගා වීමට නොහැකි ඉසව්වක් කරා තරගය ඇදගෙන ගිහින් අපේ පන්දු යවන්නන්ට හොඳ විවේකයක් දීමටයි” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
-පිට පිටම පන්දුවට පහර දෙන්න පාකිස්තානු පිල යැවීම පහසුයි. ඒත් අප වඩාත් දුරදිග හිතා බලා කටයුතු කරන්න ඕනෑ” යයිද හෙතෙම පැවසීය.
තරගයේ දින ගෙවී යත්ම තණතීරුව වඩ වඩාත් මන්දගාමී වන්නට විය. එහි ලකුණු ලබාගැනීම අසීරු වූ නමුත් කඩුල්ල රැකගෙන ඉඳීමේ හැකියාව තිබිණ.
-ඒ තිබුණ තත්ත්වය අනුව ඕනෑම කෙනෙක් හිතන්නේ ඉතිරි කඩුලූ ටික දවාගෙන තරගය ඉවර කරලා දාන එක ගැනයි. ඒත් පකිස්තානු පිිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා”
-අපේ පන්දු යවන්නන්ට බොහෝ මහන්සි වී කටයුතු කරන්නට සිදුවුණා. කොහොම වුණත්, තරගය ආරම්භ වීමට පෙර අප කළ සැලසුම් සියල්ලම එලෙසින්ම කි‍්‍රයාවට න`ගන්නට හැකිවූ නිසා තරගය ජයගත හැකිවුණා” යයිද මහේල පැවසීය.
පසුගිය මාර්තු මාසයේදී එංගලන්ත පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් නමුත් කොළඹදී පැවති දෙවැනි තරගය පරාජය වීම නිසා ශී‍්‍ර ලංකා පිලට තරගාවලිය ජයගත නොහැකි විය. එහෙත් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළේ පෙර පැවැති තරග දෙකටම වඩා ඉදිරියට යමිනි.
-පන්දවට පහර දීමේදී පැහැදිළි ලෙසින්ම දියුණුවක් තිබුණා”
-ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තා. ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තාම ඔහු අපව ඉතාමත් හොඳ ස්ථානයකට ගෙනෙනවා. මොකද ඔහු වේගයෙන් ලකුණු ලබාගන්නා නිසා”
-කුමාර් සුපුරුදු පරිදි විශාල ඉනිමක් කී‍්‍රඩා කළා. ඒත් කලින් තිබුණේ ලබාගන්නා හොඳ ආරම්භයන් අපට ඉදිරියට ගෙන යාමට නොහැකි කමයි. දැන් ඒ දුර්වලකමින් මිදිලා තිබෙනවා” යයි පැවසූ මහේල සුරාජ් රන්දිව්ගේ පන්දු යැවීම එංගලන්ත තරගයේදී කළ පන්දු යැවීමට වඩා බොහෝ ඉදිරියෙන් වූ බවද ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදීත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය තිබුණානම් වඩාත් යෝග්‍ය බව පැවසීමටද හෙතෙම අමතක නොකළේය.
-මා කවදත් විතීවි ක‍්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත් පහසුවක්” යයිද මහේල පැවසීය.
ගාල්ල ටෙස්ට් තරගය විනිශ්චය කළ ස්ටීව් ඬේවිස් ( ඕස්ටේ‍්‍රලියාව) සහ ඉයන් ගෝල්ඞ් (එංගලන්තය) විනිසුරුවරුන් දෙදෙනාගේ තීරණ විශාල ප‍්‍රමාණයක් මතභේදයට තුඩුදුන් අතර විතීවි ක‍්‍රමවේදය නොතිබීම නිසා වැරදි තීරණ රැසක් සමගින් තරගය කරගෙන යාමට දෙපිලේම නායකයන්ට සිදුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ පෙරේරා කියන්නේ ........පළපුරුදු ..ජ්‍යෙශ්ඨ ..නවකයෙක් ....???????
මම එනඟ නෑ මහේලගේ තීරණයට.මොකද බැරිවෙලාවත් වැස්සනම් ඔක්කොම ඉවරයි....
මමත් මහේලට එකගයි.මොකද බැරි වෙලාවත් වැස්ස නම් එහෙම සේරම ඉවරයිනේ
නියමයි අපේ කොල්ලෝ ටිකට සුබ පැතුම් ..ගීත ඩුබා
විශිෂ්ටයි මහේල. හොද තීරණයක්
සුපිරි නායකයා ඔබ,, අපි අගය කරනවා මයියා
මහේල නායකයා අපේ ලංකාවට ලැබුන දායාදයක් .., එකයි මහේල ඔයාට නැවත නායක කම හිමි උනේ .., '' ජය ජය ජය නියතයි ලංකා .., ජයවර්දෙන අපි ඔබ සමගයි සැමදා.., දිනේ දිනේ ලොව සැමදා මගේ මව් බිම .., ශ්‍රී ලංකා ...''
ලංකාවේ වාසනාවකට මහේල අයියා ටීම් එක භාර ගෙන ලංකාවට කර සේවය අගය කර යුතුයි....
මටත් හරිම සතුටුයි දැන් අපේ කණ්ඩායම ගැන මහේල ගොඩක් හොද නායකයෙක් මගේ සුබ පැතුම් .
ඇත්තටම ඔබ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නවකයෙක්.ඔබට අපේ සුභ පැතුම්!
මහේලගේ නායකත්වය හරි ඉහලයි.....
ඔය තීරණය මුලින්ම ගත්තේ අතපත්තු .ඒත් මේ තීරණයෙන් සතුටු වෙන්න බෑ..අපරාදේ ඉනින්ස් වලින් දිනන්න තිබ්බේ...
තරගය ජය ගැනීමට හේතු උනේ මහේලගේ නායකත්වය විතරක් නොවෙයි. සියලුම ක්‍රීඩකයන් සමග ඇති ඔහුගේ මිත්‍ර ශිලත්වය සහ බොරු සෝබන නැති මහේලගේ අවංක කම නිසයි .
බොහෝ දුර දිග සිතනකොට ...බුකිකාරයෝ ගැනත් හිතුවද දන්නේ ..නේද
සුභ පතනවා ඊලග තරග දෙකට
නියම කණ්ඩායම් වැඩක්
මම සුභ පතනවා!
මම සුබ පතනවා ඉදිරියටම මේ ආකාරයට යන්න ලැබේවා.
චමි , ක්‍රිකට් ඉතිහාසයේ කිසිම තරගයක් දෙවනුව පන්දුවට පහරදී ලකුණු 500 සිමාව ඉක්මවා ගිහින් ජයග්‍රහණය කරලා නැහැ .
නියමයි අනේ
ඔබ හොඳ නායකයෙක්...
හේල, ඉතුරු තරගත් ඔය රිද්මයෙන්ම ගෙනියමු
ඔබ හොඳ නායකයෙක්, ඔබේ තීරණය හරි..අපේ ක්‍රිකටි ක්‍රීඩාවට සුභ පැතුම්
නියමයි මහේල අයියා......................
ලංකාවට ඉම්රාන් ඛාන් වගේ නායකයකු අවශ්‍ය වෙලාවක ඔබ පැමිණීම අපට විශාල ශක්තියකි. අපට අත ළඟටම දෙවතාවක්ම ආපු ලෝක කුසලානය 2015 දී ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා!
නියම නායකයෙක්, අනිත් මැච් 2 කත් දිනමු...
තීරණය හරී කියල කියන්න බැහැමොකද පකිස්තානුවන් 2 වෙනි ඉනිම හොද සම්බන්ද තා 2 ගෙනවානම් ලංකාව නිසැකවම පරදිනවා අඩුම තරමේ ඩ්‍රෝ කරගන්නවත් බැරිවෙනවා. දවස් 2 ක් ම තිබුනා ලකුණු 526 ගහන්න
මම මහේලගේ තීරණයත් සමග එකග වෙනවා........ ඉතිරි ටෙස්ට් තරග 2ත් මීටත් වඩා හොදින් ක්‍රීඩා කර තරගාවලිය ජය ගන්න
මහේල ඔයා නියම නායකයෙක්....දිල්ශාන්, සංගා,කළු,රන්දිව්.......
මහේල ඔයා නියම නායකයෙක් ......
මහේලගේ ලොව මවිත කළ උගුලට පකිස්තානුවන් අහුවුණා
මහේල දක්ෂයි....හොඳ නායකයෙක්....ටීම් එකටම සුභ පැතුම්.
චාමි,ක්‍රිකට් ගැන මුකුත් හරිහැටි නොදැන ඔහොම කතා කරන්න එපා
නියමයි...සියළුම ක්‍රීඩකයන්ට අපේ සුභ පැතුම්....
සංගා... නියමයි මහේල නියම නායකයා...ජය වේවා !!
මහේල,ඔබ ලංකා කණ්ඩායම ඉතා පහළ අඩියක සිට ඉහළට රැගෙන ආවා.සුභ පැතුම්!
මහේල ලංකාවට තෑග්ගක්.....
මේ තීරණයෙන් වැඩිපුර හොයා ගත්තේ බුකී කාරයෝ.....අපි නොදන්න චෙස්....
චාමි, ඔයා ක්‍රිකට් ගහලා තියෙනවද?ක්‍රිකට් වල ජය පැරදුම අවිනිශ්චිතයි.මහේල භාවිතා කළේ හොදම උපක්‍රමය
චාම්.. ඔයා ක්‍රිකට් ගෑන දන්න තරම් තමයි ඔය. අනික 510 ගහන්න තිබ්බෙ. මෑච් එක බලලා කතා කරන්න. ටෙස්ට් මෑච් වල 510ක් එලවලා ගහන්න අමාරුයි දවස් 2කින්.