සියලු තැන්වලින් පේන්නේ මේ රට ආපස්සට යාමක් බවත් යහපාලන ආණ්ඩුවේ නායකයින්ට වස් කවි කියන්න ඕනෑ බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
‘සම්පූර්ණයෙන්ම වගේ රටේ සන්නද්ධ බුද්ධි අංශ අක්‍රිය කරලා. නිහඬ කරවලා. හිතා මතාම අක්‍රිය කරවලා. මේ මොන නිවට කමක්ද? මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය? රටේ හදවත බඳුයි රටක බුද්ධි අංශය. ජනපති හා අගමැති ඇතුළු මේ කවුරුත් ජාතික ආරක්ෂාව පිළිබඳ මොනම ආකාරයක තැකීමක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරන කැමැතියි. දැන් මේ දේවල් කරන්නේ ගෙම්බෝ වගේ ඇමැතිවරු. අර ආණ්ඩුවෙත් ඉන්නවා මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඇවිත් බක බක ගානවා‘ යැයිද ඥානසාර හිමියෝ කීහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පිටරටක හිටියත් අපේ සහය ඔබ වහන්සේට. ඉදිරියේදී අපිට ගොඩක් වැඩකරන්ට සිදුවේවි. (ර)
දේශපාලන ගැත්තන් වී සිංහල බෞද්ධ අයිතිය අමතකකරන කාටත් ,සිය මව්බිමේම අසරණයින් වන අනාගත සිංහලයන් ශාප කරාවි. අතීතයේත් හාමුදුරුවරු සිංහලයා වෙනුවෙන් සිවුර අමතකකළා. දන්නේ නැත්නම් ඉතිහාසය කියවා බලන්න. (නි)
කගේ කාගේත් කලහොද පස්සෙන් එලවනවා වගේ ? (ර)
අපගේ සහයෝගය ඔබ වහන්සේට නිරතුරුවම. (ර)
චමිලා, වැරදි වැටහිමක ඉන්නේ. (ර)
රෝහණ.කරුණ කරලා බන කියන්න යන්න එපා. (ස)
කුමාර්, පිටරටක ඉදන් මෙහෙ ගැන මොනවද දන්නේ. (ර)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා !!!! (ස)
ආ! දැන්නේ මතක්වුණේ. ඔබවහන්සේලාගේ පක්ෂයෙනුත් මහ මැතිවරණයේදී තරඟ කළා නේද? කොහොමද ඉස්මතුව ආ ජනතා බලවේගය? (නි)
අසූචි කප්පරක නිදාගත්ත අය අධෝවාතය හරිම ගදයි කීවලු , වෙන මොනා කියන්නද. .පින් පවු එනවා අප පසු පස්සේ (බ)
මේ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් කියලා මටත් හිතෙනවා (නි)
අපි ඔබවහන්සේ සමඟයි හාමුදුරුවනේ (නි)
ප්‍රසාන්, ඔබගේ අදහස තමයි හොදටම ගැලපෙන්නේ. (ර)
ඔන්න අපේ රටේ ස්වාමින් වහන්සේ නමක් කතා කරනවා. වස්කවි කිව්වට කමක් නැහැ. හැබැයි ස්වාමින් වහන්සේ කෙනෙක් වස්කවි කියන එක සුදුසු නැහැ. (නි)
පිටබැද්දර ජයා, ඔයාගේ අදහස නම් හරියටම හරි. වෛරය, ක්‍රෝධය නේද මේ වපුරන්නේ? (නි)
වස්කවි කියන්න ඕනේ නෑ. (ර)
බුදුදහම පිළිගන්නා අපි කෙසේනම් තව කෙනෙකුට වස්කවි කීම අනුමත කරමුද? (නි)
තෙරුම් ගන්න මේවා හොඳටම ඇති. (ර)
සිවුර ඇඳගෙන නේද මේවා කියන්නේ, සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගිවේවා සුවපත් වේවා! බුදු වචනයට නිග්ග්‍රහ කරන්න එපා අපේ හාමුදුරුවනේ! (බ)
ඔබ වහන්සේ කවදත් ජාතිය වෙනුවෙන් පෙනීසිටියා. නමුත් බොහෝ අයට අමතකයි රටක් වැටී සිටි හැම විටකදීම නැඟීසිටියේ ස්වාමින් වහන්සේලා බව (නි)
මෙහි ගරු ස්වාමීන් වහන්සේට දොස් කියන අය කරුණාකරලා ගැඹුරින් සිතා බලන්න. මේ විදියට කතාකරන්න මොන ස්වාමීන් වහන්සේද, නායකයාද ඉදිරිපත් වෙන්නේ අපේ රට ජාතිය වෙනුවෙන්? ජීවිතය පරදුවට තබායි උන්වහන්සේ මේවා කියන්නේ. (නි)
මගේ වැරදි වැටහීමට හේතුව වුණේ "මේකද අපි බලාපොරොත්තුවෙච්ච යහපාලනය?" කියා උන්වහන්සේ ප්‍රශ්න කළ එකයි (නි)
ඔය වස්කවි ඇත්තටම කියන අයට වදිනවද?? (නි)
අපි ඔබවහන්සේ සමඟයි හිමියනි (නි)
මට නම් මේවා තේරුම් ගන්න අමාරුයි. තමන්ට එරෙහි අයට වස්කවි කියන්න කියා සඳහන් වෙන්නේ කොහේද කියා කියාදෙන්න හිමියනි. (නි)
හාමුදුරුවනේ, අපිත් ඔබවහන්සේ සමඟයි (නි)
අපි බලමු කී දෙනෙක් මේ කියන දේවල් අහයිද කියලා (නි)
රට වෙනුවෙන් අපි ඔබ වහන්සේ සමඟයි (නි)
බුද්ධාගමේ අපි වස්කවි කියන්නේ කෙසේද? (නි)
විකුම් රංගන, මාතෘකාවට අදාළව අදහස් දමන්න. (නි)
කියන්න හාමුදුරුවනේ වස් කවි (බ)
ඇත්ත තමයි මේක යහපාලනය නෙමෙයි (බ)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
ප්‍රභාකරන්ටත් විරුද්ධව සමහරු වස්කවි කිවුවලු නේද? ඇත්තටම වස්කවි කියලා දෙයක් තිබෙනවද? (නි)
අරමුණ යහපත් නම් ප්‍රාර්ථනා ඉෂ්ට වනු ඇත (නි)
තරාදියට දමා ඇති දේ කිරාබලමු. එවිට නිවැරදි බව අපට දැනගත හැකිය (නි)
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කොච්චර කෑගැහුවත් මිනිස්සු ඡන්දෙ නම් දුන්නේ නැහැ මේගොල්ලන්ට. (නි)
අපේ සහයෝගය ඔබ වහන්සේට. (ර)
ප්‍රංශයේ ඇති වුන සිද්ධිය අහලා විශාල මානසික කම්පනයකට පත්වෙලා තියන පාටයි. හොඳ වෙලාවට එහෙ ඉන්න කට්ටිය යම්තම් බේරුනේ? (බ)
එ්ක ඇත්ත මොකද මට දැන් කලින් වගේ රට වටේ චන්ඩිකම් දාන්න දෙන්නේ නැහැනේ එ්ක හන්ද, (බ)
වස්කවි කියන්න කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධියේ කියනවා මම මේ ඇහුවමයි (නි)
හාමුදුරුවනේ, ඕකෙන් වෙන්නේ තව කෙනෙකුට නරකක් නේද? බුදුරජාණන් වහන්සේ තමන් ඝාතනය කරන්න පැමිණි අංගුලිමාලටත් මෛත්‍රී කළා නේද? (නි)
ඔබ වහන්සේ කවද ඉදලද යහපලානේ බලාපොරොත්තු වුණේ ? එහෙම දෙයක් නිකමටවත් කිවේ නෑනේ කලින් ? (ම)
කාලෙකට පස්සේ..... (ර)
සෝභිත හාමුදුරුවෝ මෙන් ඔබ වහන්සේත් සියලුම ජනකොටස් වෙනුවෙන් කටයුතු කරන්න පෙළගැසෙන්න. එවිට ඔබ වහන්සේට ජාති ආගම් කුලමල භේදයකින් තොරව හැමෝම සහයෝගය දක්වාවි.(ම)
මෙයාට මොන අයිතියද තියෙන්නේ යහ පාලනයක් ගැන කතා කරන්න. (ස)
මෙයාට මොන යහපාලනයක්ද? (ස)
හාමුදුරුවනේ වස් කවි කියන්නේ අනුන්ට විපතක් කරදරයක් වෙයන් කියලනේ , එහෙමනම් කොහොමද වස් කවි කියන්නේ? මොකද ඒ ධර්මස්කන්දය පුරාම තියෙන්නේ කරුණාව මෛත්‍රීය. (ස)
නැවතත් කරළියට එන්න වගෙයි හදන්නේ. (නි)
ඔබ වහන්සේව දැක්කෙවත් නෑ සෝභිත හිමි අපවත් උනු වෙලාවේ. (ර)