IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘යහපාලන නායකයින්ට වස්කවි කියන්න ඕනෑ‘

සියලු තැන්වලින් පේන්නේ මේ රට ආපස්සට යාමක් බවත් යහපාලන ආණ්ඩුවේ නායකයින්ට වස් කවි කියන්න ඕනෑ බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

‘සම්පූර්ණයෙන්ම වගේ රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රිය කරලා. නිහඬ කරවලා. හිතා මතාම අක්‍රිය කරවලා. මේ මොන නිවට කමක්ද? මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය? රටේ හදවත බඳුයි රටක බුද්ධි අංශය. ජනපති හා අගමැති ඇතුළු මේ කවුරුත් ජාතික ආරක්ෂාව පිළිබඳ මොනම ආකාරයක තැකීමක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරන කැමැතියි. දැන් මේ දේවල් කරන්නේ ගෙම්බෝ වගේ ඇමැතිවරු. අර ආණ්ඩුවෙත් ඉන්නවා මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඇවිත් බක බක ගානවා‘ යැයිද ඥානසාර හිමියෝ කීහ.

Bodubala_20151117C0040



අදහස් (0)

‘යහපාලන නායකයින්ට වස්කවි කියන්න ඕනෑ‘

ජේමිස් Tuesday, 17 November 2015 11:31 AM

අපි පිටරටක හිටියත් අපේ සහය ඔබ වහන්සේට. ඉදිරියේදී අපිට ගොඩක් වැඩකරන්ට සිදුවේවි. (ර)

:       0       0

නිමල් ලාලිත Tuesday, 17 November 2015 03:44 PM

දේශපාලන ගැත්තන් වී සිංහල බෞද්ධ අයිතිය අමතකකරන කාටත් ,සිය මව්බිමේම අසරණයින් වන අනාගත සිංහලයන් ශාප කරාවි. අතීතයේත් හාමුදුරුවරු සිංහලයා වෙනුවෙන් සිවුර අමතකකළා. දන්නේ නැත්නම් ඉතිහාසය කියවා බලන්න. (නි)

:       0       0

ලීල් Tuesday, 17 November 2015 11:36 AM

කගේ කාගේත් කලහොද පස්සෙන් එලවනවා වගේ ? (ර)

:       0       0

සිරිමල් Tuesday, 17 November 2015 11:36 AM

අපගේ සහයෝගය ඔබ වහන්සේට නිරතුරුවම. (ර)

:       0       0

පුදූ Tuesday, 17 November 2015 11:36 AM

චමිලා, වැරදි වැටහිමක ඉන්නේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 18 November 2015 03:28 AM

රෝහණ.කරුණ කරලා බන කියන්න යන්න එපා. (ස)

:       0       0

පුදූ Tuesday, 17 November 2015 11:37 AM

කුමාර්, පිටරටක ඉදන් මෙහෙ ගැන මොනවද දන්නේ. (ර)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 18 November 2015 03:26 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා !!!! (ස)

:       0       0

පරාක්‍රම Tuesday, 17 November 2015 03:50 PM

ආ! දැන්නේ මතක්වුණේ. ඔබවහන්සේලාගේ පක්ෂයෙනුත් මහ මැතිවරණයේදී තරඟ කළා නේද? කොහොමද ඉස්මතුව ආ ජනතා බලවේගය? (නි)

:       0       0

ප්‍රසාන් Tuesday, 17 November 2015 11:45 AM

අසූචි කප්පරක නිදාගත්ත අය අධෝවාතය හරිම ගදයි කීවලු , වෙන මොනා කියන්නද. .පින් පවු එනවා අප පසු පස්සේ (බ)

:       0       0

චරිත Tuesday, 17 November 2015 04:12 PM

මේ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් කියලා මටත් හිතෙනවා (නි)

:       0       0

වසන්ත Tuesday, 17 November 2015 11:59 AM

අපි ඔබවහන්සේ ‍සමඟයි හාමුදුරුවනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 November 2015 12:00 PM

ප්‍රසාන්, ඔබගේ අදහස තමයි හොදටම ගැලපෙන්නේ. (ර)

:       0       0

රෝහණ Tuesday, 17 November 2015 12:03 PM

ඔන්න අපේ රටේ ස්වාමින් වහන්සේ නමක් කතා කරනවා. වස්කවි කිව්වට කමක් නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ කෙනෙක් වස්කවි කියන එක සුදුසු නැහැ. (නි)

:       0       0

තාරක Tuesday, 17 November 2015 12:06 PM

පිටබැද්දර ජයා, ඔයාගේ අදහස නම් හරියටම හරි. වෛරය, ක්‍රෝධය නේද මේ වපුරන්නේ? (නි)

:       0       0

කැලුම් Tuesday, 17 November 2015 12:07 PM

වස්කවි කියන්න ඕනේ නෑ. (ර)

:       0       0

ගාමිණී Tuesday, 17 November 2015 04:56 PM

බුදුදහම පිළිගන්නා අපි කෙසේනම් තව කෙනෙකුට වස්කවි කීම අනුමත කරමුද? (නි)

:       0       0

උදය Tuesday, 17 November 2015 12:19 PM

තෙරුම් ගන්න මේවා හොඳටම ඇති. (ර)

:       0       0

කේ. පෙරේරා Tuesday, 17 November 2015 12:23 PM

සිවුර ඇඳගෙන නේද මේවා කියන්නේ, සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගිවේවා සුවපත් වේවා! බුදු වචනයට නිග්ග්‍රහ කරන්න එපා අපේ හාමුදුරුවනේ! (බ)

:       0       0

රත්න Tuesday, 17 November 2015 12:30 PM

ඔබ වහන්සේ කවදත් ජාතිය වෙනුවෙන් පෙනීසිටියා. නමුත් බොහෝ අයට අමතකයි රටක් වැටී සිටි හැම විටකදීම නැඟීසිටියේ ස්වාමින් වහන්සේලා බව (නි)

:       0       0

හේමන්ත Tuesday, 17 November 2015 12:39 PM

මෙහි ගරු ස්වාමීන් වහන්සේට දොස් කියන අය කරුණාකරලා ගැඹුරින් සිතා බලන්න. මේ විදියට කතාකරන්න මොන ස්වාමීන් වහන්සේද, නායකයාද ඉදිරිපත් වෙන්නේ අපේ රට ජාතිය වෙනුවෙන්? ජීවිතය පරදුවට තබායි උන්වහන්සේ මේවා කියන්නේ. (නි)

:       0       0

චමිලා Tuesday, 17 November 2015 12:42 PM

මගේ වැරදි වැටහීමට හේතුව වුණේ "මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය?" කියා උන්වහන්සේ ප්‍රශ්න කළ එකයි (නි)

:       0       0

වීරකෝන් Tuesday, 17 November 2015 05:57 PM

ඔය වස්කවි ඇත්තටම කියන අයට වදිනවද?? (නි)

:       0       0

චාරුනී Wednesday, 18 November 2015 04:36 AM

අපි ඔබවහන්සේ සමඟයි හිමියනි (නි)

:       0       0

නන්ද Tuesday, 17 November 2015 06:22 PM

මට නම් මේවා තේරුම් ගන්න අමාරුයි. තමන්ට එරෙහි අයට වස්කවි කියන්න කියා සඳහන් වෙන්නේ කොහේද කියා කියාදෙන්න හිමියනි. (නි)

:       0       0

එරංග Tuesday, 17 November 2015 06:29 PM

හාමුදුරුවනේ, අපිත් ඔබවහන්සේ සමඟයි (නි)

:       0       0

විජිත් Tuesday, 17 November 2015 07:06 PM

අපි බලමු කී දෙනෙක් මේ කියන දේවල් අහයිද කියලා (නි)

:       0       0

නිරෝධ Tuesday, 17 November 2015 01:01 PM

රට වෙනුවෙන් අපි ඔබ වහන්සේ සමඟයි (නි)

:       0       0

ශිහාන් Tuesday, 17 November 2015 10:18 PM

බුද්ධාගමේ අපි වස්කවි කියන්නේ කෙසේද? (නි)

:       0       0

සහන් Tuesday, 17 November 2015 10:36 PM

විකුම් රංගන, මාතෘකාවට අදාළව අදහස් දමන්න. (නි)

:       0       0

පෙරුමාල් Wednesday, 18 November 2015 05:31 AM

කියන්න හාමුදුරුවනේ වස් කවි (බ)

:       0       0

නුවන් දයානන්ද Wednesday, 18 November 2015 06:03 AM

ඇත්ත තමයි මේක යහපාලනය නෙමෙයි (බ)

:       0       0

නාලක Wednesday, 18 November 2015 01:32 AM

අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

රොක්සි Tuesday, 17 November 2015 01:54 PM

ප්‍රභාකරන්ටත් විරුද්ධව සමහරු වස්කවි කිවුවලු නේද? ඇත්තටම වස්කවි කියලා දෙයක් තිබෙනවද? (නි)

:       0       0

සනත් Tuesday, 17 November 2015 02:01 PM

අරමුණ යහපත් නම් ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත (නි)

:       0       0

රාධා Tuesday, 17 November 2015 02:12 PM

තරාදියට දමා ඇති දේ කිරාබලමු. එවිට නිවැරදි බව අපට දැනගත හැකිය (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 17 November 2015 02:19 PM

මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කොච්චර කෑගැහුවත් මිනිස්සු ඡන්දෙ නම් දුන්නේ නැහැ මේගොල්ලන්ට. (නි)

:       0       0

අමල් Tuesday, 17 November 2015 10:20 AM

අපේ සහයෝගය ඔබ වහන්සේට. (ර)

:       0       0

විකුම් රංගන Tuesday, 17 November 2015 02:39 PM

ප්‍රංශයේ ඇති වුන සිද්ධිය අහලා විශාල මානසික කම්පනයකට පත්වෙලා තියන පාටයි. හොඳ වෙලාවට එහෙ ඉන්න කට්ටිය යම්තම් බේරුනේ? (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 17 November 2015 10:34 AM

එ්ක ඇත්ත මොකද මට දැන් කලින් වගේ රට වටේ චන්ඩිකම් දාන්න දෙන්නේ නැහැනේ එ්ක හන්ද, (බ)

:       0       0

කරුණාරත්න Wednesday, 18 November 2015 02:37 AM

වස්කවි කියන්න කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධියේ කියනවා මම මේ ඇහුවමයි (නි)

:       0       0

රෝහණ Wednesday, 18 November 2015 02:33 AM

හාමුදුරුවනේ, ඕකෙන් වෙන්නේ තව කෙනෙකුට නරකක් නේද? බුදුරජාණන් වහන්සේ තමන් ඝාතනය කරන්න පැමිණි අංගුලිමාලටත් මෛත්‍රී කළා නේද? (නි)

:       0       0

චමිලා Tuesday, 17 November 2015 10:38 AM

ඔබ වහන්සේ කවද ඉදලද යහපලානේ බලාපොරොත්තු වුණේ ? එහෙම දෙයක් නිකමටවත් කිවේ නෑනේ කලින් ? (ම)

:       0       0

බණ්ඩා Tuesday, 17 November 2015 10:43 AM

කාලෙකට පස්සේ..... (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 07:11 AM

සෝභිත හාමුදුරුවෝ මෙන් ඔබ වහන්සේත් සියලුම ජනකොටස් වෙනුවෙන් කටයුතු කරන්න පෙළගැසෙන්න. එවිට ඔබ වහන්සේට ජාති ආගම් කුලමල භේදයකින් තොරව හැමෝම සහයෝගය දක්වාවි.(ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 17 November 2015 10:52 AM

මෙයාට මොන අයිතියද තියෙන්නේ යහ පාලනයක් ගැන කතා කරන්න. (ස)

:       0       0

කුමාර් ගල්ෆ් Tuesday, 17 November 2015 10:53 AM

මෙයාට මොන යහපාලනයක්ද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 November 2015 10:56 AM

හාමුදුරුවනේ වස් කවි කියන්නේ අනුන්ට විපතක් කරදරයක් වෙයන් කියලනේ , එහෙමනම් කොහොමද වස් කවි කියන්නේ? මොකද ඒ ධර්මස්කන්දය පුරාම තියෙන්නේ කරුණාව මෛත්‍රීය. (ස)

:       0       0

රොෂාන් Wednesday, 18 November 2015 03:14 AM

නැවතත් කරළියට එන්න වගෙයි හදන්නේ. (නි)

:       0       0

රසික Tuesday, 17 November 2015 11:17 AM

ඔබ වහන්සේව දැක්කෙවත් නෑ සෝභිත හිමි අපවත් උනු වෙලාවේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site