බලය තහවුරු කරගැනීමට ඇමතිධූර පිරිනැමීම මේ ආණ්ඩුවද තම මංගල කටයුත්ත කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ අදහස් පළ කළ දිසානායක යහපාලනය ඇතිකිරීම රජයේ සැබෑ අරමුණනම් මුලින්ම කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම බව කීය.
දැන් මෙම ආණ්ඩුවෙන් ජනතා කැමැත්ත පිළිඹිඹු නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව රජයක් තනන්නට ජනතාව මනාපය ලබානොදුන් බවත් ඔහු සඳහන් කළේය.
‘‘ජනවාරි මස 8 වැනිදා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පරාජය කළේ ඔහුගේ අඩුපාඩු නිසා පමණක් නොවෙයි.තවත් බොහෝ හේතු තිබුණා.ඇමතිධූර පිරිනැමීම එයින් ප්‍රධාන එකක්.මේ ආණ්ඩුවත් පටන්ගත්තේම ඒකම කරමින්‘‘
‘‘අමාත්‍යධූර වැඩිකරගැනීම ව්‍යවස්ථා විරෝධීයි.ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුව තිබුණා.‘‘
‘‘අමාත්‍යංශ බෙදල තියෙන්නෙත් පරණ පුරුදු අච්චාරුව විදිහටමයි.මේ වැඩේට අපි විරුද්ධයි.‘‘
අනුර කුමාර දිසානායක මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල අධික වුණත් අවංක ජාතික ආණ්ඩුවක් බිහිවේනම් රටට යහපතක් (නි)
රනිල්ට කඩේ ගිහිල්ල දැන් බොරුවට කෑගහල්ල වැඩක් නැහේ. ඕක වෙන බව දැනගෙන තමා 58 ලක්ෂයක් මහින්දට ඡන්දය දුන්නේ. එයාල තමා ලංකාවේ ජාතික බලවේගය. (අ)
නිකම් බොරු බයිලා එපා මල්ලි. ඔයගොල්ලොත් අනියමාර්තෙන් උදව් කලේ ඕකටනේ.(ම)
ඔබතුමා දැන් කතා කළාට අපි හැමදේම දන්නවා. (නි)
ඒක සහතික ඇත්ත (ම)
තිලක් සහ සමීර කියන දේ සම්පුර්ණ ඇත්ත. ඔවුන් අවංකයි. උගත් බුද්ධිමත්. විනයගරුකයි. නීතිගරුකයි. ඒ නිසා ඔවුන් එක්කෝ සමාජවාදය අතහෑර ප්‍රජාතන්ත්‍රවාදි විදියට අනෙක් පක්ෂ වගේ පෑමිණිය යුතුය. නැතහොත් රටේ වෑඩි පිරිසක් හිතන්නෙ ඔවුන් බලයට ආවොත් ජනතාවගේ වෑඩිපුර තියෙන මුදල් සහ දේපල රජයට පවරා ගනී කියලයි. ඒකයි ඔවුන්ට ඡන්දෙ ලබෙන්නෙ නෑත්තෙ. තිත්ත වුණත් ඈත්ත ඒකයි. (නි)
මේ හැමදේටම වගකියන්න ඕනෙත් ඔයාලම තමයි මහත්තයෝ ඔබලාගේ ප්‍රධාන අරමුණ වුණේ රාජපක්ෂ පවුල කෙසේ හෝ අතුගා දැමීම ඉගුරු දීල මිරිස් ගතද? කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තද කියල අපි බලන ඉමු (අ)
දැන් ප්‍රධාන පක්ෂ දෙකට ඡන්දෙ දුන් අයට සතුටු ඇති නේද ? (අ)
තාමත් අපේ රටේ බහුතර ජනතාව දේශපාලකයන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ තමන්ගේ මරණෙට මඟුලට අවුරුදු උත්සවයට එන එක විතරයි. මිනිස්සු දන්නවා ඊට වැඩිය දෙයක් මන්ත්‍රීලට අමතිලට කරන්න බැහැ කියලා. ඒ රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතාව දියුණු නොවුණ නිසා. ඡන්දෙ කාලෙට තමන්ගේ ගමේ කෙනාට බැහැලා වැඩකළාම ජොබ් කට්ටක් ලැබෙයි කියලා හිතන අය පෝස්ටර් ටික ගහලා දෙනවා. ගමම පෝර්ම් කරලා ගමේ ඡන්ද ටික අරන් දෙන්නෙත් එයාලමයි. (නි)
ඔයාල මොනාටද විරුද්ද වෙන්නේ නැත්තේ ..වැල යන අතට මැස්ස ගහන්න ...නැත්තම් 2020 දී නෙමෙයි ජවිපෙට එකට තව අවුරුදු 100 ක් ගියත් ඔතනම තමයි.. ඇඟ පුරාම මොලේ තිබුනට වැඩක් නැහැ .. පහුගිය මැතිවරණ දී වත් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද ? (අ)
ජනතාව මන්ත්‍රී ආසන හතරක් විතරක් ඔහෙලට දුන්නේ ඔහෙලගේ කෙරුවාව දන්නා නිසායි. දන්නේ නැති බහුබූත දොඩන්නේ නැතිව, යහපාලනයේ කකුලෙන් අදින්නේ නැතුව නව ආණ්ඩුවට සහයෝගය දී රට දියුණු කිරීමට යමක් කරන්න. (අ)
ඔබ තුමාලා ඡන්දෙ වෙලාවේ කඩේ ගියේ ඕකටනේ දැන් බොරුවට කෑ ගැහුවට වැඩක් නෑ.(අ)
ටිකිරි මොලේ වැඩකරලා නැහැ නේද ? (අ)
තවත් කතා එපා (නි)
බොරුවට රඟපානවා (නදී)
කාවද මේ රතු පටිය රවට්ටන්න හදන්නේ .(අ)
ආණ්ඩුවෙන් ජනතා කැමැත්ත පිළිබිඹු නොවෙනවා සේම ඔබ තුමලාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර වලින් ජනතා කැමැත්ත පිළිඹිබු නොවේ .ඒ නිසා ඔය කතාව ඉල්ලා අස්කරගන්න (අ)
මෙයාලගේ කාලය ඉවරයි (නි)
කුවුරු කෑගැහුවත් ජනතා කැමැත්ත ඉටු කරන්නේ නැහැ.එයාලගේ කැමැත්ත ඉටු කර ගන්නවා විතරයි. (අ)
මට නම් මැතිවරණයෙන් පෙනෙන දෙයක් තමයි දුෂිතයන්ට වංචාකාරයන්ට ජනතාව කැමතියි. අවුරුදු 80 පැන්නත් පාර්ලිමේන්තු යන්නයි බලන්නේ. නොමැරෙන කෙනෙක් ලෙස ජීවත්වන්න එපා! බලයෙන්ම මත්වෙලා, පරලොවක් ගැන හිතන්නෙවත් නැත. (නි)
ඕක කලින් තේරුම ගත්තා නම් තව පස් දෙනෙක් වත් පාර්ලිමේන්තු යවන්න තිබුණා ජනතාව සමග සමීප වෙලා.අන්තිමට වටුවා අලි බෙටි දන්නා ගිහින් වුනු වැඩේ තමා සිද්ද වුනේ..(අ)
ඇත්තම කතාව මේක මේ රටේ මිනිස්සු දේශපාලනය ගැන අවබෝධයක් නැති නිසා පක්ෂ දෙක මාරුකර කර ඉන්නවා. දැන් බලන්න මේ ඇමතිවරු පත්වුණාට පස්සේ ඒ දේශපාලනයට ආසන්නව හිටිය අයගේ ප්‍රශ්න විසඳෙනවා මිසක් අපේ ප්‍රශ්න විසඳෙනවද? අපේ ප්‍රශ්න පොදු ප්‍රශ්න කියලා හිතන තාක්කල් පොදු අපි පරාද වෙනවා. (නි)
අපිට මුලින්ම පෙන්නපු ජාතික ලැයිස්තු කුණු කුඩේට හොරෙන් විසි කරනකොට ඊට පස්සේ පස්සේ දොරෙන් කට්ටිය ගන්නකොට ඒ පාලනය ගැන මොනවද හිතුනේ? ආරේ ගති නෑරේ කියල තියෙනවනේ සහෝදරයා! (අ)
ආයෙත් කියවන්න පටන්ගත්තා. අනෙක් ජාතීන් නියෝජනය කරන නායකයින් කියවනවා අඩුයි. කරගන්න වැඩ ප්‍රමාණය වැඩියි. (නි)
ඇතිවෙලා තිබෙන තත්වය තේරුම් අරගෙන කතා කරන්න. දැන් මිනිසුන්ට මොළය තිබෙනවා. (නි)
රටේ බත් කන හරක් කැමති ප්‍රදාන පක්ෂ දෙකට නම් ජවිපෙ මොනවා කරන්නද?(අ)
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අම්මගේ අප්පාගේ බූදලය නොවෙයි මෙරටේ ලෙයින් දහදියෙන් යකඩයෙන් ගින්දරෙන් මර්දනය වූ ජාතියකගේ දේශපාලන පක්ෂය ඔබලා හැත්තෑ එකත් නැතිකළ මිනිසුන්ට ලබන පාර ඡන්දය යූඇන්පී එකෙම්ම ඉල්ලපල්ලා නන්දන ගුනතිලක වගේ (බ)
ජාතික ලැයිස්තුව ඉදිරිපත් කළ ආකාරයට පටහැනියි පත්කළ ආකාරය. (නි)
ඔයා කවුද කියන්න මුළු රටම දන්නවා (නි)
ඔහොම ඉන්නකෝ ඉවසලා පොඩ්ඩක් (නි)
රටේ මිනිස්සු බත් වෙනුවට ඉල්ලන්නේ පස් නම් පස්ම කන්න දෙමු. (නි)
මෙයාලගේ අවංකකම ගැන මටත් සැකයි. බොරුවට අපිව රවට්ටන්න කෑගහනවා, නමුත් කිසිම දෙයක් කරන බවක් පෙනෙන්නේ නැහැ. යහපාලනෙත් ඇමතිකම් බෙදමින් ඉන්නවා. ඔක්කොටම ඕනෑ බලය. රටේ මිනිසුන්ට මොනවා වුණත් ගානක් නැහැ. අපේ මිනිස්සුත් පවුලේ කෙනෙකුට රස්සාවක් ගන්න හිතාගෙන හොරුන්ට කත් අදිනවා. (නි)
දැන් කතා ඇති.මේ රටේ ජනතාව නුඹලාව ප්‍රතික්ෂේප කර අවසානයි (නි)
සම්පූර්ණ ඇත්ත (නි)
රටේ සියයට අනුවක්ම ඉන්නේ මඩවළේ ලැගලා ඉන්න කැමති අය. උගත් බුද්ධිමත් විනයගරුක නීතිගරුක මිනිසුන් අතර ජීවත්වීමට කැමති අය සිටී නම් ඒ සඳහා සුදුසු රටක් තෝරාගෙන යෑම සුදුසුයි. (නි)
තිලක්-ඩුබායි, ඔයාගේ බුද්ධිමත් අදහස් මම ඉතා ඕනෑකමින් කියවනවා. රට ගැන අවංකව ලොකු හැඟීමක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී ප්‍රතිපත්තියෙන් ඉවත් වෙනතුරු ඔවුන්ට බලය අල්ලන්න බැහැ. මොකද මධ්‍යම පාන්තික ප්‍රජාව මෙන්ම , ව්‍යාපාරික ප්‍රජාවත් ඔවුනට බලය දෙන්න බයයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම ජනතාවගේ හඬ බවට පත්වෙලා තියෙනවා. ඒ හඬ ජනතාවගේ හඬ බව පාලකයෝත් දන්නවා. නමුත් ඔවුන් හැමදාම ජනතාව රවටනවා. රට ගොඩනැඟීමට නම් මේ රටේ සිටින ශ්‍රේෂ්ඨ උගතුන් 1000 ක්වත් එකට එකතුවී නව පක්ෂයක්, බලවේගයක් විශ්වසනීය ලෙස දැඩි ප්‍රතිපත්ති රාමුවකට යටත්ව ගොඩනැඟිය යුතුයි. එතකොට මුළු ජනතාවම ඔවුන් වටේ එක්රොක් වේවි. දැනට තිබෙන එකම විසඳුම එයයි. (නි)
නොපෙනන දේවල් තව ගොඩක් තියනවා. (නි)
ප්‍රධාන පක්ෂ දෙක පස්සේ ගිහින් කටු හොයන පුස්සන්ට ජ. වී. පෙ දේශ පාලනය තේරෙන්නේ නැතිව නෙවෙයි. රජතුමාගෙන් බත් මුඛය පාදගන්න අවසර ඉල්ලා වැඳ වැටුණු දුපත් මානසිකත්වයෙන් තවම ගැලවෙන්න බැරිව උඩුබුරනවා. මෙගාවල රස තේරුනාට කසය බීපු ගොළුවෝ වගේ ගොර ගොර ගානවා. ජ. වී ,පෙ හයදෙනා ඇති (බ)
ඔබ තුමා අවංකද කියල මට සැකයක් තියෙනවා. පොදු ජනතාව මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නේ. (අ)
ඔබේ පක්ෂයේ ජාතික ලැයිස්තු වැඩෙත් ඇණුනා නේද (අ)
පැරදුනු අය පාර්ලිමේන්තුවට බැහැ කියන සටන් පාඨය කියන්න දැන් විදියක් නැහැ නේද? කබරයා තලගොයා කිරීම දේශපාලනය කරන අයගේ අත්‍යවශ්‍ය අංගයක්. (නි)
ඔබේ පක්ෂය ජාතික ලැයිතුවෙත් අනාගත්තා නේද අනිත් අය වගේ තමයි (අ)
සුළු ජාතිකයින්ව සතුටු කරනවා මිස රජයෙන් මේ රටට හොඳක් වෙයිද කියන්න අමාරුයි. (අ)