රට බෙදෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම සහය නොදක්වන බවත්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ආ පමණින් ජනතාවගේ ගැටළු නොවිසෙඳන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා අද (04) පැවසිය.
ජවිපේ ප්‍රධාන කාර්යාලයයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු එලෙස කීවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීමට පෙර ආණ්ඩුව කෙටුම්පතක් හෝ සැකිල්ලක් හෝ ඉදිරිපත් කළ යුතු බව යි.
රටේ ජනතාවගේ ජාතික සහ ආගමික සමගිය ආරක්‍ෂා වන කරුණු මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා වන කරුණු ද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියමාකාරයෙන්ම අඩංගු විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
‘‘රාජපක්ෂ පාලන සමයේදී රාතී‍්‍ර කාලයේ සුදු ඩිෆෙන්ඩර් පැමිණ මිනිස්සු පැහැරගත්තා. අද මහා දවාලේ කළු ඩිෆෙන්ඩර්වලින් මිනිසුන් පැහැර ගත්තා. යහපාලනයත් පෙර ආණ්ඩුව සේම පාදඩකරණයට ගමන් කරමින් සිටිනවා. මේ ආණ්ඩුවත් වැරදිකරුවනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා වෙනුවට ඔවුන් සමඟ ‘ඩීල්‘ දමමින් රාජපක්ෂ පාලනය ගෙන ගිය කි‍්‍රයාවලියම ගෙන යනවා‘‘
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෝබන කතා වලට අපි අහුවෙන්නේ නැහැ (නි)
දෙගොල්ලම එකයි. (ර)
මෙයාල ජනතාවට "දෙබිඩි කොකා" නොමිලේ පෙන්වමින් යන්නේ. ඇතුලේ හැංගිලා ආණ්ඩුව එක්ක ඩීල් දානවා. එලියට බැහැල ජනතාව රවටන්න ආණ්ඩුවට බනිනවා. (ස)
මෙයලම නේද මේ ආණ්ඩුව ගෙනාවේ. (ස)
ජවිපෙ දැන් නාමික දේශපාලන පක්ෂයක තත්වයට පත් වෙලා ඉවරයි. දැන් ගොඩක් වයසත් එක්ක . අවුරුදු පනහකට ඔන්න මෙන්න. ජීව ගුණය දැන් හොදටම පිරිහිලා. (බ)