IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යසෝධරා ඇවිත්...

යසෝධරා සරච්චන්ද්‍ර යන මේ නාමය ඔබට අමුතු නාමයක් නොවන්නේ අප අතරින් වියෝ වූ ශ්‍රී ලාංකීය යුග පුරුෂයෙකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බාල දියණිය නිසාම නොවේ. ඒ පසුකලෙකදී එතුමා වෙතින් බිහි වූ ශ්‍රේෂ්ඨ නාට්‍ය කිහිපයකට ප‍්‍රධාන භූමිකාව ඇය නිරූපණය කිරීම නිසාවෙනි. එසේ වූ යසෝධරා පසුගිය දස වසරක කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ සිටියේ නැත. විවාහයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා සැමියා සමග ඔස්ටේ‍්‍රලියාවට ගිය ඇය දැන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. නමුත් ඒ හිස් අතින්ම නොවේ. ශ්‍රී ලාංකීය නාට්‍ය වේදිකාවට තවත් ළමා නාට්‍ය ද්විත්වයක් රැුගෙනය. ඒ නිසාම දස වසරකට පසු ශ්‍රී ලංකාවට ආ යසෝධරා සහ කුසුම්සිරි යුවළ අපි සඳැල්ලට කැඳවීමු. යසෝධරා කාලයකට පසු නිසා වත්මන් පරපුරට දැනගැනීම සඳහා ඔබ ගැන කරන හැඳින්වීමකින් පටන් ගනිමු. පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළට තෝරාගත්තේ භාෂා අංශයයි. ජපන්, ඉංගී‍්‍රසි සහ ප‍්‍රංශ භාෂා ඒ සඳහා තෝරාගත්තා. ඒ එක්කම හින්දුස්ථානි සංගීතයත් ප‍්‍රගුණ කළා. ඒ සියල්ල අතරේ බී.පී. වික්ටර් පෙරේරා සර් යටතේ සංගීතය හැදෑරුවා. සිතාර් වාදනය ඉගෙන ගත්තේ දේවගේ ගුරුතුමා යටතේ. චිත‍්‍රසේන වජිරා කලායතනයෙන් නර්තනය හැදෑරුවා. නාට්‍ය වේදිකාවට ආවේ? වයස අවුරුදු 9 ඉඳලම තාත්තගේ නාට්‍යවලට දායක වෙන්න අවස්ථා ලැබුණා. ඒ අනුව වෙස්සන්තර ඇතුළු තාත්තාගේ සෑම නාට්‍යයකම වාගේ රඟපෑමේ භාග්‍යය හිමිවුුණා. ඉන් පස්සෙ අම්මා ලලිතා සරච්චන්ද්‍ර කළ ‘රත්නාවලී’, ‘යෙර්මා’ යන නාට්‍යවලත්, සෝමලතා සුබසිංහ මහත්මිය කළ ‘විකෘති’ නාට්‍යයෙත් රඟපෑවා. ඉන් පස්සෙ සමාජ විද්‍යා විශේෂවේදී උපාධිය සඳහා ඉන්දියාවට ගියා. (නව දිල්ලි සරසවියට) ඉන් පස්සෙ? ඉන්පසුව ලංකාවට ඇවිත් පශ්චාත් උපාධිය කොළඹ සරසවියේදී නිම කළා. ඊට අමතරව කැලණි සරසවියේ සමාජ විද්‍යා අංශයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා. එලෙසින් වසර තුනක් පමණ කටයුතු කළාට පසුව තමයි නවසීලන්තයට ගියේ. එහි වසර 5ක් සිට අප දැන් සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේ. සැමියා සහ පවුලේ විස්තර ගැන පැවසුවොත්? සැමියාගේ නම කුසුම්සිරි. එයා ඒ දිනවල නාට්‍ය කණ්ඩායම් කීපයකම සිටියා. අපේ තාත්තාගේ නාට්‍යවලටත් දායකව සිටියා. ඔහු හඳුනා ගන්න ලැබුණේ ඒ කාලයේදීයි. ඔහුත් කැලණි සරසවියේ විශේෂවේදී උපාධිධාරියෙක්. වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නියැලෙමින් මෙල්බර්න් සරසවියේ තියටර් සහ ඩ‍්‍රාමා අංශයෙන් පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපන කටයුතු කරනවා. අපි දෙන්නට පුතෙක් සහ දියණියක සිටිනවා. පුතාගෙ නම ඉන්ද්‍ර මේධංකර. දියණිය පංචාලි. ඔබ සියලූ දෙනා නවසීලන්තයේ පුරවැසිකම ලබාගෙනද සිිටින්නේ? ඔව්. ඒත් කුසුම්සිරිගෙ පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කෝමලා වගේ සිටින්නේ ඔස්ටේ‍්‍රලියාවේ. එයාලගෙ ළමයින් සිටින්නේ එහේ. ඒ නිසා අපේ දියණිය සහ පුතුට ලංකාවේ වගේම ඥාති සබඳතාව සහ අපේකම සමග ජීවිතය ගෙවන්න අවස්ථාව ලැබිලා. ඒ ගැන සතුටුයි. එහිදී නාට්‍ය එහෙමත් කරනවා නේද? නවසීලන්තයේදී ළමුන් සඳහා නාට්‍ය වැඩමුළු පටන්ගත්තා. ඔස්ටේ‍්‍රලියාවට ගියාමත් ඒවා පවත්වාගෙන යනවා. ඒ අතරේ පුංචි පුංචි නාට්‍ය එහෙම නිර්මාණය කළා. මෙල්බර්න් වලදී වැඩිහිටි අයටත් නාට්‍ය වැඩමුළු කළා. ඒ සියල්ල අතරේදී තමයි නාට්‍ය නිෂ්පාදන සඳහා දායක වුණේ. දැන් ඒ නිර්මාණ ශ්‍රී ලංකා වේදිකාවට ගෙන එන්නයි සූදානම. ‘දඟයා’ සහ ‘පුංචි අන්දරේ’ නමින් ඒ නාට්‍ය දෙක නිර්මාණය කළේ ඒ නිසාද? ඔව්. ඒ කියන්නෙ දැන් දිගටම ලංකාවේ සිටින්නද කල්පනාව? නැහැ. අපි දෙන්නම තවදුරටත් වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා සිටින්නෙ. ඒ සරසවි අධ්‍යාපන කටයුතුවලින් පසුව තීරණය කරාවි. සමහර විට එවිට මේ විදියට තව තවත් නාට්‍ය නිර්මාණය කරාවි. කවදද ‘දඟයා’ සහ ‘පුංචි අන්දරේ’ රඟදැක්වෙන්නෙ? නොවැම්බර් 5 සහ 6 වෙනිදා කොළඹ ලයනල් වෙන්ටඞ් රංග ශාලාවේදී. දැන් සරච්චන්ද්‍ර ශූරීන්ගේ නාට්‍ය කොහොමද? අම්මා ලලිතා සරච්චන්ද්‍ර ඒවා පවත්වාගෙන යනවා. ඒ සියල්ලෙහි කටයුතු සියල්ල සම්පාදනය වන්නේ එතුමිය අතින්. ඒවා හොඳට පවත්වාගෙන යනවා. හොඳ ශිල්පීය කණ්ඩායමක් සිටිනවා. ළමුන් වෙනුවෙන් නිර්මාණය වූ මේ නාට්‍ය ද්විත්වය සඳහා ප‍්‍රවීණ නාට්‍යවේදී සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර ඇතුළු රංග ශිල්පීන් රඟපානවා. නමුත් ඔස්ටේ‍්‍රලියාවේදී ඒ සියල්ල සිදුවන්නේ ළමුන්ගේ දායකත්වයෙන්. මෙහිදී මේ නාට්‍ය සඳහා සංගීතය ශාන්ත පීරිස්ගෙන්. අද ලංකාවේ වේදිකාව මොන වගේ කියලද ඔබට දැනෙන්නේ? අවුරුදු 10ක් විතර රටෙන් පිටව හිටපු නිසා ඒ ගැන විචාරයක් දෙන්න බැහැ. වසර තුනකට පෙර ඇවිත් ගියත්, වැඩි කාලයක් නොසිටපු නිසා යමක් කීම අපහසුයි. කොතරම් දුරක අපි සිටියත් හෘද ස්පන්දනය තියෙන්නේ ලංකාවේ. මේ ‘දඟයා’ සහ ‘පුංචි අන්දරේ’ නාට්‍ය මොන වගේද? ඒ ගැන කුසුම්සිරිගෙන් දැනගැනීම වැදගත්. මොකද මෙහි පිටපත ඔහුගේ. හොඳයි එහෙමනම් කුසුම්සිරි ඔබ මේ නාට්‍ය ද්විත්වය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා අප විමසුවොත්? අවුරුදු 10ක් විතර රටෙන් පිටව සිටියත් ලංකාවේ නාට්‍ය කෙරෙහි අවධානයෙන් සිටියා. ඒවා ස්පර්ශ කරන්න උත්සාහ දරුවා. ඒ අනුව මා දැකපු දේ වන්නේ වැඩිදෙනෙක් නාට්‍ය කළත් ඒවා පර්යේෂණාත්මක සහ නව ආකෘතිවලට අයත් බවයි. සියල්ල අලූත් වෙන්න  ඕන තමයි. නමුත් දශකයක් නොවේ. සියවස් ගණනාවක් පුරාවට විඥානය අවබෝධ වන පරිදි යමක් කිරීම (අපේ රිද්මයට අනුව) අපේ අරමුණයි. ‘දඟයා’ සහ ‘පුංචි අන්දරේ’ ළමුන්ට වඩාත් දැනේවි කියා අප විශ්වාස කරනවා.

සටහන/ඡායාරූප සඳුන් ගමගේ
 



අදහස් (0)

යසෝධරා ඇවිත්...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site