ඇප ඉල්ලා ගොනු කළ ඇප අයදුම් පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කර සිටින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ භාර නියෝජ්‍ය පොලිස්පති එහි ස්ථානාධිපති නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 29 වැනි දා අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා අද (17) නොතිසි නිකුත් කළේය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයි කියන සිද්ධියක් ගැන හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් දුන් නඩු තීන්දු ඇතුළත් ලඝු ලේඛන සටහන් මහාධිකරණයට කැඳවා ආරක්ෂිතව තබා ගන්නැයි විනිසුරු හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
යෝෂිත ඇතුළු සැකකරුවන් ප්‍රථම වරට ජනවාරි 30 වැනි දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ නඩුවේ සටහන් ලියා තිබුණත් එදින ලඝු ලේඛිකාවන් නොසිටි බැවින් ඒ පිළිබඳ පරික්ෂණයක් පවත්වන ලෙස පෙත්සම්කාර පර්ශවයේ නිතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මහේස්ත්‍රාත්වරයකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමාට පරික්ෂණයක් කළ නොහැකි බවත් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම තීන්දුවක් ගත යුතු බවත් මහාධිකරණ විනිසුරු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ රහසිගත අනුශාසනා වලට අනුවයි රනිල් මෛත්‍රි ක්‍රියාත්මක වෙන්නේ ජනතාව මෙිාඩයෝ. (අ)
එෆ්. සී.අයි.ඩී. එකටත් මෙකෙන්නම් පරිප්පුවක් කන්න වෙයි වගේ.(රේ)
ජයතු මහතාගේ අදහසේ යම් ඇත්තක් ඇත. අනාගතයේ දේශපාලන බල ගනුදෙනු පියවා ගැනීමට වැරදිකරුවන් වීමට සිටින අයගේ තත්ත්වය කුමක් වේද යන්න අපි බලා සිටිමු. (නි)
[නඩුවේ සටහන් ලියා තිබුණත් එදින ලඝු ලේඛිකාවන් නොසිටි .....] මොන හේතුවක් නිසාද ඔවුන් නොසිටියේ? කවුරුවත් එයාලට එන්න එපා කිවුවද? මෙහෙම පුලුවන්ද මෙවැනි බරපතල චෝදනා එල්ලවී තිබෙන නඩු ඉක්මනින් විසඳා ගැනීමට? (නි)
අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)
ජයතු මහතාණෙනි, මහජනයා මෝඩයෝ වශයෙන් ඔබ සළකන්නේ නම් මහජනයෙකු වශයෙන් ඔබද මෝඩයෙකි (නි)
රටේ ඉන්න ලොකුම නීතිවේදීන් , ඉහලම මුදල් අයකරන්නේ , ඔවුන් මේ පිනට මේකට කතා කරනවද ? සල්ලි වලටද ? සොච්චමක් මේවට වියදම් කළාම මොකෝ , මහන්සියෙන් උගත් කමින් හම්බ කරපු නැති නිසා (බ)
දුෂිතයන්ට හිරගෙදර "පරිප්පු" කන්න දෙන්න යහපාලනය ක්‍රියාත්මක නොවන්නේ නම් යහපාලනයටද ජනතාව "පරිප්පුව" සුදානම් කරනු ඇත. නීතියක් පරාජිත තත්ත්වයට පත්වෙනවා දකින්න සතුටුවෙන අය කවර දහමක් තේරුම්ගත් අයද යන්න සිතාගත නොහැකිය. (නි)
මේගොල්ලන්ගේ කාලේ අපි දන්නවනේ... (ර)