ගාල්ල ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම ලකුණු 100 කට දවාගත් නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට යැව්වේ දුර දිග සිතා බැලීමෙන් පසුව බව මහේල ජයවර්ධන පවසයි. පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 209 කින් ජයගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශී‍්‍ර ලංකා නායකයා මේ බව ප‍්‍රකාශ කර සිටියේය.
ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පෙරේදා (25 වැනිදා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 472 ක් ලබාගත්තේය. පාකිස්තානු පිලේ පළමු ඉනිම ලකුණු 100 කට සීමා කරමින් ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිමේදී ලකුණු 372 ක් ඉදිරියෙන් සිටි නමුත් පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානුවන්ට නොදී නැවතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් පිටියට පිවිසීම බොහෝ දෙනාගේ විමතියට කාරණයක් විය.
පාකිස්තානු පළමු ඉනිම නිමා වූයේ තරගයේ තුන්වැනි දිනයේ තේ පානයට පොරතුවය. ඒ වන විටත් තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තත්ත්වයෙන් විය.
එවන් තත්ත්වයකදී පාකිස්තානු පිතිකරුවන් නැවතත් පිටියට යැවීම සිය ප‍්‍රතිවාදීන්ට වැඩිපුර ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට ආරාධනා කිරීමකි. එහෙත් ශී‍්‍ර ලංකා නායකයාගේ තීරණයට හේතුව එය පමණක් නොවේ.
-අපට තවත් බොහෝ දේ සිතන්න තිබුණා”
-අපේ පන්දු යවන්නන් ඒ වන විටත් ඕවර 60 ක් යවා තිබුණා. ඒ අවස්ථාවේදී පාකිස්තානු පිල නැවතත් පන්දුවට පහර දීමට යැව්වා නම්, අපේ පන්දු යවන්නන්ට තවත් සැසි (විවේකයන් අතර කී‍්‍රඩාව පැවැත්වෙන කාලය. මෙවන් සැසියක කාලය පැය දෙකකි.) තුනක් හෝ හතරක් පන්දු යවන්නට වෙනවා” යයි මහේල ජයවර්ධන පැවසීය.
එසේ පිට පිටම පන්දු යැවීමට තම කී‍්‍රඩකයන් යොදා ගත්තා නම් පාකිස්තානු මුල් ඉනිමේදී ලද උත්සාහයම නැවතත් ලබාගත හැකිද යන්නත් තරමක ප‍්‍රශ්නයක්ව තිබූ බවත් හෙතෙම පැවසීය.
-කුලසේකර වගේ කෙනෙක් එක දිගට එක්දින තරග 5 ක් කී‍්‍රඩා කිරීමෙන් පසුවයි මේ තරගයට ආවේ”
-ඇරත් ඒ වන විටත් තරගයේ ගෙවී ගොස් තිබුණේ දින දෙක හමාරක් පමණයි. ඒ නිසා පන්දුවට පහරදීමට වඩාත් සුදුසු තණතීරුවක අපේ පිතිකරුවන් ප‍්‍රයෝජන ගැනීම වඩාත් යෝග්‍යයි කියා මා සිතුවා”
-අපට ඕනෑ කළේ පාකිස්තානු පිලට ළ`ගා වීමට නොහැකි ඉසව්වක් කරා තරගය ඇදගෙන ගිහින් අපේ පන්දු යවන්නන්ට හොඳ විවේකයක් දීමටයි” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
-පිට පිටම පන්දුවට පහර දෙන්න පාකිස්තානු පිල යැවීම පහසුයි. ඒත් අප වඩාත් දුරදිග හිතා බලා කටයුතු කරන්න ඕනෑ” යයිද හෙතෙම පැවසීය.
තරගයේ දින ගෙවී යත්ම තණතීරුව වඩ වඩාත් මන්දගාමී වන්නට විය. එහි ලකුණු ලබාගැනීම අසීරු වූ නමුත් කඩුල්ල රැකගෙන ඉඳීමේ හැකියාව තිබිණ.
-ඒ තිබුණ තත්ත්වය අනුව ඕනෑම කෙනෙක් හිතන්නේ ඉතිරි කඩුලූ ටික දවාගෙන තරගය ඉවර කරලා දාන එක ගැනයි. ඒත් පකිස්තානු පිිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා”
-අපේ පන්දු යවන්නන්ට බොහෝ මහන්සි වී කටයුතු කරන්නට සිදුවුණා. කොහොම වුණත්, තරගය ආරම්භ වීමට පෙර අප කළ සැලසුම් සියල්ලම එලෙසින්ම කි‍්‍රයාවට න`ගන්නට හැකිවූ නිසා තරගය ජයගත හැකිවුණා” යයිද මහේල පැවසීය.
පසුගිය මාර්තු මාසයේදී එංගලන්ත පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය ජයගත් නමුත් කොළඹදී පැවති දෙවැනි තරගය පරාජය වීම නිසා ශී‍්‍ර ලංකා පිලට තරගාවලිය ජයගත නොහැකි විය. එහෙත් මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කී‍්‍රඩා කළේ පෙර පැවැති තරග දෙකටම වඩා ඉදිරියට යමිනි.
-පන්දවට පහර දීමේදී පැහැදිළි ලෙසින්ම දියුණුවක් තිබුණා”
-ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තා. ඩිල්ෂාන් ශතකයක් ලබාගත්තාම ඔහු අපව ඉතාමත් හොඳ ස්ථානයකට ගෙනෙනවා. මොකද ඔහු වේගයෙන් ලකුණු ලබාගන්නා නිසා”
-කුමාර් සුපුරුදු පරිදි විශාල ඉනිමක් කී‍්‍රඩා කළා. ඒත් කලින් තිබුණේ ලබාගන්නා හොඳ ආරම්භයන් අපට ඉදිරියට ගෙන යාමට නොහැකි කමයි. දැන් ඒ දුර්වලකමින් මිදිලා තිබෙනවා” යයි පැවසූ මහේල සුරාජ් රන්දිව්ගේ පන්දු යැවීම එංගලන්ත තරගයේදී කළ පන්දු යැවීමට වඩා බොහෝ ඉදිරියෙන් වූ බවද ප‍්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම තරගාවලියේදීත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය තිබුණානම් වඩාත් යෝග්‍ය බව පැවසීමටද හෙතෙම අමතක නොකළේය.
-මා කවදත් විතීවි ක‍්‍රමවේදයට කැමතියි. එය සෑම දෙනාටම නිවැරදි තීරණ වැඩි ප‍්‍රමාණයක් ලබාගැනීමට උපකාරී වෙනවා. එය විනිසුරුවරුන්ටත් පහසුවක්” යයිද මහේල පැවසීය.
ගාල්ල ටෙස්ට් තරගය විනිශ්චය කළ ස්ටීව් ඬේවිස් ( ඕස්ටේ‍්‍රලියාව) සහ ඉයන් ගෝල්ඞ් (එංගලන්තය) විනිසුරුවරුන් දෙදෙනාගේ තීරණ විශාල ප‍්‍රමාණයක් මතභේදයට තුඩුදුන් අතර විතීවි ක‍්‍රමවේදය නොතිබීම නිසා වැරදි තීරණ රැසක් සමගින් තරගය කරගෙන යාමට දෙපිලේම නායකයන්ට සිදුවිය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
යළි පන්දුවට පහර දීමට තීරණය කළේ බොහෝ දුරදිග සිතා බැලීමෙන් පසුවයි
සුදුමාටින් Thursday, 28 June 2012 12:45 PM
මොකක්ද මේ පෙරේරා කියන්නේ ........පළපුරුදු ..ජ්‍යෙශ්ඨ ..නවකයෙක් ....???????
ගිහාන් Wednesday, 27 June 2012 11:46 PM
මහේල නායකයා අපේ ලංකාවට ලැබුන දායාදයක් .., එකයි මහේල ඔයාට නැවත නායක කම හිමි උනේ .., '' ජය ජය ජය නියතයි ලංකා .., ජයවර්දෙන අපි ඔබ සමගයි සැමදා.., දිනේ දිනේ ලොව සැමදා මගේ මව් බිම .., ශ්‍රී ලංකා ...''
ජයසූරිය Thursday, 28 June 2012 12:50 PM
ඔය තීරණය මුලින්ම ගත්තේ අතපත්තු .ඒත් මේ තීරණයෙන් සතුටු වෙන්න බෑ..අපරාදේ ඉනින්ස් වලින් දිනන්න තිබ්බේ...
රෝෂණ Wednesday, 27 June 2012 03:59 PM
චාමි,ක්‍රිකට් ගැන මුකුත් හරිහැටි නොදැන ඔහොම කතා කරන්න එපා
බුද්ධික Thursday, 28 June 2012 12:14 AM
ලංකාවේ වාසනාවකට මහේල අයියා ටීම් එක භාර ගෙන ලංකාවට කර සේවය අගය කර යුතුයි....
කුරුවිට Wednesday, 27 June 2012 04:16 PM
නියමයි...සියළුම ක්‍රීඩකයන්ට අපේ සුභ පැතුම්....
සුමිත් Wednesday, 27 June 2012 03:56 PM
සංගා... නියමයි මහේල නියම නායකයා...ජය වේවා !!
අර්ජුන රණතුංග Thursday, 28 June 2012 01:36 AM
මටත් හරිම සතුටුයි දැන් අපේ කණ්ඩායම ගැන මහේල ගොඩක් හොද නායකයෙක් මගේ සුබ පැතුම් .
ඩෑම්-London Wednesday, 27 June 2012 04:45 PM
මහේල,ඔබ ලංකා කණ්ඩායම ඉතා පහළ අඩියක සිට ඉහළට රැගෙන ආවා.සුභ පැතුම්!
පෙරේරා Thursday, 28 June 2012 03:43 AM
ඇත්තටම ඔබ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නවකයෙක්.ඔබට අපේ සුභ පැතුම්!
යසා Wednesday, 27 June 2012 04:13 PM
මහේල ලංකාවට තෑග්ගක්.....
ඇමනුල්ලා Thursday, 28 June 2012 07:22 PM
නියම කණ්ඩායම් වැඩක්
කිරිමාටින් Wednesday, 27 June 2012 04:40 PM
මේ තීරණයෙන් වැඩිපුර හොයා ගත්තේ බුකී කාරයෝ.....අපි නොදන්න චෙස්....
අතපත්තු Wednesday, 27 June 2012 05:06 PM
චාමි, ඔයා ක්‍රිකට් ගහලා තියෙනවද?ක්‍රිකට් වල ජය පැරදුම අවිනිශ්චිතයි.මහේල භාවිතා කළේ හොදම උපක්‍රමය
සුනන්ද Thursday, 28 June 2012 08:48 PM
මම සුභ පතනවා!
සුනන්ද තුෂර් Thursday, 28 June 2012 08:49 PM
මම සුබ පතනවා ඉදිරියටම මේ ආකාරයට යන්න ලැබේවා.
මදුර Wednesday, 27 June 2012 05:31 PM
චාම්.. ඔයා ක්‍රිකට් ගෑන දන්න තරම් තමයි ඔය. අනික 510 ගහන්න තිබ්බෙ. මෑච් එක බලලා කතා කරන්න. ටෙස්ට් මෑච් වල 510ක් එලවලා ගහන්න අමාරුයි දවස් 2කින්.
කීර්ති Wednesday, 27 June 2012 06:52 PM
මහේලගේ නායකත්වය හරි ඉහලයි.....
අනුර සිල්වා Thursday, 28 June 2012 02:49 PM
තරගය ජය ගැනීමට හේතු උනේ මහේලගේ නායකත්වය විතරක් නොවෙයි. සියලුම ක්‍රීඩකයන් සමග ඇති ඔහුගේ මිත්‍ර ශිලත්වය සහ බොරු සෝබන නැති මහේලගේ අවංක කම නිසයි .
මිලී Wednesday, 27 June 2012 07:00 PM
මම එනඟ නෑ මහේලගේ තීරණයට.මොකද බැරිවෙලාවත් වැස්සනම් ඔක්කොම ඉවරයි....
මිලි Wednesday, 27 June 2012 06:21 PM
මමත් මහේලට එකගයි.මොකද බැරි වෙලාවත් වැස්ස නම් එහෙම සේරම ඉවරයිනේ
සුදුමටින් Thursday, 28 June 2012 03:42 PM
බොහෝ දුර දිග සිතනකොට ...බුකිකාරයෝ ගැනත් හිතුවද දන්නේ ..නේද
සාගා Thursday, 28 June 2012 11:02 PM
චමි , ක්‍රිකට් ඉතිහාසයේ කිසිම තරගයක් දෙවනුව පන්දුවට පහරදී ලකුණු 500 සිමාව ඉක්මවා ගිහින් ජයග්‍රහණය කරලා නැහැ .
අතපත්තු Wednesday, 27 June 2012 12:42 PM
මහේලගේ ලොව මවිත කළ උගුලට පකිස්තානුවන් අහුවුණා
සිසිර Wednesday, 27 June 2012 12:05 PM
හේල, ඉතුරු තරගත් ඔය රිද්මයෙන්ම ගෙනියමු
ඉෂාඩ් Wednesday, 27 June 2012 12:06 PM
ඔබ හොඳ නායකයෙක්, ඔබේ තීරණය හරි..අපේ ක්‍රිකටි ක්‍රීඩාවට සුභ පැතුම්
මංජුල Thursday, 28 June 2012 04:32 PM
සුභ පතනවා ඊලග තරග දෙකට
ගයාන් Friday, 29 June 2012 01:14 AM
නියමයි අනේ
මලිත් Wednesday, 27 June 2012 01:30 PM
නියමයි මහේල අයියා......................
ගීත ඩුබායි Wednesday, 27 June 2012 09:01 PM
නියමයි අපේ කොල්ලෝ ටිකට සුබ පැතුම් ..ගීත ඩුබා
ලලිත් Wednesday, 27 June 2012 01:50 PM
ලංකාවට ඉම්රාන් ඛාන් වගේ නායකයකු අවශ්‍ය වෙලාවක ඔබ පැමිණීම අපට විශාල ශක්තියකි. අපට අත ළඟටම දෙවතාවක්ම ආපු ලෝක කුසලානය 2015 දී ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා!
සුචින්ද්‍රා Wednesday, 27 June 2012 02:40 PM
නියම නායකයෙක්, අනිත් මැච් 2 කත් දිනමු...
චාමී Wednesday, 27 June 2012 02:01 PM
තීරණය හරී කියල කියන්න බැහැමොකද පකිස්තානුවන් 2 වෙනි ඉනිම හොද සම්බන්ද තා 2 ගෙනවානම් ලංකාව නිසැකවම පරදිනවා අඩුම තරමේ ඩ්‍රෝ කරගන්නවත් බැරිවෙනවා. දවස් 2 ක් ම තිබුනා ලකුණු 526 ගහන්න
දමිත Wednesday, 27 June 2012 02:11 PM
මම මහේලගේ තීරණයත් සමග එකග වෙනවා........ ඉතිරි ටෙස්ට් තරග 2ත් මීටත් වඩා හොදින් ක්‍රීඩා කර තරගාවලිය ජය ගන්න
දිනේෂ් Wednesday, 27 June 2012 02:20 PM
මහේල ඔයා නියම නායකයෙක්....දිල්ශාන්, සංගා,කළු,රන්දිව්.......
දිනේෂ් Wednesday, 27 June 2012 03:00 PM
මහේල ඔයා නියම නායකයෙක් ......
දිමුත් Wednesday, 27 June 2012 09:57 PM
විශිෂ්ටයි මහේල. හොද තීරණයක්
මොහොමඩ් නිෆල් - දෝහා Wednesday, 27 June 2012 10:02 PM
සුපිරි නායකයා ඔබ,, අපි අගය කරනවා මයියා
මේනක Wednesday, 27 June 2012 03:33 PM
ඔබ හොඳ නායකයෙක්...
නිශාන්ත Wednesday, 27 June 2012 03:35 PM
මහේල දක්ෂයි....හොඳ නායකයෙක්....ටීම් එකටම සුභ පැතුම්.