ජාත්‍යන්තරයට හිතකර යහපාලනයක් ගොඩනැගෙමින් තිබෙන අවස්ථාවක ඊට විරුද්ධ බලවේග ගොඩනැගෙමින් පවතින බව දකුණු පළාත් සභා එජාප මන්ත්‍රී අශෝක ධනවංශ මහතා බලපිටියේදී පැවසීය.
‘මිතුරු බලවේගත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ යහපාලනයට ප්‍රශ්න ඇති කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ සිද්ධිය පිළිබඳව මට කියන්න බෑ. ඒක ඇත්තද බොරුද කියලා. තමන්ගේ ඩිෆෙන්ඩර් රථය, ආරක්ෂකයෝ එතැනට ගියානම් කෙනෙක්ට තර්ජනය කළානම් ඒක යහපාලනයට විරුද්ධ ක්‍රියාවක්. මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපට කියන්න තියෙන්නේ යහපාලන කිරිහට්ටියට ගොම පොඩ්ඩක් වැටුනම මොකද වෙන්නේ. කරුණාකරලා මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලන්නේ මේ ගොම පොඩ්ඩ ඉවත් කරදෙන ලෙසයි‘ යනුවෙන් ධනවංශ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරෝෂ්ගේ කතාව ඇත්ත.ඔය ගොඩාක් මහින්දවාදීන් තමයි මේ ගැන ලතැවෙන්නේ. එදාට වැඩිය නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටු වෙන්න ඕනෑ. හිරුණිකා කළ දේ හරි කියනවා නෙමෙයි. ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටුවෙන්න. (නි)
දේශපාලන හෝඩි පොතවත් නොදන්නා හිරුනිකා , තම පියාගේ මල කඳ , උඩින් දේශපාලනයට පැමිණියේ , පියාගෙන් පසු නැතිවී යන , පියාගේ කාලයේ ලබපු බලය , බුදලය , සැපසම්පත් නොමිලේ ලැබෙන රජයේ ඇති සුව නව නිවාස රේක ගැනිමට මිස , රටට ජනතාවට ආදරයකට නොවෙන බව මම නම් දෙන සිටිය , මම අයගේ පියාත් , ඔය හිරුනිකා උපන් දිනයේ සිට දන්නා කෙනෙක් ,වෙල්ලම්පිටියේ පදිංචි (අ)
කිරි හට්ටියට ගොම වැටිල නෙමෙයි. එක ජාතියෙ කුරුල්ලො එකට ඉගිලෙනව. (කෞ)
අපිට හිරුනිකා විශ්වාශ කරන්න පුළුවන්. එයා නරක දේවල් කරන කෙනෙක් නෙමෙයි. මිනිස්සු ඉරිසියාවට එයාට මඩ ගහනවා. කරදරේ වැටුනම තවත් අමාරුවේ දාන්න හදනවා. (කෞ) .
මොකෝ දැන් මේ සිද්ධිය ගැන විතරක් මෙච්චර කතා කරන්නේ කට්ටිය? හිරුණිකාගේ කට්ටිය මිනිහව උස්සලා සද්දයක් දාලා අතහැරියා කියමුකෝ. එතකොට අනිත් අය? ඒ කාලේ මොකද කළේ? උස්සපු මිනිස්සු අද වෙනකොටත් නැහැනේ (නි)
තාත්තාගේ නම තියන්න එපායැ (බ)
පියාගේ අඩි පාරේ යන දුව , හිටපු පක්ෂය අත හැරලා එජාපයෙන් ඉල්ලුවේ යහපාලනය කියා සුදු වෑන් සංස්කෘතියට විරුද්ධව , දැන් කළු ඩිපෙන්ඩර් සංස්කෘතියක් එයා විසින්ම මෙහෙයවනවා (බ)
ජාත්‍යන්තරයට යහපාලනය නියමයි ? (බ)
දැන් නම් අමාරුයි ගොම පිරිසිදු කරගන්න (නි)
යහපාලන ගොම හැලිය කිරි ටිකක් උඩින් ඉහල ලස්සනට පෙනෙන්නට තිබෙන බවනම් දැන් පැහැදිලියි. ටිකෙන් ටික ගොම උඩට එමින් තිබෙනවා. (බ)
ගොම වැටිලා නෙමෙයි, සමහරු ගොම නාගෙන ගොඩක් කල්. (නි)
ඉරෝෂ් හරි. ඒ කාලේ ඒවා වුණ හින්දා තමයි යහපාලනය ආවේ. යහපාලනයේදී මේවා වෙන්නේ නැහැ කියලනේ කිවුවේ. (නි)
යහ පාලනයේ රෙදි ගැලවිලා දැන්.ජනතාව මැතිවරණයක් එනතුරු බලාගෙන ඉන්නේ. (බ)
හිරුනිකාගෙන් විතරද ගොම බින්දුවක් වැටිලා තියෙන්නේ.පොඩ්ඩක් ඔලුව දාල බලන්න ඇමතිතුමා මම හිතන්නෙනම් තුන්කාලක්ම ගොම කලේ නිසා පිටට පේනවා අඩුයි (බ)
ජාත්‍යන්තරයට හිතකර පාලනයක් හින්දාද හිරුනිකා තාම නිදහසේ ඉන්නෙ. හට්ටියේ තනිකර ගොම විතරමයි. (ස)
අවුරුදු පහ ඉවර වෙනකොට රාජපක්ෂ යුගය වගේම කිරි හට්ටියට ගොම පුරවා ගනීවිද? (ස)
හිරුනිකාගේ පියාවන භාරත ලක්ෂමන් ගිය අඩි පාරේම දුවත් ගමන් කරනවා වාගේ , පසුගිය චන්දයෙන් රේල්ලට ආපු තවත් දේශපාලිකාවක් හිරුනිකා කියන්නේ , මේ සිදුවීම් අප බලාපොරොත්තු විය යුතුය. (ස)
සුදු පාටට තීන්ත ගෑ කළය දුරට පෙනෙන්නේ කිරි පිරුණු බඳුනක් වගේ .දුර්ගන්ධය විහිදෙන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ ගොම වලින් පිරුණු බව . (ස)
කිරිවල ගොම වේන් කරන්න ගිහිල්ල කිරි හැට්ටියට අත දානවා එහෙම නෙවෙයි (ම)
ගොම නෙමේ අශුචි වැටිලා තියෙන්නේ. (අ)
ඔප්පු කළහැකි සාක්ෂි ගොන්නක් තිබියදී ඇයට කුමකටද නිවැරදි කරන්න කියා ඉල්ලා සිටින්නේ? ඒකට නේද රටේ නීතියක් ස්ථාපිත වී තිබෙන්නේ? (නි)
අපි ඊළඟ මැතිවරණයේදී උත්තර දෙන්නම්කෝ (නි)
දැන්නම් හොඳටම ගොම ගෑවිලා ඉවරයි (නි)
දැන් ඉතින් ඕවා කියලා මොනවා කරන්නද? (නි)
ගොම වැටුනම ඒ කිරි වලින් ඇති ඵලය කීම? (ම)
පොඩ්ඩක් නොව දැන්නම් කන්ටේනරයක් විතර වැටිලා (නි)
අනිත් පැත්තෙන් අපු අයට ටිකක් කල්ගතවෙනවා පරණ පුරුදු අතහැර යහපාලනයට හුරුවෙන්න ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවාන.(කෞ)
මොකද එයාලට ඉල්ලා අස්වෙන්න කියලා කෙළින්ම ඉල්ලීමක් කරන්න බැරි? (නි)