සිය පියා සමග උගන්ඩා නව ජනාධිපති පදවි ප්‍රාප්තියට උගන්ඩාවට යාමට යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම මහාධිකරණයට යොමු කරන ලෙසත් දැනුම් දුන්නේය.
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ඔහු ඇතුළු සිව් දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති. ඔවුනට විදේශ ගතවීමද මහාධිකරණයෙන් තහනම් කර තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ලැබී ඇති ඇරයුමක් අනුව පියා සමග එහි යෑමට සතියකට අවසර දෙන්නැයි යෝෂිතගේ නීතිඥවරු ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරමර අස්සේ බර කරත්ත . එහේ පාසලකට වත් ඇතුළු කරලා දරුවට උගන්වන්න ද.(හේ)
එක ජාතියේ කුරුල්ලෝ එක අත්තට වහන්න එනවාලු. අපි නොදන්න උගන්ඩාව.(හේ)
මේ ඉඩිඅමීන් හිටපු රට නේද? (නි)
උගන්ඩාව එක්සත් ජාතීන්ගේ රටක් නොවේද.....(හේ)
උගන්ඩාවට යන්න හදන්නේ ඇයි? (නි)
අයියෝ, මොකද මේ වගේ රාජ්‍යවලට යන්නේ? (නි)
ලෝකේ රටවල් විශාල ගණනක් මහින්දට එරෙහිවුණ කාලේදී “මහින්ද සර්" කියලා, සමහර රටවල් වලින් ලැබුන සහයට ප්‍රතිචාර දැක්වීමටනේ මෙච්චර දුර ගෙවා අප්පච්චි එක්ක නෑගම් යාමට පුතා සුදානම් වෙන්නේ! (නි)
රටේ සල්ලි හොරකම් කරලා කියලා චෝදනා ලබලා උගන්ඩා යන්නද අහන්නේ?
පොදු විපක්ෂය කියලා කට්ටියක් එකතුවෙලා මහින්ද රාජපක්ෂ බලයට ගෙනඑන්න කොච්චර වලිකෑවත් මහින්ද රටේ ජනාධිපති වෙලා ඉන්න කාලේ ආශ්‍රය කරපු විදේශීය නායකයෝ දිහා බලපුවම හිතාගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ කියන්නේ මොනවගේ නායකයෙක්ද කියලා (නි)
අධිකරණය මඟින් ලබාදුන් මේ තීරණය මුළු රටම අගය කළයුතු වෙනවා. මෙතරම් අතිවිශාල මූල්‍ය වංචා චෝදනා රැසකට මුහුණ පා සිටින මොහු, අප්පච්චි එක්ක මොකට රට යන්න හදනවද? කළු ලෝගු අඳින අප්පච්චි සහ සහෝදරයාවත් කිවුවේ නැද්ද මහාධිකරණය මඟින් විදේශ ගමන් තහනම් කර තියෙද්දී මහේස්ත්‍රාත් උසාවියකින් එය ආපසු හරවා ගන්න බැහැ කියලා? (නි)
අැයි ඇමරිකාව ජර්මනිය එංගලන්තය වගේ රටවලට යන්නේ නැතුව මේ වගේ රටවලට පමණක් යන්නේ. (නි)
උගන්ඩා නොවෙයි සෝමාලියාවට යවන්න හිතෙනවා මට නම් (නි)
ආරාධනාව නිල මට්ටමින්ද? නොනිල මට්ටමින්ද? වත්මන් ජනපතිටත් ආරාධනා කරලද? දෙන්නටම එකට යන්න බැරියෑ (නි)
කට්ටියක් ඡී8 සමුලුවට, රාජපක්ෂ මහතා උගන්ඩාවට... අනේද කියන්නේ? (නි)
අප්‍රිකාවටයි ඉරානයටයි හැරෙන්න මේ අය වෙන කුමන රටකට යන්නද? අනිත් ඔක්කොම රටවල් තරහයිනේ. (නි)
රටේ වාසනාවට ජනවාරි 8 වෙනිදා අපේ රට ඒකාධිපති පවුලකින් නිදහස් කරනොගන්න අපේ රටත් මේ වෙනකොට උගන්ඩාවක්, සෝමාලියාවක්, ඉතියෝපියාවක් වෙලා ඉවරයි. (නි)
නියම තැනකටනේ යන්න හදන්නේ. (නි)
අයියෝ! යන්න ඕනෑ රටක්ද උගන්ඩාව කියන්නේ?? (නි)
පරණ යාලුවන්ගෙන් තවම ආරාධනා එනවා වගෙයි. නියම රටවල් තමා අල්ලාගෙන හිටියේ. (නි)
දැන් ඉඩි අමින් එහෙ නැහැ නේද? (නි)
ආණ්ඩුව අඬබෙර ගහපු විදියට මං හිතුවේ මෙයා තවම ඇතුළේ කියලා. (නි)
ස්වාසිලන්තේ පැත්තේ යන්න අදහසක් නැද්ද? (නි)