නීතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා යහපාලන තන්ත්‍රයට උචිත දේශපාලනඥයකු නොවන බවත්, එබැවින් ඔහු ඉල්ලා අස් විය යුතු බවත් පුරවැසි බලය සංවිධානය කියයි.
පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, කේ ඩබ්ලිව් ජනරංජන සහ ජෝසප් ස්ටාලින් මහත්වරුන් විසින් නිකුත් කැරුණු නිවේදනයේ මෙසේ ද සඳහන් ය.
‘‘තිලක් මාරපන යනු ‘යහපාලන‘ තන්ත්‍රයකට උචිත දේශපාලනඥයෙකු නොවන බව 04දා පාර්ලිමේන්තුවේදී සනාථ කෙරුණි.
‘ඇවන්ගාඩ්‘ සමාගමේ ස්වභාවය, රාජපක්ෂ සංස්කෘතියේ දේශපාලනය සහ ව්‍යාපාරිකත්වය එකවිට පෙන්නුම් කරන කැඩපතකි. ඒ අදහස රටට දුන්නේ වෙන කිසිවෙකු නොව, වර්තමාන යහපාලන ආණ්ඩුවේ නායකයන්මයි. එහෙත් තමන් අපේක්ෂා කළ තරමේ දූෂණ විරෝධයක් යහපාලන ආණ්ඩුවෙන් ක්‍රියාත්මක නොකෙරෙන බව වටින් ගොඩින් පෙනෙන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. එකී පමාව විවිධ අවසරයන් යටතේ සාධාරණීකරණය කෙරුණි. නීතිය ක්‍රියාත්මක කිරීමට කල් ගත වන්නේය, නිසියාකාර පරීක්ෂණ සිදු කළ යුත්තේය, සතුරන් දඩයම් නොකළ යුත්තේය වැනි අවසරයන් එහිදී ප්‍රධාන විය. එසේ තිබියදී, අතීත දූෂකයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම පමා වුණේ, ඒ කිසිවක් නිසා නොවන බව ඊයේ තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී ඔප්පුකොට පෙන්නුවේය.
ඒ, ඇවන්ගාඩ් සමාගම සියලූ චෝදනාවන්ගෙන් නිදහස් කොට නිදොස් කිරීමෙනි.
ඒ සමගම, මෙතෙක් මුළු රටම දැන සිටි තවත් කාරණයක් ඔහු කීවේය. එනම්, තමන් ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයා වන බවයි. එක පැත්තකින්, අපවාදයට සහ චෝදනාවට ලක්ව සිටින, රටේ ආරක්ෂාවට අදාළ මහ පරිමාණ ව්‍යාපාරික සමාගමක අයිතීන් වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනීසිටින නීතිඥයෙකු අනිත් පැත්තෙන් ඒ සමාගමේ ම නිදහස වෙනුවෙන් මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේත් ඊයේ පෙනී සිටියේය. මෙය අත්‍යන්තයෙන් බැඳියාවන් අතර බරපතළ ගැටුමක්ද වන්නේය.
පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු ඇවන්ගාඩ් සමාගමෙන් යම් මුදලක් ලබාගෙන පාර්ලිමේන්තුවේදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටියොත් අප එය හඳුන්වන්නේ මහදවල් දූෂණයක් වශයෙනි.
තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී එම සමාගමේම නිදහස වෙනුවෙන් පෙනී සිටීම පාර්ලිමේන්තුව අපහරණය කිරීමකි.
නීතිඥයෙකු වශයෙන් මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු හෝ වෙනත් ඕනෑම අපරාධකරුවෙකු වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනීසිටිය හැක. එහෙත් එම විත්තිකරුවා වෙනුවෙන් එම නීතිඥයාම පාර්ලිමේන්තුවේදීත් එක විට පෙනීසිටීම යහපාලනය ඔලූවෙන් සිටුවීමකි.
‘ඇවන්ගාඩ්‘ ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී ඇති අවස්ථාවක, නීතිය හා සාමය පිළිබඳ කැබිනට් ඇමතිවරයා වශයෙන් ඔහු පත්කළ නායකයන්ද, ඔහුගේ මේ හැසිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ‘පුරවැසි බලයේ‘ විශ්වාසයයි. යහපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගැනීමේ අධ්‍යාශයෙන් පමණක්ම මහජන ක්‍රියාකාරීත්වයේ යෙදුණු සිවිල් සංවිධානයක් වශයෙන්, මේ ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීම අපේද වගකීමකැයි අපි විශ්වාස කරමු.
එසේ හෙයින්, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිරූපය තවදුරටත් දූෂ්‍ය වීමට කලින්, නීතිය හා සාමය පිළිබඳ ඇමති තිලක් මාරපන කැබිනට් මණ්ඩලයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු බව ‘පුරවැසි බලය‘තරයේ කියා සිටී.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරු ප්‍රභාකරන්ට වුණත් ප්‍රතිපත්තියක් කියලා දෙයක් යන්තම්වත් තිබුනා. නමුත් සමහර අයට එහෙම දෙයක් නැති එක ගැන අපිට ලැජ්ජයි. (නි)
අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)
යහපාලනය වෙනුවෙන් ජිවිත පරිත්ත්යාගයෙන් ඉදිරියට ආපු ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකාව අමතක කරපු යහපාලන ලොක්කන්ට දැන් සනීප ඇතිනේ.(රේ)
ඩුබායි රටේ ගිණුම් 9 යක රුපියල් කෝටි 46782 ක් තිබෙනවා කියපු ඇමති එක්ක හිටපු නායකයෙක් දෙන්නෙක් සාකච්චාවක් තිබුන.ඉන්න පස්සේ ඒගැනත් ඉවරයි.දැන් නම් තියෙන්නේ පුදුමාකාර ඩීල් තමයි (රේ).
අවන්ගාර්ඩ් සංවිධානය ළග තිබෙන ආයුධ වලින් වැඩි කොටසකට නිත්‍යානුකුල අවසරයක් නැති බව ආරක්ෂක අමාත්‍යයන්සයේ හිටපු සහකාර ලේකම්වරියක් සාක්ෂි දෙමින් පැවසු බව පුවත් පත් වල පල විය . එතකොට වියළි කලාපයේ හේන් ගොවිතැන් කරන අයෙකු ළග කොටන තුවක්කුවක් තිබුනත් අල්ලලා නඩු දාන්නේ පොලිසිය ලකුණු දා ගන්නද ? පුරවැසි බලයට ජයවේවා ....(රේ)
දැන් චන්දයක් තියන්නකෝ යහපාලනයට මොකද වෙන්නේ කියල බලන්න...(රේ).
හරි කණගාටු දායක තත්වයක්. තිලක් කියන පුද්ගලයා ලජ්ජා නැතිව අවන්ගර්ඩ් සුද්ද කලා. (රේ)
මම නං හිතන්නේ මේ ආණ්ඩුවේ ඉන්න එකම අවංක ඇමතිතුමා තමා මාරපන මහතා. පුරවැසි පෙරමුණ නොදන්නා දේවල් කරන්න හදනවා . ඇමතිතුමා කිව්වා වගේ බොහෝ දෙනා ලකුණු දාගන්න හදනවා. නීත්‍යනුකුල දෙයක් නීති විරෝධී කියල ඔප්පු කරන්න හදනවා . පුරවැසි පෙරමුණේ ඉන්නේ නීතිය දන්නා අයද? (රේ)
යහපාලන ආණ්ඩුව විනාස කරන කුමන්ත්‍රණ කාරයෙකි - මාරපන(රේ)
අවන්ගාඩ් වල වැදගත්කම දන්නේ මුහුදු යන අය. මුහුදුකොල්ලකරුවන් මෙල්ල උනේ මේ අය නිසා. මේවා නොදන්නා අද බාලයෝ ගොන් කතා කියනවා. ඇමරිකාවත් මේක අනුමත කරනවා.....(රේ)
සහතික ඇත්ත... අපි එකඟයි (නි)
එහෙම ඕනෑ ඕනෑ විදිහට තීරණ ගන්න බැහැනේ (නි)
දවල් මිගෙල්, රැ දනියෙල් හැටියට රඟපෑවා ඇති, (රේ)
දැන්නම් ඡන්දය දුන් අපිට හොඳටම සනීපයි. (නි)
මෙට කවදද රටේ යුක්තිය සත්‍ය වනුවෙන් පෙනී හොටියේ මෙයත් හරියට හිටපු ඩී,අයි, ජී , අනුර සේනානායක වගේ විත්ති කාරය නිදහස් , අහිංසකයෝ හිරගෙදර (රේ).
ජයවේවා! (නි)
මෙයාට ඇමතිකම ඉබේ ලැබුනේ නැනේ .නායකයා වගකිව යුතුයි(රේ)
මුණසිංහ.ලෝකයේ ත්‍රස්ත සංවිධාන තර වුනේ මේ කියන අවි ගබඩාවෙන් කියල මුළු ලෝකෙම දන්නවා.(රේ)
පහුගිය කාලේ ප්‍රවීණයි කියලා රට හඳුනාගත් ගොඩක් අය මුදල් සහ බලය ඉදිරියේ නැවෙනකොට කෙළින් සිටි මේ අය අපි අගය කරනවා. (නි)
දැන්වත් කරන පරීක්ෂණයක් කරන්න ජෙනේරල් ෆොන්සේකාව පත් කරන්න. ඒ රට වෙනුවෙන් කරන වගකීමක් සහ යුතුකමකි....(රේ)
තිලක් ඩුබායි , දැන්වත් පුස්වෙඩි පත්තු කරන්නේ නැතිව කටවහගන ඉන්නවද? කඩේ යන්න පටන්ගනිද්දීම කිව්වා හිස් මල්ලම තමයි අරන් එන්න වෙන්නේ කියල(රේ).
ලොකුගේ,පිටරටවලට අනුව නොවේ, අපේ නීතියට අදාළද කියලයි බලන්න ඕනෑ (නි)
හොඳයි අපි බලමුකෝ.... (නි)
අගමැතිතුමනි, වහාම නුසුදුස්සන් ඉවත්කර අපි බලාපොරොත්තු වූ යහපාලනය ආරක්ෂා කරන්න. (නි)
අපි ඕවා කලින්ම කිවුවා. එදා අපි කිවුව දේ ඇහුවා නම් අද මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
තිලක් මාරපනට අපේත් විරෝධය! (නි)
සමහර ඇමතිවරු යහපාලන වැඩපිළිවෙල බිඳිනවා. අගමැතිතුමනි, ඔබේ තීරණය අපිට දෙන්න. අපේ තීරණය මාර්තුවේ දෙන්නම්. (නි)
දෙපැත්තේම නිවැරදි සුදුස්සන්ගෙන් සැදුම්ලත් 30ක ඇමති මණ්ඩලයක් පත්කිරීමට කාලය පැමිණ ඇත. (නි)
මේ කතාවට අපිත් එකඟයි (නි)
අපි බලමු දැන් එහෙම වෙයිද කියලා (නි)
ඊළඟ වරත් යහ පාලනය ඇති කරන්න ජන්දය දෙන්න (ම)
ලෝකයේ සිටින දරුණුම ඝණයේ අයිඑස්අයිඑස් වැනි ත්‍රස්ත සංවිධාන වලට අවි සහ මත්ද්‍රව්‍ය ලැබුණේ කොහෙන්ද කියල ඇමරිකාව විසින් වෙනමම පරීක්ෂණයක් කරනවා. (ම)
එහෙම කොහොමද එයාලා තීරණ ගන්නේ? (නි)
තිලක් මාරපන තමන්ගේ ජාමේ බේරා ගන්න පොලිසිය පවා දෙනවා පොලිසියට තමන්ගේ රාජකාරිය කරන්න මේ අමාත්‍යංශය හොද පිරිසිදු නායකයෙකුට දෙන්න මේවගේ පිනට ආපු අයට දෙන්නැතුව (බ)
තිලක්-ඩුබායි, ඔයා ඉන්න දේශපාලනය අපිට පැහැදිලියි. දේශපාලනය නිසා තමයි මේවගේ දේවල් ඇදලා අරගෙන ලංකාව විනාශ කරන්නේ. කොටි විනාශ කරනකොට ඒකට විරුද්ධව කොච්චර කෑගැහුවද? ඔයත් නිකම්ම නිකන් අඳබාලයෙක් කියලා ලෝකයට පෙන්නන්න එපා.(නි)
හෘද සාක්ෂියක් නැති මිනිසුන්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ (නි)
අප බලාපොරොත්තු වූ යහපාලනයක් කිසිවිටක ඇතිවන්නේ නැති බව නම් අපි දැන් දනිමු (නි)
මෙලෝ දෙයක් නොදැන මේ ගහන්නේ හොඳ සිංහලයෙකුට/රණවිරුවෙකුට .මේ ගැන හොඳට දන්නා නිසා තමයි තිලක් මාරපන මහතා රටට එය පැහැදිලිකරේ. එංගලන්ත පාර්ලිමේන්තුව/ඇමරිකාව/එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවන්ට් ගාර්ඩ් නීත්‍යනුකුල බවත් එහි වටිනාකමත් අගය කරලා එවපු ලිපිත් තියනවා. (ම)
පුරවැසි බලය කොහොමද ඒක තීරණය කරන්නේ? (නි)
තිලක්-ඩුබායි,ඔබට පිස්සුද, ඇයි ඔහේ හිතන් ඉන්නේ පොන්සේකා සර්වබලධාරි දෙවියන් වහන්සේ කියලද.(රේ)
මෙහෙම ගියොත් තව කාට කාට ඉල්ලා අස්වෙන්න වෙයිද දන්නේ නැහැ! (නි)
ලොකුගේ කියන්නේ එ්කේ ඩිරෙක්ටර් කෙනෙක්ද මේ කියන ලියුම් කියවන්න බලය තිබුන? නැත්නම් කෙනෙක් ආරක්ෂා කරන්න දඟලන කෙනේද? (බ)
අපි බලමු. කාලය විසින් සියල්ල විසඳාවි (නි)
දැන්වත් පිළිගන්නවද රාජපක්ෂලාගේ යුගයේ ව්‍යාපාරිකත්වය මීට වඩා හොඳයි කියල? (ම)
මම ඉල්ලා සිටින්නේ මෙය සොයා බලන්න ෆොන්සේකා මහතා වෙනි අයෙක් පත් කරන්න කියා (ම)
අපි මේ වෙන දෙයක් බලාගෙන නිහඬව සිටිමු (නි)
මෙයාලට තියෙන්නේ රාජපක්ෂලා සමග වෙන තරහක් රටේ ජනතාව ඔය වියාපාරය ගැන දන්නවා.අද රටේ දැවෙන ප්‍රශ්නය තමා ළමා අපචාර මෙම යහපාලනය සමග වැඩිවීම. එම ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතිව මිනිසුන් මුලා කරන්න හදන්න එපා.....(රේ)
කවුරු මොනොවා කීවත් දැන් වැඩක් නැහැ බලයේ ඉන්න අයට ඕන විදිහට තම වැඩ ටික වෙන්නේ. ඔයාල අපිනේ කතිරේ ගහල අපේ බලෙත් එයාලට දීල දියවන්නාවට යැව්වේ මේ අයව. මෙයාල හොද නැත්නම් ඉන්න ඉවසල තව අවුරුදු 5 වෙන කෙනෙක් තොර ගන්න. (රේ)
පුරවැසිබලය කවුද මේ සෙට් එක (බ)
මේ මනුස්සය මුදලට මගේ නමත් කතා කරනවා.ඒ ගැනයි මට දුක. (ම)
ප්‍රසන්න.එයාලව මහජනතාව කුණු කුඩේට දාල ඉවරයි.එයාලට ලංකා දේශපාලනය ඉවරයි. ඉවරෙටම ඉවරයි.(ම)
පසුගිය වරත් එජාපයේ ඡන්ද පදනම මාරපන වගේ අය නිසා මාර ලෙස අඩුවිය....(රේ)
පුරවැසි සංවිධානය කොහොමද ඇවන්ගාඩ් පරික්ෂණය ගැන අභ්‍යන්තර තොරතුරු දන්නේ? ඇවන්ගාඩ් සිද්ධිය ගැන පැතිරුන කටකතා පදනම් කරගෙන කාටවත් දඬුවම් පමුණුවන්න බැහැ. (නි)
මේ අයගෙන් ජනතාවගේ යහපතට කිසිවක් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. අපිට ඔවුන් ගැන කිසිම විශ්වාසයකුත් නැහැ. (නි)
පුරවැසි බලය සංවිධානයේ සාමාජික සංඛ්‍යාව කීයද? එයාලා රටේ ජාතික ප්‍රශ්න වලට මේතරම් මැදිහත් වෙන්නේ කොහොමද? ඒ ගැනත් පරීක්ෂණයක් කළයුතුයි (නි)
" පුරවැසි බලය" හරි. ජයවේවා! (නි)
කවුද මේ පුරවැසි බලය කියන්නේ? (නි)
සීමාවක් නැතිව හොරකම් කරපු මුදල් වලට වටිනාකමක් දෙන්නයි යන්නේ.(ම)
අවස්ථාවාදී දේශපාලනය අභිබවා යමින් දේශයේ ගෞරවය හා ආරක්ෂාව වෙනුවෙන් හඬනගන ගරු මාරපන මැතිතුමා දිනේවා! (නි)
"යහපාලනය නැති වෙන්න පෙර" යහපාලනයක් තියෙන්න එපයි නැතිවෙන්න....(රේ)
දැන් රවිවත් අයින්කරන්න් කියන්න. අන්තිමේදී කවුරුවත් නැතිවෙයි. (රේ)
ජනපති තුමනි, අගමැති තුමනි වහාම මේවාට ප්‍රතිචාර දක්වන්න නැතිනම් මහින්ද මහතාට වූ දේ සිදුවේවි(රේ)