සෑම රජයක්ම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළද මෙවර යහපාලන රජය අයවැයෙන් අන් සෑම රජයකටම වඩා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.
මේ ආකාරයේ සිසුන් දිරි ගැන්වීමේ වැඩසටහන් වලින් තව තවත් අප දූ දරුවන් දිරි ගැන්වී රටට සේවාවක් කළ හැකි පිරිසක් බවට පත්වීමට අධිෂ්ඨාන කර ගත යුතු බවත් ඇමැතිවරයා කියා සිටියේය. මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා , විදුහල්පති එන්.එස් .ආර්.අයිරාංගනී මහත්මිය ඇතුළු ආරාධිතයින් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මෙතුමාගේ ගම් පළාතේ තේ ගොවියා යන එනමන් නැතුව ඉන්නවා..මොනවද මේ කතාකරන්නේ. පුදුම දුර්වල ආණ්ඩුවක්. (බ)
හොරුන් එළවා රට බාරගත්තාට වැඩක් කරන බවක් පෙනෙන්න නැහැනේ. ගජරාමෙට කට්ට්ය ඔක්කොම ප්‍රකාශ නම් නිකුත් කරනවා මාධ්‍ය හරහා. තවම එක හොරෙක්වත් ඇතුළට දැම්මාද? (නි)
කොහොම හරි කමක් නැහැ ජනතාවට සෙතක් වෙනවානම්. (ර)
තව කාලයක් අපිට කතා අහන්න වෙයි වගේ (නි)
ඔව් ඉතින්, අනිවාර්යයෙන් වෙනසක් වෙන්න ඕනෑනේ... (නි)
නොයකුත් පීඩනවලින් දෙවෙන දුක්පත් ජනතවගේ සවන් පිනවන පුවතක්.එය එසේම වේවා (ම)