සී එස් එන් මාධ්‍ය නාළිකාව ආරම්භ කිරීමට අදාල ආරම්භ ප‍්‍රාග්ධනය උපයාගත් ආකාරය හෙළි කිරිමට අපොහොසත් වී යැයි නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ, සී එස් එන් නාළිකාවේ ප‍්‍රධාන විධායක හා අධ්‍යක්ෂ නිශාන්ත රණතුංග, අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, වෛද්‍ය අශාන් ප‍්‍රනාන්දුට ඇප ඉල්ලිම ප‍්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුහු ලබන 25 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව බන්ධනාගාරය අධිකරණයට වාර්තා කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සමඟින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී අරුණ පේ‍්‍රමශාන්ත, එම කොට්ඨාසයේ ස්ථානාධිපති සෙනෙවිරත්න, රණසිංහ, කුමාරසිංහ, සහ දිසානායක මහත්වරු වැඩිදුර වාර්තා ඉදිරිපත් කළහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කීවේ ඇප ලබාදීමේ නියෝගය සඳහා අද නඩුව කැඳවා ඇති බවයි.
ඇප නියෝගය ප‍්‍රකාශයට පත්කිරිම සදහා අධිකරණ කටයුතු විනාඩි පහකට කල් තැබිණි.
මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර, එහි සදහන් අන්දමට කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් සමාගම් පරිශ‍්‍රය සෝදිසියට ලක් කර සොයාගත් ”විද්‍යුත් තැපෑල යෝෂිතගේ විදුලි පණිවුඩ’ යනුවෙන් සදහන් සීඩි තැටිය පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත යෙමු කිරීමෙන් පසුව විමර්ශන කටයුතු සදහා භාරගෙන ඇති විද්‍යුත් තැපෑල් 4926ක් සහ එම පණීවුඩ වලට අමුණා ඇති ලේඛන 12,000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කරන බවයි.
එසේම, 2011 ජුනි 22 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා විසින් “[email protected]” යන ඊමේල් ලිපිනය මගින් ‘[email protected]’ යන ඊමේල් ලිපිනයන් වෙත යොමු කර ඇති ඇමැති මණ්ඩල කෙටුම්පත යනුවෙන් සඳහන් කර ඇති මාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය ජුනි 2011 ඇමැති මණ්ඩල සංග්‍රහය අංක 05/12/2011 දරණ අමාත්‍යාංශ මණ්ඩල සංදේශය සම්බන්ධව තොරතුරු ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් විමසීමක් කළ බව කී මූල්‍ය අපරාධ කොට්ඨාසය, ඒ අනුව එම වාර්තාවලට අදාල විස්තර ලබාගෙන විමර්ශන කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.
ඩබ්ලිව්. බී. ගනේගල මහතා විසින් සැකකාර යෝෂිත රාජපක්ෂට එවූ එම ඊමේල් පණීවිඩය, යෝෂිත විසින් මෙම නඩුවේ දෙවැනි සැකකරු වූ සී. එස්. එන්. නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරි කළ නිශාන්ත රණතුංග මහතා වෙත යොමු කර ඇතැයිද පොලීසිය සිය වාර්තාව මගින් අධිකරණයට දැනුම් දී තිබේ.
එම ඊමේල් පණීවිඩයනට සැකකාර නිශාන්ත රණතුංග මහතා විසින් ප‍්‍රතිචාර දක්වමින් සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙත‘It’s better to include acc and ICC and SLC in the Cabinet paper, also ICC has recently given rights to private media institutions and hit SLC’ යනුවෙන් සදහන් කරමින් ඊමේල් පණීවිඩයක් එවා තිබෙන බව දන්වා සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ඊමේල් පණීවිඩවලට අදාළ සියලූ වාර්තා තම කොට්ඨාසය භාරයට ගත් බවද අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විජේකෝන් බණ්ඩාර ගනේගල මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සැකකාරුවන් රදවා සිටි කුටියට යාබද කුටියේ තිබී නොකියා වර්ගයේ ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ජංගම දුරකතනය සැකකරුවන් විසින් භාවිතා කරන ලද බවට සැකයක් මතුවීම නිසා එය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි පරිගණක හදීසි ප‍්‍රතිචාර සංසදය වෙත යොමු කර වාර්තා කැදවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධකරණයෙන් ඉල්ලීමක් කළේය.මහේස්ත්‍රාත් ඊට අවසර දුන්නේය.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ දුරකථන පහක් ද පරිගණක හදීසි ප‍්‍රතිචාර සංසදය වෙත යවා වාර්තා කැදවීම සදහා යොමු කර ඇතැයිද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ජයන්ත වීරසිංහ මහතා - ”ස්වාමීනී හිරගෙදර අල්ලපු කාමරවල තියෙන එ්වාට අපි වගකියන්නේ නෑ. එ්වා කාගේද කියලා අපි දන්නනේ නෑ”
අටවැනි සැකකරු ලෙස නම්කර සිටින ලංකා ඔරික්ස් ලීසිං සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා -, ‘‘පොලීසිය මෙම සමාගම අටවැනි සැකකරු විදිහට නම් කරලා තිබුණේ ඉකුත් 16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවෙන්. මෙම ගනුදෙනුව 2011 මැයි මාසේ පමණ සී එස් එන් සමාගම රුපියල් මිලියන 50ක් එල් ඕ එල් සී එකෙන් ඉල්ලලා තිබෙනවා.
ඊ පී එල් සමාගම එල් ඕ එල් සී සමාගමේ තැන්පත් කර තිබූ තැන්පතු මූල්‍ය සුරැකුමක් ලෙස ලබාගෙන මෙම රුපියල් මිලියන 50ක මුදල් සී එස් එන් එකට දුන්නා. මෙම කි‍්‍රයාදාමය සමාගමේ ව්‍යාපාරික කි‍්‍රයාවලියක්. සී එස් එන් සමාගම කළ ඉල්ලීම පරිදි සුරැකුම ලබාදී තිබෙනවා. පසුව යම් අවස්ථාවක ප‍්‍රාග්ධන මුදල සහ පොලී යම් ප‍්‍රමාණයක් ලබාගෙන අර සුරැකුමේ තබාගෙන තිබෙනවා. තව රුපියල් මිලියන 22ක හිඟ මුදලක් තියෙනවා ආපසු අය කර ගැනීමට. ඊට පෞද්ගලික බැදුම්කර 2ක් ලබාගෙන තිබෙනවා. මේ මුදල ගෙවීමට 2016 ජුනි 10 දක්වා තව කල් තිබෙනවා. තාම කල් ඉකුත් වී නෑ. එකයි ගනුදෙනුවල පසුබිම. අනෙක් සමාගම්වලට ණය දෙනවා සේම මේ සමාගමටත් ණය දී තිබෙනවා. මහ බැංකුවත් මේ සම්බන්ධයෙන් දැනුවත්. මෙය සාමාන්‍ය ගනුදෙනුවක් විතරයි. 139 වගන්තිය ප‍්‍රකාරව තමයි සිතාසි නිකුත් කරලා තිබෙන්නේ. පොලීසිය විසින් මාගේ සේවාදායක සමාගමට සිතාසි නිකුත් කිරිම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොලිසටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා - දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මේ සියලූ කරුණු ඇතුළත් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ කියන ආකාරයට සංක්ෂිප්ත වාර්තාවක් ලබා දීමට නියෝග ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
සැකකරුවන් වෙනුවෙන්, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, නිතීඥ සන්ධ්‍යා තල්දුව, නීතීඥ විජේසිංහ අඹවත්ත, නීතීඥ පේ‍්‍රමනාත් දොලවත්ත, නිතීඥ සංගිත් සේනානායක, නීතීඥ කාංචන රත්වත්තේ, නිතීඥ ඉන්දික ගිරාගම, නිතීඥ ශාන්ත ලාල් විජේසිංහ, නිතීඥ හර්ෂණ නානායක්කාර, නිතීඥ වසන්ත බටගොඩ යන මහත්වරුන් සමග නිතීඥ මඩුල්ලක් අධිකරණයේ පෙනී සිටියහ.
පෙරවරු 9. 20ට පමණ බන්ධනාගාර බස්රථ දෙකකින් සැකකරුවෝ අධිකරණයට කරනු ලැබුහ. එසේම, නඩුව අවසන් වූ විගසම බන්ධනාගාරය සැකකරුවන් රැගෙන ගියේය. මහේස්ත‍්‍රාත් අධිකරණයේත් අධිකරණ පරිශ‍්‍රයෙත් පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද දැඩි ආරක්ෂ රැකවල් තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, රොෂාන් රණසිංහ, උදිත ලොකුබණ්ඩාර, මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල ආදී පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ.
බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මවතේ ස්ථාපිත කර ඇති කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පෞද්ගලික සමාගම (සිඑස්එන්) පිහිටුවීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කර ගත නොහැකි වීමෙන් මුදල් විශුද්ධීකරණ පනත ප‍්‍රකාරව මෙන්ම ශී‍්‍ර ලංකා රේගුවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් භාණ්ඩ නිශ්කාෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීය.
යෝෂිතගේ පියා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද අධිකරණයට පැමිණ සිටියේය. වෙනදා මාධ්‍යයට කථා කරන ඔහු අද මාධ්‍ය සමග කථා නොකරම පිටත්ව ගියේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි බලතල මුල පුරන්නේ අවැඩටමය. අසීමිත බලය හමුවේ මනස උන්මාද වන බව නොරහසකි.ඕනෑම දෙයක් ඕනාවට වඩා ඕනෙම නැහැ කියන්නේ ඔය නිසාම තමා. (බ)
එ්කනේ සහන් මෙතුමා පැරදුනෙත් ...දුෂණය හොරකම් නිසානේ ...මේවා සියලුම දේශපාලකයන්ට ..හොඳ පාඩමක්. අන්තිමට ....දරුවෝ වන්දි ගෙවන්න වුණා .....ඔතන අර්ජුනගේ මල්ලිත් ඉන්න බව අමතක වෙලා ....රටේ ජනතාවට .....(බ)
කවුරු කළත් වැරැද්ද වරැද්දමයි. මේවා කාටත් හොඳ පාඩම් (බ)
දැන් ඉතින් හිර ගෙදරත් රජ ගෙදරක් වෙයිද දන්නේ නෑ.(හේ)
රජසැප වින්දත් කළකම් පලදෙනවමයි (බ)
ඇයි ධනුෂ්ක, එහෙම කිවේ පිටබැද්දර ජයාගේ කතාවේ ඇත්තක් තියනවා. ඒ වගේ දේවල් තමයි කරන්න ඕනේ. (ර)
නීතිය කාටත් එකයි. උපරිම දඬුවම් දෙන්න. (බ)
අපි අපේ දරුවන්ට ලොවකොතැනක සිටියත් හොඳ නරක කියාදෙන්න ඕනේ මුදල් සහ බලය ලැබුනද, අපි කරන පාපය අපි පිටුපසම එන බව අමතක නොකළ යුතුය. (ර)
දැන් ඉතින් අපේ අයට හැමදාම යන්න පුළුවන් යෝෂිතව බලන්න.(හේ)
මහින්ද මහත්තය වගේම ගොඩක් අය තාම කතා කරන්නේ යුද්දේ ඉවර කළා කියල. හරි මහින්ද මහත්තය යුද්දේ තනියම ෆීල්ඩ් එකට බැහැල ඉවර කළා කියමුකෝ. එහෙම කියල රට කන්න දෙන්න බැහැනේ. එතකොට ඒවා වැරදි නෙමෙයිද..? ඒවාට දඩුවම් දුන්නහම, ඒවා පළිගැනීම් වෙනවද..? එතකොට, සරත් ෆොන්සේකා මහත්තයට කරපු දේ පළිගැනීමක් නෙමෙයිද..? අනේද කියන්නේ (බ)
මෙතන කමෙන්ට්ස් දාන කට්ටිය ඉපදිලා තියෙන්නේ පහු ගිය අවුරුද්ද ඇතුලත . ඊට කලින් ඉපදිලා ඉන්න අයවලු බොහොම අඩුවෙන් තමයි ඉන්නේ. පාපයක මහත. තව වැඩි කලක් යන්න කලින් කාටත් තේරෙන්න පටන් ගනීවි කාටත් රට බෙදල දෙන කොට. (බ)
වැරැද්දක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
දුක තමයි.(හේ)
කලබල වෙන්න දෙයක් නැහැ.. බලමු මොකද වෙන්නේ කියලා... (ර)
ජයන්ත ට වලෙන් ගොඩ එන්න උවමනාවක් නෑ වගේ. (ර)
මොනවා කලත් අපිට කළගුණ මතක තියෙනවා .ලබන ජන්දෙදි මහින්ද මහතා දිනනවා. (ම)
මේ යන විදියට ගොඩ කාලයක් ඇතුලේ ඉන්න වෙන හැඩයක් තමා පෙන්නේ තියෙන්නේ ,(ම)
මේ ගොල්ලන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ (නි)
දැන් තමයි යෝශිත්ගේ හොද තරුණ වයස් දැන් තේරෙනවා කරපු වැරදි ,(හේ)
තමාගේ ආදරණීය පුතාගේ අතීත වැඩ ගැන සතුටින් උදම්වී, එයාගෙම අනාගතය ගැන බියෙන් දුක්වන, තැතිගත් අම්මා කෙනෙක් බලන්න කැමති අය යන්න මෙහි තිබෙන දෙවැනි පින්තුරය වෙත ! දරුවන්ගේ නොහොබිනාකම් වලට උල්පන්දම් දෙන දෙමව්පියෝ ඉන්න මෙවැනි රටක, මේවගේ පින්තුර වලට ජ්‍යාත්‍යන්තර සම්මාන හිමිවිය යුතුයි....... (රේ)
දැන් ඉතින් දිගමට ඉන්න වෙයි ඔතන.(හේ)
මේ කට්ටියට රිමාන්ඩ් එකේ වුනත් රජ ගෙදර වාගේ ඉන්න හදනවා වගේ.(හේ)
දහම් , ඔයා කියන්නේ "ඔහොම තාවකාලික පසුබෑම් එනවා" ඒ කියන්නේ අපහු හොරකම පටන් ගන්න බලාපොරුත්තු වෙනවා කියලද ?(හේ)
විධායක බලේ ගිලිහුණාට පස්සේ ගන්නවා බොරු ආයේ ජනාධිපති ධූරයට මහින්ද මහත්තය ඉල්ලන්න කියලද?කළුතර කොළඹ නුවර කුරුණෑගල රත්නපුරේ හොර නඩේ මහින්ද මහත්තය වටකරන් ඉන්නකම් මහින්ද මහත්තයට අබ සරණ තමා (බ)
පියාගේ වැරදි. (බ)
රවී බෝම්බෙකට කුඩුවෙලා වලට යන්න හිටිය ඔයාව මහින්ද මහත්තය බේරලා දීපු එකද එතුමා කරපු වරද. ඔයාල වගේ කට්ටිය ඉතුරුවන එක තමා දැන් රටේ විනාශයට හේතුවෙලා තියෙන්නේ (බ)
අපරාදේ රටක් වටිනා මහින්ද මහත්තයා! හැමෝම එතුමාව විනාශ කළා. එතුමා දන්නවා ඔය දේ වෙනවා කියලා. බලය නැතිදා සියල්ලෝ අසරණයි (නි)
මරු වැඩේ දැන් මේ නාලිකාවට අයිති කාරයෙක් නැ...මහජන මුදල් කොල්ලකාපු අයට දඬුවම් ලැබෙන්න ඕන ...(බ)
දේශපාලන පලි ගැනීම් හොඳ නැහැ. (ර)
දහම්, එතුමා යුද්ධය ඉවරකලා එක ඇත්ත. ඒක ජනාදිපති කෙනෙකුගේ වගකීම සහ රාජකාරිය. එතුමා එය හරියට කළා නමුත්.... (ර)
ජයන්තල වගේ මිනිස්සු ඉන්නකම් රටක් හැදෙයිද.? වලෙන් ගොඩ එන්න අදහසක් නැතිද..? (ර)
දේශපාලනය කරන අය හෝ ඔවුන්ගේ ඥාතීන් අපරාධයක් කළාම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කියන්නේ "දේශපාලන පළිගැනීම්" කියලද? (අ)
එතකොට මේ කරන චෝදනා බොරුද? (නි)
වරුණ, ඔහොම තාවකාලික පසුබෑම් එනවා. හැබැයි මේවා කරන්න කරන්න ජනතාව තව තවත් මහින්දගේ පැත්තට එකතු වෙන හැටි පේනවා නේද? බලන්නකෝ වැඩි කල් යන්න ඉස්සර මොකද වෙන්නේ කියල. (බ)
බලය ඇතිදා මොලය නැති වීමේ විපාක (බ)
ජයන්ත වගේ අය හොදයි වැඩවසම් සමාජ වල වන්දිබට්ට වැඩේට. යුද්ධය දිනිමයි, අධර්මිෂ්ට පාලනයයි 2ක්. ප්‍රංශය වැනි රටක් නිහඬව දියූණූ කල ජැක් ශිරාක් ටත් මහජන මූදල් අවභාවිතයට වසර 2 ට හිරේ ගියා. යුද්ධය තවත් හිඟන්නාගේ තුවාලයක් නොවේ. (ර)
මම හිතාගෙන හිටියේ වෙනත් චෝදනාවක් ගැන (නි)
අවුරුද්දකට වැඩි කාලයක් දුන්නනේ සාක්ෂි නැති කරලා බේරෙන්න ප්ලෑන් හදාගන්න. ඉතින් තීන්දුව තමයි සාක්ෂි මදකම නිසා විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන එක.(හේ)
දඩුවම් පමුණවන්න .(හේ)
දැන් කියනවා සි එස් එන් චැනල් එක යෝෂිත රාජපක්ෂට අයිතියක් නැතිලු. (ර)
මේ මුදල රැකියා නැති තරුණයන්ට ණයක් දීලා වෙළහෙළදාමක් පටන් ගන්න මාර්ගය එළිපෙහෙළි කරලා දුන්නා නම් පොලියකුත් එක්ක නැවත මේ මුදල රජයට අය කරගන්න තිබුණා (ම)
මේකේ මහින්ද වගේ කෙනෙකුට හොඳ කියන්නේ මෝඩ, දුප්පත් මිනිස්සු තමයි (නි)
වයස අවුරුදු පනහ පැනලත් ගෙයක් හදා ගන්න බැරි අය ඉන්න රටේ අවුරුදු විසිපහට රූපවාහිනී චැනල් එකකුත් හදලා. මේ අය කොච්චර දක්ෂද ?(හේ)
මහින්ද රාජපක්ෂ කියන්නේ අපිට වීරයෙක්.මොන ප්‍රශ්න ආවත් නොසැලී ඉන්න. අපි හැමදාම ඔබ සමගයි (ම)
මමත් හුසේන් මොහමඩ්ගේ අදහස අනුමත කරමි. මමත් ඔය අදහසම මීටකලින් පළකළා (නි)
දැන් ඉතින් අඬන දොඩන ඡායාරූප අන්තර්ජාලයේ පළ කරලා වැඩක් නැහැ. බොහෝ සාමාන්‍ය දෙමාපියන් සාර්ථකව කර ගන්නා, දරුවන් පවින් වළක්වා ගැනීමේ වගකීම මේ දෙමාපියන් අතින් ඉටු නොවුනේ කවර නොසැලකිල්ලක් නිසාද? (ම)
බලය තිබෙන කාලයේ බලයෙන් උන්මත්තක වෙලා අපිව කාටවත් පරද්දන්න බැහැ කියන අධිමානසිකත්වරෙන් වැරදි දේවල් කළාම ඔයවගේ ප්‍රතිඵල අත්විඳින්න වෙනවා. (ම)
කමනි පලකල අදහස ඉතාම උචිතයි. ඒවගේම කියන්න සිදුවෙන්නේ කකුළුවා හරහට යනකොට කැකුළු පැටව කෙලින් යයිද කියල තමයි. (ම)
යුද්දේ ඉවර කරපු එකේ වටිනාකමත් නැති වුණා මේ හොරකම් වලින්.(ම)
මේ හැම දෙයකටම දෙමාපියන් දරුවන්ට පමණක් නොව මේ මුළු මහජනතාවටම වගකිව යුතුයි (නි)
අනිත් දෙමාපියන්ගේ කඳුළු දැන් මහින්ද මහත්තයාට මතක් වෙනවා ඇති නේද? (ම)
පුතාට වෙන කව්ද සල්ලි දුන්නේ තාත්තා නේ.තාත්තාව තමයි මුලින්ම හිරේ දන්නා ඕනි.ආණ්ඩුවේ සල්ලි ජනතාවගේ සල්ලි.තව කීයක් තියෙනවද එලියට එන්න ඇතුලට දාන්න සේරම හොරා කැවා යුද්දේ දිනන කියා කියා (අ)
පිටබැද්දර ජයගෙ ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි.(බ)
මේවා හොරකම් විතරනේ. තව ඉස්සරහට මිනීමැරුම් චෝදනාත් තියෙයිද? කළකම් පළදෙනවා කියන්නේ මේවට. (බ)