හිටපු ජනපති පුත් හා නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැමිණියේය.
දෙහිවල ඉදිකරගෙන යන නිවසක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට ඔහු එහි පැමිණි බව දැනගන්නට ඇත.
ගුවන් හමුදා යානා අවභාවිතය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අද බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම මේ විගඩම යනවද. බොරුව ඇත්ත කරන්න හරිම අමාරු වගේ. (බ)
අවුරුද්දට මේ වැඩ මිසක් වෙන දෙයක් නෑ (බ)
වරදක් කරලා නැත්නම් බය වෙන්න දෙයක් නෑනේ. (ම)
වෙන වැඩක් නැහැ සියලුම වැඩ කරලා තියෙන්න ගිය රජයෙන්. (ර)
මේකනම් ලංකාවේ නමගිය මෙගා ටෙලි නාට්‍යකට වඩා දිග ටෙලි නාට්‍යක්... ඉවරවෙන දවසක් හිතාගන්නත් අමාරුයි. (ර)
ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ... (ර)
හරි යහපාලනයක් තිබුනානම් මේ දෙන්නම හරිනම් ඉන්න ඕනේ හිර ගෙදර ...(හේ)
වරදිකරුඅන්ට නිසි දඬුවම් නොදුන් නිසාම යහපාලන කිරි කාලෙට දැන් දැන් ගොමත් එකතුවෙලා. (ර)
ඉතින් දැන් මොනොවද මෙපමණ කල් හොයා ගත්තේ. (ර)
මේ දෙන්න විතරද ඉන්නේ වැරදි කරපු? (ර)
කෝ ඉතින් මෙයාල එනවා යනවා විතරනේ... (ර)
අපේ රටේ මිනිසුන් ඉන්නකන් දේසපාලකයන්ට රජ මගුල් තමයි.(හේ)
අපේ රටේ තියෙන එකම ප්‍රශ්නය මේකද.? (ර)
මේකත් අර මෙගා ටෙලියක් වගේ. (ර)
රටේ සංවර්දනය ගැන බැලුවනම් නේද හොඳ?(හේ)
අද කරන මහා පරිමානේ මංකොල්ල ගැන විස්තර එතැනටම දෙන්න ? (බ)
එනවා යනවා. එච්චරයි 2020 වෙනකං සිදුවෙන්නේ. ඒ අතරතුර මාසිකව කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් ඇමැතිවරුන්ට කාර්යාලය, නිල නිවාසවල, වාහන වලින් සැපට යනවා (ම)