සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ලබන 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අශාන් රවිනාත් ප්‍රනාන්දු, කවිශාන් දිසානායක යන සෙසු පිරිසද 24 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා සොයුරු නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණ සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඕනෑතරම් ඉන්නවා ජනතාවට සේවය කරන්න ඡන්දේ ඉල්ලලා පැරදිලා සේවය කරන්න අවස්ථාවක් නොලද අය. මේ අය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සේවය කළහැකි වගා ව්‍යාපෘතියක් ආරම්භ කර දෙනමෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)
සම්පුර්ණ වැරැද්ද මහින්ද රාජපක්ෂ අතේ කියායි මම කියන්නේ නම්. ඒ මේ දරුවන්ට හරි වැරදි කියා නොදීම (නි)
ජන, ධන, බලය, කිසි දින නොම කෙළසන්න මන, දොළ නොපින රට වෙනුවෙන් රැකගන්න ජන, ධන, බලය ඇති විට යටහත් වන්න සැම හට පුදමි මෙම ඔවදන අදහන්න. (ර)
කලු කෝට් ඇඳලා මක්කරන්නද, වැඩකට නැත්නම් ? (ර)
තාමත් සැකකරුවෙක් පමනයි. එම නිසා අපිට තිරනය කරන්න බෑ ඇත්ත මොකක්ද කියලා. (ර)
වැරැද්දක් කළා නම් දඬුවම් විඳිය යුතුමයි. ඒක කාටත් පොදු ධර්මතාවයක්. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
අපරාදේ අපේ සල්ලි. ඔය බස් එකට තෙල් ගහන්නේ අපේ සල්ලි වලින් නේද? ඕක කියන්න මෙයාව මොකට ගේනවද උසාවියට? මුණ බලලද කියන්නේ තව කල් ඉන්න ඕනේ කියල? (බ)
මෙතන තියෙන්නේ සම්පුර්ණයෙන්ම දේශපාලන පලිගැනීම් මිසක් දරුවෝ හොදට හැදුවද නැද්ද යන කථාවක් නෙවෙයි. (ර)
බලය හෝ ධනය ඔබට තිබුණ ද ඔබ ඔබේ ළමය නිවැරදි මාවතේ ගමන් කරවන්න.ඔහු යම් දිනක මහා රුක්ෂයක් වී සෙවන සලසාවි ජනී ජනයාට (අ)
නුවන්, ලංකාවේ ජීවත්වුණ සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙක් දන්නවා පහුගිය කලේ වෙච්ච දේවල්. (ර)
මේකේ තියෙන ප්‍රතිචාර බොහොමයක්ම හුදු ඉර්සියාව, කුහකත්වය හා දේශපාලන අන්තවාදී භාවයෙන් ඉදිරිපත් කරපුවා, සාදාරන අදහස් හරි අඩුයි. (ර)
අම්මා තාත්තා කුමන තරාතිරමක හිටියත් දරුවන්ට හොඳ නරක කියලා දුන්නේ නැත්නම් ඉතින් ප්‍රතිපලය ඉහත චායාරුපයම තමයි. (ර)
බලය ඇතිකල මොළය නැහැ! (නි)
තණ්හාය ජායති ශෝකෝ! (නි)
දරුවන්ට වැරදි පාරේ යන්න උගන්වලා දැන් කළු කෝට් ඇඳගෙන උසාවි ගානේ ගියාට වැඩක් නැහැ (නි)
මෙහෙම වැරදි අපි කළොත්? (නි)
හරියට රට පාලනය නොකළ පව් පටිසන් දෙන කාලය ඇවිල්ලා (නි)
කරන කලට පව් මිහිරිය මී සේ ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඇඳින එපව් දුරලන උපදේසේ... නොදුන මැනවි තුන්දොර අවකාසේ... (නි)
කළු කෝට් ඇඳගෙන උසාවි ගානේ යන්නෙත් ආණ්ඩුවේ වියදමෙන්ද දන්නෙ නැහැ (නි)
රටේ දේපල පරිහරණය කළේ පුද්ගලික බූදලය වගේනේ. (නි)