සීඑස්එන් නාලිකාවට අයථා ලෙස මුදල් යෙදවූ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ බ්‍රහස්පතින්දා යළි රිමාන්ඩ් කැරිණි. උසාවි නියෝගයෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීහු ඔහුගේ දෑත්වලට මාංචු දමා බන්ධනාගාර බස්රියට නංවා ගනු ලැබූහ.
එහෙත් ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබුණේ යතුරු නොදමමිනි. ඔහුගේ දෑත්වලට මාංචු දමා ගෙනයන ඡායාරූපවල සමීප දසුන් පෙන්වා දී ඇත්තේ යතුරු දමා නොතිබූ මාංචුව එක් අතක අල්ලට තදවී තිබෙන ආකාරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් කවදා හෝ පල දෙනවා. අද සුරසැප වින්දත්, කවදා හෝ වරදේ ආනිසංස ලැබෙනවා (නි)
හොරු කවදාවත් මේ වගේ දේවල් අනුමත කරන්නේ නැ.මුන් කරපු ජඩ වැඩ දන්නා කෙනෙක් මේ සිද්දිය බොරුවක් කියල පිළිගන්නේ නැ .මේ සිද්දිය ඇත්ත කතාවක් (රේ)
ලංකාවේ නැවත නොඉපදේවා කියා පතමි. (නි)
පැමිණිලිකාරයෝ වැරදිකාරයෝ, විත්තිකාරයෝ නිදහස් (නි)
යෝශිතව ගත්තේ හොරු නොඇල්ලීමේ මහජන අප්‍රසාදය මගහරවා ගැනීමට පමණයි. (ර)
දානකොට පනින්න ඇති. හිතල නෙවෙයි කරන්න ඇත්තේ (කෞ)
රට නිදහස් කළ නායකයාගේ දරුවා ගැනත් ඒ පවුල ගැනත් සමහරුන්ට ඇත්තේ ඊර්ෂ්‍යාවක්. ප්‍රභාකරන් කොච්චර දෙමළ දරුවන් මැරුවද? කොච්චර සල්ලි මංකොල්ලකෑවද? ඒත් ඒ මිනිස්සු ඔහු වෙනුවෙන් එකම සිතින් ආදරය කරනවද? (නි)
මාධ්‍ය සංදර්ශන ඔබලා පෙන්වනවා,අපි බලන් ඉන්නවා.(කෞ)
රාජ මාලිගේ - පරවියාවගේ- ඉපදුනාට පස්සේ (බ)
සමහරුන්ගේ අදහස් දකිද්දී මතක් වන්නේ රුසියාවට වැඩිය ලොකු මොකක්ද මන්දා එකක් (නි)
මෙයත් මාසයක් විතර ඇතුළේ ඉඳලා මොකුත්ම වෙලා නැහැ කියලා එළියට දායි. මේ හැමදේම මෙගා ටෙලිනාට්‍යක් විතරයි. දේශපාලුවන්ට ඕනෑ විදිහට තිරපිටපත වෙනස් කරලා මිනිසුන්ව ගොනාට අන්දවනවා. (නි)
ප්‍රනාන්දු ඔබ පැරීසියේ ඉඳගෙනද සුද්දන්ට බනින්නේ.ඔබගේ ජාත්‍යාලයත් අපට හිතා ගත්තැහැකියි. ඔබ පැරීසියේදි සුද්දන් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කරනවාම ඇති. ඔබේ වචන වලින්ම ඔබට තිබෙන ප්‍රශ්නය අපට පේනවා.(බ)
වීර වැඩක් කරලා වගේ ඉන්නේ ඒකට මොකද අප්පා රටේ අනාගත පරපුර ගැන කථා කළේ (බ)
යහපාලනයේ ගොඩක් දේවල් නමට පමණයි (නි)
ප්‍රනාන්දු, කොන්දක් තිබෙන මිනිහෙක් කවදාවත් තව කෙනෙක්ගේ දේවල් හොරාකන්නේ නැහැ. වැදගත් විදිහට තිබෙන දෙයින් ජීවත්වෙනවා. (නි)
ඕක විතරක් නෙමෙයි අනෙක් ඒවත් නමට පමණයි (බ)
අමතක වීමක් (බ)
ඒ වෙලාවේ මෙයාට මාංචු දැමු ජෙලර්ගෙන් ප්‍රශ්න කරන්න තියෙන්නේ.මේක නිතිය හා බැඳුන ප්‍රශ්නයක්.වගකිව යුත්තනි..ඔබලා නිදිද (කෞ)
අපි බලා ඉන්නෙ ඕවට දඬුවම් ලැබෙනතුරු. දඬුවම් දෙන්න අපිට දෙන්න. (නි)
මේකත් එක්තරා රඟපෑමක් විතරයි. (නි)
මේවා සංදර්ශන පමණයි. ඡන්දය දුන් ඡන්දදායකයන් රැවටීමට කරන වැඩ. හෙට අනිද්දා ඔහු නිදොස් වෙලා එළියේ. කවුරුහරි පොඩි එකෙක් පිට වරද පටවා ඔහු මාස 6 කට පමණ හිරේ දමාවි (නි)
ඔය කරන්නේ රඟපෑමක්. අවංකවම/සත්‍ය ලෙසම කරනවා නම් ජෙනරල් ෆොන්සේකාට බාරදෙන්න පුළුවන්නේ. (නි)
රොහාන් දයාදර, අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දෙන්න ඕනෑ. ඔය විදිහට රටකට අධිකරණ ඕනෑම නැහැනේ.මොනවද මේ කරන විහිලු. (නි)
මෙයාට නම් බාගෙට හරි දාගෙන ආවනේ. අර නෝනා කෙනෙක් ආවේ පෝරුවට නගින්න වගේ. (අ)
පැනලා යයි, බලාගෙන... (නි)
අබුද්දස්ස කාලේ! (නි)
ප්‍රනාන්දු මහතා ඔබගේ කීම අගය කරමි (බ)
සිනහවෙන් ඒ බව පැහැදිලියි (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
සාමාන්‍ය මිනිසුන්ට තමා හැම නීතියක්ම (නි)
මල්ලියේ නොහොබිනාකම් හුරුවෙන්න එපා... බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා.... හතුරෙකුටවත් මට වන් දුක දෙන්න එපා... (නි)
වෙරංග, යහපාලනයේ සමහර සුද්දවන්තයෝ ජනතා මුදල් කොපමණ සොරා කා තිබේද කියා ඔබ දනීද? (නි)
මේ දෙයින්ම පේනවා නේද බොරුවක් කරන්නේ කියලා.(හේ)
බලනකොට අපිටනේ මාංචු වැටිලා තියෙන්නේ (නි)
බඩගින්නට කොස්ගෙඩියක් පොල්ගෙඩියක් කඩලා අහුවුණා නම් කකුල් දෙකටත් මාංචු දායි. අනේ මෙහෙමත් නිලධාරීන්? (නි)
ඉගෙනීම ඔබගේ ධනය යැයි සිතා, දුරලන්න වංචා, ඊර්ෂ්‍යා... (නි)
මහබැංකු මහා මංකොල්ලයට මාංචු වැටෙන්නේ කවදාද? (නි)
මේ සියල්ල මහජනයා රවට්ටන්න කරන බොරු. ටිකක් ඉඳලාම බලන්නකෝ. (නි)
නමුත් ඉතින් එයා මාංචු ගළවාගෙන පැනලා ගියේ නැහැනේ. ඔය ඉන්නේ බස් එකට වෙලා (නි)
දේශයට ආදරයක් තිබෙන පර සුද්දන් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන පවුලක සාමාජිකයෙකුට ගෙම්බෙක් වගේ නිතරම බක බක නොගා සිටින්න !, නොමැති නම් අනිත් වටයේදී පර ගැතියන්ට වෙන දේ දැකල ඔබගේ මනස විකෘති වීමට ඉඩ ඇත (බ)
මේවා දැකලා දැන දැන් අපිට එපාවෙලා. අවුරුදු පහ ඉවර වෙනකම් මෙහෙමම යාවි වෙඩක් සිදු නොවී. (ර)
රටේ ප්‍රභූවරු කියාගන්නා මහජන මුදල් වංචා කරන මිනිසුන්ට මාංචු කැප නැහැ. සාමාන්‍ය අහිංසක අයට තමයි කැප. අපි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
ඇත්තටම මම කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ. ගරුකරන කෙනාට ගරු කරනවා. කවුරු වුණත් මහජනගේ අහිංසක මුදල් වලින් සැප විඳින එක ගැන ලැජ්ජයි. (නි)