වත්මන් රජය ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමටත්, සොරකම් කළ රාජ්‍ය දේපළ නැවත අත්පත් කරගැනීමටත්, ඵලදායී ලෙස අල්ලස් හා දූෂණ මැඩලීම වෙනුවෙන් විමර්ශන ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීමටත් පියවර ගෙන රැසක් ගෙන ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
දූෂණයට එරෙහිවීම යනු පසුගිය රජය සමයේ හුදෙක් වචන මාත්‍රයක් පමණක්ව තිබූ රටක, යහපාලන සංස්කෘතියක් අරමුණු කරගෙන ගන්නා ලද ඉහතින් සඳහන් කරන ලද සියලු පියවර සැබෑම වෙනසක් බවත්, දූෂණය මර්දනය කිරීම සඳහා සහාය වන ලෙස සම්මුතිවාදී රජය සිවිල් සමාජය සහ ව්‍යාපාරික ප්‍රජාව ධෛර්යමත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්ස් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (03) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගේ නායකත්වයෙන් මෙම වෙනස රටතුළ ඇතිවෙමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා පිළිබඳවත්, පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් ලද ජනතා වරමින් පසුව පිහිටුවන ලද අනිකුත් විමර්ශන යාන්ත්‍රණය ගැනත් විස්තර කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් කරපු රාජ්ජ දේපල කොපමණ ප්‍රමාණයක් නැවත අරගෙන තියෙනවද කියල කිව්වනම්. (ස)
පිටබැද්දර ජයා හරි (නි)
සුමනා ,ඉක්මන් නොවී ටිකක් ඉන්න බලන්න. (නි)
ජයවේවා! (නි)
කවුරුන් කෙසේ කිවුවත් මම ව්‍යාපාර කටයුත්තක් සඳහා අවසර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියවිට වක්‍රව ඒ සඳහා මගෙන් මුදලක් ඉල්ලු නිසා මට තවමත් ඒ වැඩේ කරගන්න ලැබුනේ නැහැ. කරුණාකර දන්නා කෙනෙක් කියන්න අල්ලස් හා දුෂණ අංශයට මේ ගැන දන්වන්නේ කෙසේද කියා. (නි)
කියව කියවා සිටියහම ඔක්කොම හරිද? (නි)
ඔහොම යමු. ජයවේවා! (නි)
ඡන්දයට පෙර කී, මහබැංකු වංචාව ගැන පරීක්ෂණ කමිටුව පත්කරන්නේ නැද්ද? (නි)
අපි කවුරුවත් කිවුවට පිළිගන්නේ නැහැ දැන් (නි)
අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැනේ මහත්තයෝ. හොඳක් තිබෙනවා නම් අපිට පෙනෙනවනේ.... (නි)
වැඩ ඕනේ මහත්තයෝ ,කතා ඇති. පුලුවන්නම් අපිට ,රටින් ගෙන්වන භාණ්ඩ නියම ගාස්තු විතරත් ගෙවල රේගුවෙන් ගන්න හරිගස්සන්නකෝ .හැබැයි රෙගු නිලධාරීන්ට ගාණක් ගෙවලා කරගන්න බදු අඩු කරගනීමත් නවත්වන්නකෝ. (ම)
අපිට නම් පෙනෙන විදිහට රටේ ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටෙනවා. බඩු මිල අහස උසට යනවා. (නි)
කට විතරයි වැඩ නෑ (ම)
රජයේ කාර්යාල බහුතරයක වැඩ අකර්මන්‍ය වී ඇත. සමහර රජයේ ආයතනවල වැඩ නොකරන නිසා දහස් ගණන් රේගුවට ගෙවා භාණ්ඩ නිදහස් කරගැනීමට සිදුවී ඇත. අැමෙති තුමා මේ ගැනත් හිතන්න. (බ) .
අර කියන මහත්තුරු දේපල නිසා රටේ ලොකු වෙනසක් නම් ඇතිවෙලා තියනවා හැබැයි අපට නෙමයි වෙන අයට.තව අවුරුදු 5-10 කින් බලා ගන්න පුළුවන් ඒ වෙනසේ බයානක කම (බ)
බිත්තරේ දැම්ම ගමන් කුකුල් පැටවු එන්නේ නැහැනේ ...... ටිකක් කල් දෙමු !(ම)
ඡන්දයට පෙර කී අර වොක්ස්වැගන් කාර් නිපදවන කර්මාන්ත ශාලාව කවදාද පටන්ගන්නේ? (නි)
හැමෝගෙම කට පමණයි. වැඩ නැහැ. රට එක තැන පල්වෙනවා (නි)
ජයවේවා!!!. (නි)