සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
සීඑස්එන් නාලිකාව සම්බන්ධයෙන් මුදල් යෙදවීමේදී වංචාවක් කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනා අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ ද උසාවියට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේවා ඇහෙනකොටත් තරහයි (නි)
අනේ අපි මේවට මොනවා කියන්නද? (නි)
රාජපක්ෂලා හොද මිනිස්සු හැටියට අසරණ ජනතාව අතර විරාජ මාන වුනේ ඉස්සර මාධය දැන් තරම් දියුණු නැති නිසා මිසක්,ඒ පන්නරය තමයි දරුවන්ට දරුමුනුබුරන්ට ලැබිල තිබෙන්නේ. (බ)
ඉවසපන් මල්ලියෝ, ඕවා ඔහොම තමයි (නි)
ඔහොම යමුකෝ! (නි)
මේවාට ප්‍රතිචාර දමන අයට මම කියන්නේ, ඕවාට නීතිය ක්‍රියාත්මක වේවි කියායි. රට යන්නේ කොයිබටදැයි බලාගෙන ඉන්න. (නි)
ළඟදීම දෙන්නටම "අයියා මල්ලි වාගේ" එක කාමරේ බෙදාගෙන ඉන්න පුළුවනි.(හේ)
මේ සියළුදේටම මුල්වුණේ කවුද කියලා අපි නම් දන්නවා (නි)
දැන් දුක තෙරෙනවා නේද?(හේ)
මේකත් මහින්ද රාජපක්ෂට පමණක් නොව ඕනෑම දෙමුපියකුට තම දරුවට මෙවැනි සිද්ධියකට මුනදීමට උනොත් මොනතරන් මානසික පසුබෑමට ලක් වනවාද කියා තේරුම් ගන්න බැරි මිනිසුන් සිටීම කනගාටුදායකද .? (ර)
අපිත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ මේ සදාකාලික කිසිවක් නැති ලෝකේ විපක්ෂය බලයට පත්වෙන දවසක මේ පාලනයේ ඉන්න කට්ටියත් මේ විදිහටම යනවා දකින්න. මොකද, දැන් මේ කාලේ කරන වැරදි වලටත් එදාට දඩුවම් ලැබෙන්න ඕනනේ.(හේ)
කළු කොට් එක ඇදගෙන එනවා යනවා අපිත් කට ඇරගෙන බලා ඉන්නවා කතා කරනකම්.(අ)
ලක්ෂ 24,000 ක් කියන්නේ? (බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය.නැහැ කොහෙත්ම නැහැ. රාජපක්ෂලා තව තවත් පන්නරය ගන්නවා .හොදම උදාහරණය 2005 දී සුනාමියෙන් අන්ත අසරණ මින්සුන්ට කන්න අදින්න දුන්න "හෙල්පින්ග් හම්බන්තොට" මුදල් වලින් නෑ (බ)
පිරිසිදු චරිත බව පෙන්නන්න සුදු ඇදගත්තත් ,කළු ඇදගෙන කල අපරාදද වසන්කල නොහැකිය (අ)
රටේ ප්‍රධාන පුරවැසියාගේ දක්ෂකම් (බ)
සාමාන්‍ය කෙනෙකුගේ දරුවෙකුගේ දෑතට යකඩ වළලු දමා, පොලිස් වාහනයකට නග්ගන කොට එය බලා ඉන්න පවුලේ අයට ඇතිවෙන දුක, හතර විලි ලැජ්ජාව මහින්ද, නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ අයටත් ඇති වුණාද? (ම)
සීඑස්එන් නාලිකාවේ ඒ දවස් වල පැල් බැඳගෙන සාකච්ඡා පවත්වපු, පසුගිය ආණ්ඩුවට කඩේ ගිය රාජ්‍ය ආයතන වල ඉහළ පුටු වල සිටි ඇතැමුන් ගැනත් සොයනවා නම් තව තව හොඳ හොඳ කරුණූ සොයාගත හැකිවනු ඇත. කිසිවෙකුට කිසිදා මෙතරම් විශාල ධනයක් තනිව අවභාවිතා හෝ නාස්ති කළ නොහැක. වටේ සිටිය අය අද කෝ? (නි)
"අනේ සර් කරුණාවෙන් සළකන්න" (නි)
දෙමාපියෝ දරුවන්ට උගන්වලා ලොකුමහත් කලට මදි සමාජය ගැනත් කියා දිය යුතුයි. තමන්ගේ බලය ළමයින්ට ඕනවට වැඩිය දුන්න එකයි වැරැද්ද. සල්ලි හම්බ කරපු විදිහ කියනකම් හිරේ දන්නා ඕනා(කෞ)
සනත්, ඔබතුමාගේ වයස 20 ට වැඩි පුතාලා තුන්දෙනාට හොරකම් කරන්න උගන්වන්න එපා (නි)
නිමල්, ඔව් ඔබ කියන දේ හරි. නමුත් දරුවන්ට වැරදි දේවල් කරන්න ඉඩහැරියේ ඔහුයි. දැන් දරුවොත් ඔහුත් මානසික පීඩාවකට පත්වෙලා. මේවා විහින් කරගත් දේවල්. තවද ඔහු සාමාන්‍ය ජනතාව කොපමණ මානසික පීඩාවකට පත්කළාද යුද්ධයෙන් පසුව. මිනිසුන් තේරුම් අරගෙන ඉන්නේ. ඔබටයි තේරුම් ගන්න බැරි. (නි)
නිතිය සැමට එක සමාන විය යුතුය.වෙනස්කොට සැලකීමක් නොකළ යුතුය.ජනතාවට නිතිය ගැන නිවැරදි වැටහීමක් හා විශ්වාසයක් ගොඩ නැගීම සදහා මෙන්ම අනාගතයේ ජනතාව වැරදි වලින් මග හැරීමද එයින් සිදු වේ.සත්‍ය ජය ගත යුතුය.(හේ)
සනත්ට අවුරුදු 20 ට වැඩි පිරිමි ළමයි තුන්දෙනෙක් ඉන්නවා කියලා අවුරුදු 20 ට වැඩි හැම වැරදි වැඩ කළ කෙනෙක්ම නිදහසේ තියන්න කියලද කියන්නේ? හොරකම් කරලා අහුවුණ 90% ක්ම අවුරුදු 20 ට වැඩි අය. ඔක්කොම නිදහස් කරන්නද? නැත්නම් මේ පුතාව විතරක් නිදහස් කරන්නද සනත් කියන්නේ? (නි)
මෙයා ඇල්ලුවා වගේම විදේශගත ශ්‍රමිකයින් දහදුක් විඳලා ලංකාවට එවන සල්ලි වලින් කෝටි ගණන් වියදම් කරලා ස්ටාර් වැඩසටහන් කළ, බොරු උත්සව වලට කෝටි ගණන් වියදම් කළා කී අය ගැනත් හොයන්න. මොකද ඒවා සහගහන අපරාධ. කියක්හරි හම්බ කරන්න වැලිකතරෙ විඳින දුක දන්නෙ අපිම විතරයි. (නි)
ඔය හොරෙකම් අතරි්න් එකක් පමණි. (බ)
වසර 10 ට අඩු දඩුවමක් පමණක් ලැබිල ඉක්මනින් ආපහු එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (බ)
මටත් අවුරුදු 20 ට වැඩි පිරිමි ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඒක නිසා යෝෂිත මේ විදියට දකිනකොට දුකක් ඇතිවෙනවා.. (බ)
ඔය කළු කෝට් අඳින්න පුළුවන් වුණේ කොහොමද කියලත් බැලුවොත් හොඳ නැද්ද? මේ වෙලාවේ එ්කත් බලන්න ඕනෑ (නි)
ඉස්සරනම් ටෙලිපොන් එකෙන්ම වැඩේ කරගන්න තිබුන. දැන් උසාවියටම යන්න එපාය. අපි බැන්නට යහ පාලනයේ කට්ටිය නීතියෙන් ගැලවෙන්න දෙන්නෙම නැ නොවැ. (බ)
එෆ්සීඅයිඩී පරීක්ෂණ නිමා කර බාරදුන් ෆයිල් විසිදෙකට නීතිපතිවරයා අත නොතබන්නෙ මහින්දගේ ධනයට යටවෙලාද එහෙමත් නැත්නම් මෛත්‍රීගේ හෝ රනිල්ගේ වුවමනාවටද? හොරු රකින්නද අපි ආණ්ඩුවක් පත්කර ගත්තෙ? තරාතිරම නොබලා මොවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (බ)
රණසිංහ හරි. රාජපක්ෂ නම තිබෙන අය විතරක් අල්ලනකොට තමයි ජනතාව කියන්නේ පළිගන්නවා කියලා. රාජපක්ෂලාටත් වැරදුන එක දෙයක් තමයි වටේ හිටපු කාවෝ. දේශපාලන හයිය ගෙන හිතවත්කම් මත වංචා දූෂණ කළ අය තවත් ඉන්නවා සද්ද නොකර. ඒවා එකක් දෙකක් හොයලා දඬුවම් දෙන්න. ජනතාවගේ ඡන්ද ඕනෑතරම් ලැබෙයි. (නි)
ලොයර්ලට කළු සල්ලි සුදු කරන්න නීතියෙන් අවසර තියෙනවද ආයුබෝවන් ? (බ)
යෝ බබාගේ හිනාවක් දැක්කේ හිරේට ගියාම, මීට කලින් ඔහුගේ හිනාවෙන පින්තුර දැකලාම නෑ...(බ)
යෝෂිත හරියට අර මොනවද කරලා පැරදිලා වගේ. අනේ පවු. (බ)
නාඬන් මල්ලියේ, ඕවා ඔහොම තමයි (නි)
මේ එකක් පමණි. තව බොහෝ ඇත. ඒවත් සොයන්න. ලොකු මධ්‍යම කුඩා මට්ටමින් ඊට සහභාගිවූ සහ බෙදාගෙන කෑ සැම නිතිය ඉදිරියට පමුණුවන්න. අවාසනාවට හසුවන්නේ දේශපාලඥයො පමණි. (ම)
හිරේ දාලා අපේ සල්ලි වලින් කන්න දීලා වැඩක් නැහැ. වැරදි කර ඇත්නම් ඒ සල්ලි නැවත අය කරගත හැකි ක්‍රමයක් වහාම හදන්න. හුඟක් අය වැරදි කරන්න බය නැත්තෙත් ඒකයි. කෝටි ගණන් ගහලා හිරේ යනවා. ටික දවසක් හිරේ ඉන්නවා. ආණ්ඩුව මාරුවුණාම හිමිහිට නිදහස් වෙලා යනවා. මෙය නැවැත්විමට නිති සම්පාදනය කරන්න. කවුරුත් හිරේ දමා තබාගැනිමෙන් ජනතාවට පලක් නැත.මුල්‍ය වංචා කර ඇත්නම් වංචා කළ මුදල් නැවත ගතහැකි ක්‍රමයක් ඇති කළයුතුයි. (නි)
ටිකිරි බණ්ඩා, නුගේගොඩ, 2005 හෙල්පින් හම්බන්තොට මුදලින් ජනතාවට කන්න අඳින්න දුන්න කිව්ව හින්දයි මේ මතක් කරන්නේ. හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා ඔය නඩුවෙන් මහින්ද රාජපක්ෂ නිදහස් කළා. පසුව එතුමා ප්‍රසිද්ධියේ කිව්ව ඒ වංචාවලට මහින්ද හිරේ යැවිය යුතුව තිබුනත් එහෙම නොකළ එක ගැන ජනතාවගෙන් සමව අයදිනවා කිව්වා. මතකද? මොන කතාද තව. (බ)
මැති ඇමතිලා හොරකම් කළා කිව්වට ගමේ මිනිහා ඒක දැක්කේ නැහැ, පත්තරෙන් හෝ රූප පෙට්ටියෙන්. ගමේ මනුස්සයා හොඳටම දැක්කේ මැති ඇමතිලාට පන්දම් අලල්ලා තනතුරු ගත් අය, ඒ තනතුරු පාවිච්චි කරලා ගෙම්බර් දාපු අය, එකපාරටම ඉඩකඩම් තුන හතර ගත්තු අයවලුන්වයි. මේ අය ගැන කිසිත් නොසොයා සිටිම දැනෙන්නේ ගම් වල සාමාන්‍ය ජනතාවටයි. ඡන්ද වැඩිපුර ඇත්තේද ගම්වල සාමන්‍ය ජනතාව අත බව වත්මන් පාලකයින්ද නොදන්නවාදෝයි සිතෙයි. (නි)
අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ මෙකි නොකී සියලු දෙනාගේ වියදම් සඳහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට විශාල කාර්යභාරයක් නැහැ. ඉතින් මේ සියලු දෙනා එක්ව රජයේ මුඩු ඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා (නි)