බැඳුම්කර සිද්ධියට අදාල නඩුවේ සාක්කි විභාග කිරීමටත්, පාර්ලිමේන්තුව පරික්ෂණ ආරම්භ කරන්නටත් ප්‍රථම කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරුවකු ලෙස තීරණය කිරීම සාදාචාරාත්මක නොවන බවත් එවැනි මතයක සිටින අයට මෙම නඩුව විභාග කිරීමේ අයිතියක් නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (30) මහනුවරදී පැවැසිය.
මහනුවර නගර මධ්‍යයේ ඉදිවන උමං මාර්ගය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් එසේ කී ඇමැතිවරයා ‘සිවිල් සංවිධාන කිහිපයක් විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ බවත් එය දුර්වල පැමිණිල්ලක් ලෙස සලකා අධිකරණය විභාගයට නොගෙන ඉවත දැමූ බවත් මෙය විනිශ්චයකාරවරයකු තමන් අසන නඩුව සම්බන්ධව සාක්කි විභාගයට පෙර තම මතය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළිකිරීම හා සමාන බවත් කීය.
යහපාලන ආණ්ඩුවට කිසිදු වාර්තාවක් යට ගැසිමට අවශ්‍යතාවයක් නොමැති බවත් ඉදිරිපත් වි ඇති කෝප් වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම පිණිස එය අදාළ නීති අංශවලට යොමුකරන බවත් ඇමැති කීවේය.
කෝප් කමිටුවේ සභාපති ලෙස වරක් විජයදාස රාජපක්ෂ මහතා කෝටි 45000 ක වංචාවක් හෙළි කළ පසු එතුමාට සභාපති කමින් ඉල්ලා අස්වීමට සිදුවු බවත් පසුගිය රජය ක්‍රියාකළේ ඒ ආකාරයට වුවද වත්මන් රජය එසේ නොකරන බවත් කිරිඇල්ල ඇමැති එහිදි කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යට ගැහැවොත් මහජනතාවට දැක ගන්න නොලැබෙන නිසා එලියට දාන එක හොදයි කාටත් දැකගන්න ඕව. (බ)
මෙතුමාගේ කටට මම නම් කැමතිම නැහැ (නි)
යට ගහන්නේ නෑ නෙමෙයි යට ගහන්න බැරි වුණා! (ම)
ඕනේ ගොනෙකුට පුළුවන් මෙහෙම ගොන් කතා කියන්න.(අ)
අපි දැක්කා වාචාලකමට කියවන අහගෙන ඉන්න බැරිව අගැමැති තුමාම ඔබව අල්ලලා පුටුවේ වාඩි කරවානවා (බ)
මේවගේ කතා කියද්දී අපිටනම් තේරෙනවා විපක්ෂය මොනතරම් අමාරුවෙන්ද වාර්තාව එලියට දාගත්තේ කියල. ඕන ගොනෙක් ඕන කතාවක් කිව්වට මේ වාර්තාව යටගහන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. (බ)
මෙය යහපාලන චිත්‍රපටියේ තවත් විකට චිත්‍රයක් (ම)
ඕනෑම කෙනෙකුට ජනතාව මුලා කිරීමට හැකියාව ඇත (හේ)
අනේ මෙහෙමත් කතා.(හේ)
සෑම ආණ්ඩුවකම කසල ශෝධකයින් ඉන්නවා . නමුත් කසල ඔලුවේ හලාගත්ත අය නම් ඉන්නේ බොහොම ටික දෙනයි .(හේ)
හතර අතේ නාගෙන වාචාල කතා කියනවා. මේ රටේ සිටින සැමදෙනාම තමන් ගැතිකම කරන නායකයා ගේ අසුචිත් සුවඳ කියන කල්ලියේ කියල සිතාගෙන ඇති. මේ හොර උපාසක අප්පුලා හිටපු ජනපතිට හොරාකියනවා. එතුමා මේ රට ජනතාවට අමතක නොවෙන මෙහෙයක් ඉටු කළා. නමුත් මේගොල්ල ආපු ගමන්ම වැල් පොලි ක්‍රමයට සිදුවෙන හොරකම කරන්න මහතැනම ඉඩ දුන්න පමණක් නොව අද හොරු රකිනවා රැක ගන්න වාචාල කතා කියනවා. (බ)
කිසිම වාර්තාවක් යට ගහන්නේ නැහැ කියල බිලියන ගණන් රටේ සල්ලි හොරකම් කළාම හරියනවද ? (ම)