IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


යෝෂිතගේ ඇප ඉල්ලීම කල් යයි : එෆ්සීඅයිඩීයටත් නොතීසී

ඇප ඉල්ලා  ගොනු  කළ ඇප අයදුම්  පෙත්සමේ  වගඋත්තකරුවන් ලෙස නම් කර  සිටින මුල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසයේ  භාර  නියෝජ්‍ය  පොලිස්පති එහි  ස්ථානාධිපති  නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට  ලබන 29 වැනි දා  අධිකරණය හමුවේ  පෙනි  සිටින්නැයි  කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා  අද (17) නොතිසි  නිකුත් කළේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ජනපති පුත්  යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්  දුන් නඩු  තීන්දු  ඇතුළත්  ලඝු  ලේඛන සටහන්  මහාධිකරණයට  කැඳවා  ආරක්ෂිතව තබා ගන්නැයි විනිසුරු හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.

යෝෂිත ඇතුළු  සැකකරුවන්  ප්‍රථම වරට  ජනවාරි 30 වැනි දා  කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ  පෙනී සිටි අවස්ථාවේ  නඩුවේ  සටහන්  ලියා  තිබුණත්  එදින ලඝු ලේඛිකාවන්  නොසිටි බැවින්  ඒ පිළිබඳ පරික්ෂණයක්  පවත්වන ලෙස  පෙත්සම්කාර පර්ශවයේ  නිතිඥවරු අධිකරණයෙන්  ඉල්ලා සිටියහ.

මහේස්ත්‍රාත්වරයකුගේ  ක්‍රියා  කලාපය සම්බන්ධයෙන්  තමාට  පරික්ෂණයක්  කළ නොහැකි  බවත් ඒ පිළිබඳව අධිකරණ සේවා  කොමිසම තීන්දුවක්  ගත යුතු  බවත්  මහාධිකරණ විනිසුරු  කීවේය.



අදහස් (0)

යෝෂිතගේ ඇප ඉල්ලීම කල් යයි : එෆ්සීඅයිඩීයටත් නොතීසී

ජයතු Wednesday, 17 February 2016 04:09 PM

මහින්දගේ රහසිගත අනුශාසනා වලට අනුවයි රනිල් මෛත්‍රි ක්‍රියාත්මක වෙන්නේ ජනතාව මෙිාඩයෝ. (අ)

:       0       0

දහම් Wednesday, 17 February 2016 04:25 PM

එෆ්. සී.අයි.ඩී. එකටත් මෙකෙන්නම් පරිප්පුවක් කන්න වෙයි වගේ.(රේ)

:       0       0

වින්සන්ට් Wednesday, 17 February 2016 06:58 PM

ජයතු මහතාගේ අදහසේ යම් ඇත්තක් ඇත. අනාගතයේ දේශපාලන බල ගනුදෙනු පියවා ගැනීමට වැරදිකරුවන් වීමට සිටින අයගේ තත්ත්වය කුමක් වේද යන්න අපි බලා සිටිමු. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 17 February 2016 08:18 PM

[නඩුවේ සටහන් ලියා තිබුණත් එදින ලඝු ලේඛිකාවන් නොසිටි .....] මොන හේතුවක් නිසාද ඔවුන් නොසිටියේ? කවුරුවත් එයාලට එන්න එපා කිවුවද? මෙහෙම පුලුවන්ද මෙවැනි බරපතල චෝදනා එල්ලවී තිබෙන නඩු ඉක්මනින් විසඳා ගැනීමට? (නි)

:       0       0

රොෂාන් Wednesday, 17 February 2016 08:48 PM

අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

හේවා Wednesday, 17 February 2016 09:19 PM

ජයතු මහතාණෙනි, මහජනයා මෝඩයෝ වශයෙන් ඔබ සළකන්නේ නම් මහජනයෙකු වශයෙන් ඔබද මෝඩයෙකි (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 17 February 2016 01:10 PM

රටේ ඉන්න ලොකුම නීතිවේදීන් , ඉහලම මුදල් අයකරන්නේ , ඔවුන් මේ පිනට මේකට කතා කරනවද ? සල්ලි වලටද ? සොච්චමක් මේවට වියදම් කළාම මොකෝ , මහන්සියෙන් උගත් කමින් හම්බ කරපු නැති නිසා (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 17 February 2016 10:08 PM

දුෂිතයන්ට හිරගෙදර "පරිප්පු" කන්න දෙන්න යහපාලනය ක්‍රියාත්මක නොවන්නේ නම් යහපාලනයටද ජනතාව "පරිප්පුව" සුදානම් කරනු ඇත. නීතියක් පරාජිත තත්ත්වයට පත්වෙනවා දකින්න සතුටුවෙන අය කවර දහමක් තේරුම්ගත් අයද යන්න සිතාගත නොහැකිය. (නි)

:       0       0

තෙශාන් Thursday, 18 February 2016 06:28 AM

මේගොල්ලන්ගේ කාලේ අපි දන්නවනේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site