යෝෂිත රජපක්ෂ ඇතුළු පස්දෙනා කඩුවෙළ ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද සන්ධ්‍යාවේ දින 14ට රිමාන්ඩ් කරනු ලැබූහ. සී.එස්.එන්. ක්‍රීඩා නාලිකාව මගින් රජයේ දේපළ වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් මත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඔවුහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
යෝෂිත රාජපක්ෂ සීඑස්එන් නාලිකාවේ අධ්‍යක්ෂවරු වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍රනාන්දු හා කවීෂාන් දිසානායක මෙලෙස රිමාන්ඩ් කරනු ලැබීය. මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
යෝෂිත ඇතුළ පස් දෙනා නීති විරෝධී ලෙස ලැබුණූ රුපියල් කෝටි 36.5 ක් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය පිහිටුවීම සඳහා යොදා ගත්තැයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය පවසයි. නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල මුදල් බවට පත් කර ගඅනීම සඳහා එසේ ආයෝජනය කර ඇති බවත් පෙිලීසිය අධිකරණයට දැන්වීය.
සාපරාදී ලෙස විශ්වාසය කඩ කිරීම, කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ආනයනය කළ භාණ්ඩ මිල අඩුවෙන් දැක්වීම ඔවුනට එරෙහි තවත් චෝදනාවකි. මූල්‍ය අපරාද විමර්ෂණ කොට්ඨාශය අධිකරණයට පෙන්වා සිටියේ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්හි හෙළි නොකළ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 16.5 ක් සොයා ගත් බවයි.
සී.එස්.එන්. නාලිකාවට නීති විරෝධී පිටරට මූලාශ්‍ර වලින් මුදල් ලැබී ඇතැයි ද එතෙර බැංකු වල මුදල් ශ්‍රී ලංකාවට එවා ඇතැයි ද කියති





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුෂි ,මම නම් අහල තියෙන්නේ දරුවෝ ඇඹුල් කනකොට දෙමව්පියන්ගේ දත් හිරි වැටෙනවා කියලයි . හැබැයි මෙතැනදී නම් වෙලා තියෙන්නේ දරුවොයි දෙමව්පියෝයි ඔක්කොම එකතුවෙලා අපේ රටත් රටේ ජාතික ධනයත් කාල තියෙන එක නේද ? (කෞ)
අපි නම් මේවා අනුමත කරන්නේ නැහැ (නි)
අපේ මිනිස්සුන්ට ඉක්මණට මුල අමතක වෙනවා හොදක් කරන්න හොඳ නෑ (ම)
පළිගන්නවා නොවේ මේ ඡන්ද පොරොන්දු ඉෂ්ට කරනවා (නි)
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් පොදු සමාවක් ලැබිලා, යෝෂිත සහෝදරයා අප්පච්චිගේ අතින් කේක් කෑල්ලකුයි, අම්මගේ අතින් කැවුමකුයි කන්න මැදමුලන වලව්වට යන්නේ නැද්ද කියලා බලන්න. (නි)
මුල අමතක මිනිස්සු,කොටින්ගේ බෝම්බ වලට කෑලිවෙලා යන්න දෙන්නේ නැතුව මොන දෙයකට බේරාගත්තද? (නි)
වෛරය විතරක් තම පරමාර්ථය කරගත් සියල්ලන්ට සැනසීමක් දනුනාද? එසේ වී නම් ඔවුන්ගේ සිත් වලින් වෛරය තුරන් වී සතුට උතුරා යනු ඇත. එවිට රට ගැන හිතා කටයුතු කිරීමට දැන් සිටවත් පුළුවන් වනු ඇත. (නි)
හැම අදහසක්ම ඇත්තේ යෝෂිත ගැන පමණයි. නිශාන්ත රණතුංග ගැන කිසිම දෙයක් නැහැ.(ම)
මේ සේරම බල තණ්හාවට තමාගේ වාසියට කරන දේවල්. (නි)
අපේ මිනුසුන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමය් පුද්ගල ගැති භාවය. මිනිසුන් එම මානසිකත්වයේ ඉන්න තාක් කල් ඔවුනට හොඳ නරක පිළිබද හැගීම් දැනීම් නොදැනේ. කවුරු හොද දේ කලත් එය හොද විය යුතුයි.(ම)
රටට ආදරය කරන මිනිසුනි, දැන්වත් මේ පාලනය තේරුම් ගනිල්ලා. (නි)
නීතිය කාටත් එක හා සමානව ක්‍රියාත්මක වියයුතුයි. දැන් බලයේ ඉන්න අයටත් මේක හොඳ පාඩමක් වෙයි (නි)
ඔන්න ඔය දරුවාට යන්න දෙන්න! (නි)
මොහු වරදක් කල කියල ඔප්පු වෙන්නත් කලින් ඔහු වරදකාරයා කරලා ඉවරයි (ම)
සනත්, ජෙනරාල් ෆොන්සේකා කුදලාගෙන යනකොට තිබුන සතුට දැන් කෝ? (නි)
වැරදිකරුවන්ට දඬුවම් නොකර රටක් හදන්න බැහැ (නි)
ඔය හිරේ දැම්මට ඔප්පු වෙලා නැහැනේ තවම. පහුගිය ආණ්ඩුව කාලෙ නම් කාවවත් මේ වගේ නඩුවලට පැටලුවද? (නි)
ඇයි, ක්‍රීඩා නාලිකාව වහනකොට මොකද වුණේ කියලා කාටවත් මතකද? ඒ වගේම ෆොන්සේකා උසාවියට ගෙන ගියේත් මෙහෙම නම් නෙමෙයි වගේ මතකයි (නි)
රජ කම් කලත් කල කම් පලදෙනව දෙනවමයි , මතු බිහිවෙන ජනපති පුතුන්ට මේක හොඳ පාඩමක් (ම)
නීතිය කාටත් පොදුයි! (නි)
අපිට නම් මහින්ද මහතා ගැන ඇතිවෙන්නේ ලොකු දුකක්. එතුමා පවු! (නි)
ලාල්ගේ කතාව හරියට හරි. (නි)
මේකත් කවුරු කවුරුත් මතක තියාගන්න. පුද්ගලික පළිගැනීමේ අරමුණින් තෝරාගත් පුද්ගලයින් දඩයම් කිරීම මඟින් අවසානයේ එජාපය නැවත ඔවුන්ගේ පැරණි ක්‍රමයටම යමින් සිටින බව. ඉස්සර ඡන්දයක් පැරදුනවිට ලංගම බස් වල නැගී විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තබමින් ගිය යුගය දක්වා රට තල්ලු වෙමින් පවතී. ආණ්ඩු මාරුවක් සිදුවුවහොත් ගම්වල යුඇන්පී කාරයෙකුට ඉන්නට නොහැකි තරම් වන තැනකට නැවත දැන් මිනිසුන් බෙදා වෙන්කර ඇත. (නි)
සනත් හීනෙන් දොඩවනවා වගෙයි (නි)
අර අගමැතිතුමා පාර්ලිමේන්තුවෙදි දඩයම් කරන එකක් ගැන කිව්වෙ මේක වෙන්නැති..(කෞ)
මහින්ද කවදාවත් කාගෙවත් පුතෙක් හිරේ දැම්මේ නැහැ. මහින්දට කොහොම හිතෙනවා ඇද්ද යෝෂිතව හිරේ යැව්වහම? බලය නැතිවුණාම මේවා අනෙක් අයටත් මතක්වෙයි (නි)
මොවුන්ට තවත් මුලාවෙලා ඉන්න අයටයි මඩු වළිගෙන් තලන්න ඕනෑ (නි)
සේරම රැවටිලා..මේ කරන්නේ පහළ යන තෙල් මිල ගැන අහන එක වෙන පැත්තකට හරවන්න..අර මොන හරි කරන්න ඕන වෙනකොට ක්‍රිකට් කණ්ඩායම් ගෙන්වනවා වගේ වැඩක්නේ මේක..(ම)
සනත්, ඔබ තවමත් හිතාගෙන ඉන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ හිටපු අගවිනිසුරුතුමියට, එහෙම නැත්නම් හිටපු හමුදාපතිතුමාට ක්‍රියාත්මක වුණ ආකාරයට කියලද? කවුරුවත් කාටවත් ඊර්ෂ්‍යා කළ පමණින් රිමාන්ඩ් යවන්න පුළුවන් නම් ලංකාවෙන් බාගයක් හිරේ (නි)
ජනතාවගේ මුදල් වංචා කර ඇත්නම් අනිවාර්යෙන් දඬුවම් කළයුතුය. ඒ සමඟම රජයේ මුදල් භාවිතය සම්බන්ධයෙන් මුදල් පනත ඇතුළු අනපනත් සහ රජයේ මුදල් භාවිතය සම්බන්ධයෙන් වෙනත් ස්වාධින ආයතනයක් ස්ථාපිත කිරීම වැදගත් යැයි සිතමි. දේශපාලන පළිගැනීම් සඳහා නීතිය ගණිකා වෘත්තියේ යෙදවීම යුක්තියේ දෙවඟනට කරන අවමානයකි. (නි)
"දෙමව්පියෝ ඇඹුල් කෑවහම දරුවන්ගේ දත් හිරිවැටෙනවා" කියලා තිබෙනවනේ. හැබැයි මෙතැනදී නම් දෙමව්පියෝ විතරක් නෙමෙයි, ඥාතීන් සහ දරුවොත් ඇඹුල් කාලා වගෙයි (නි)
යහපාලනය ක්‍රියා කරනවා කියලා සිතෙනවා, හොරු රකින්නේ නැතුව (නි)
එතකොට මේක මිනිහෙක් පැහැරගෙන ගිහින් තර්ජනය කළාට වැඩිය දරුණුද? අපේ නීතිය හරිම අමුතුයි. (නි)
බය වෙන්න එපා යහම්පත්, කොකාට වාරයක් එනවා නම් තිත්තයාට දෙවාරයක් එනවා. (නි)
මම මුලින් හිතුවේ රගර් ප්‍රශ්නයක් කියලා (නි)
අර රාජකීය නාවික පාසලට ගිය කෙනෙක් හොරකමකට රිමාන්ඩ් කළාම වෙන්න ඇති මගේ හිතේ (නි)
බයවෙන්න කිසිම හේතුවක් නැහැ. සියලු දෙනාම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් වෙයි (නි)
අපි බලා හිඳිමු, යෝෂිත කිසි කරදරයක් නැතුව මින් නිදහස්වෙන හැටි. (නි)
බුදු බණ අනුව කළ දේ පළ දේ. යුද්ධය ජයගත් මුවාවෙන්, මුළු රටම වෙනත් භීෂණයකට, රටේ දේපොළ තම පවුලේ භුක්තිය සැටියට යොදාගත් අයට දඬුවම් දිය යුතුය (නි)
අපි මෙතන අදහස් දමන්නේ අපි හිතන දෙය. අපි කවුරුත් දන්නවා රටක නීතියක් තියනවා නම් ඒ නීතිය කාටත් පොදුයි. ඒක නිසා අපි රටේ මහජනතාව විදිහට කල්පනා කරන්න ඕනෑ මොකද්ද කර තිබෙන වරද, දඬුවම සාධාරණද, නීතිය නීතිය විදිහට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. එහෙම නැතුව මම මහින්දට / මම රනිල්ට කිය කියා හිටියොත් මේ රට හදාගන්න බැරිවේවි (නි)
ඒ දවස් වල ඔය වගේ වැඩ කරන කොට ඒ කට්ටියට අමතක වෙන්න ඇති කවද හරි පරදින විත්තිය (බ)
මේවා මේ මිනිස්සු තමන්ගේ ගෙදරින් ගෙනා සල්ලි නෙමෙයිනේ (නි)
තිලක්-ඩුබායිගේ මොළයත් හොඳටම හේදිලා බව පෙනෙනවා. කොටින්ම එයා හිතාගෙන ඉන්නේ එයාට විතරයි තේරෙන්නේ කියලා. පිට ඉඳලා බලන අයට එයාගේ මොළේ තරම පේනවා කියලා එයාම දන්නේ නැහැ. (නි)
දැන් කෑ ගහන්න යහ පාලනේ පළිගන්නවා කියලා. (බ)
මේ රටේ බහුතර දේශපාලකයන් ජීවත්වන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. ඒක නිසා තමා මේ අය වැරදි කරන්නේ. තමන් වපුරපු දේවල් තමයි නෙළාගන්නේ. කවුරුත් එය තේරුම් අරගෙන ජීවත්වෙන ඒක තමයි වඩා වැදගත් වන්නේ. රටක නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා නම් එම රට දියුණු කරන්න පුළුවන්. (නි)
ඇත්තටම ඒ කාලේ, ෆොන්සේකා මහත්මයාගේ දරුවොයි, ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ දරුවොයි විඳවනවා දැකලා සමහරු මොනතරම් නම් සතුටු වුණාද, නේද? ඒත් ඒ සතුට ඒ අයට දකින්න ලැබුනේ කොච්චර සුළු කාලයකටද? මේවා දැක්කහම ඒ ගොල්ලන්ට විතරක් නෙමෙයි, අහිංසක අපිටත් දෙයියෝ බුදුන් සිහිවෙනවා. (නි)
යහම්පත්, ඒ වගේම මේ අයත් මතක තියාගන්න ඕනෑ පරදින දවසට මොකද වෙන්නේ කියලා. එතකොට පොළියත් එක්ක ගෙවන්න වෙන්නේ. (නි)
මේ දේවල් වල නිමක් දකින්නේ කවදාද? (නි)
ජයවේවාා !!!. (බ)
මෙච්චර කල් කෝ හොරු ඇල්ලුවද ඇහුවා. දැන් පළිගන්නවා කියනවා. (නි)
ඔන්න කනෝ පිනුම්, (බ)
දැන් අර හීන මානයෙන් පෙළුණු අයට ගොඩක් සතුටු ඇති. රාජපක්ෂ පවුල සමග තියන දැඩි ඊර්ෂියාවේ ප්‍රථිපලයකි. (බ)
පිරිත් නූල් බඳිමු .. බෝධි පූජා තියමු ..(බ)
වැරදි කරලා නම් දඬුවම් ලැබිය යුතුයි. හැබැයි ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට බේරාගන්න මුලිකවුණ රාජපක්ෂ පවුල දඩයම් කරනවට මම විරුද්ධයි (නි)
සමහරුන්ට රාජපක්ෂලා මොන වැරදි කළත් ඒවා පෙනෙන්නේ නැහැ. හේතුව රාජපක්ෂලා ජනතාවගෙන් කොටසක් අන්ධබාවයට පත්කොට තම වහලුන් කරගෙන ඇති නිසා. එම වහලුන් සැමදා රාජපක්ෂලාට ආවඩනවා හැර රට ගැන සිතන්නේ නැහැ (නි)
රටේ මහජන මුදල් අවභාවිතා කරනකොට හේතු නැහැ නේද? අහිංසක මහජනයාගේ මුදල් (නි)
යෝෂිත කෝටි ගණන් වංචා කළාට නීතිය හමුවට ගේනවා. දැන් ඉතින් දාඩිය මහන්සියෙන් හම්බකරගෙන කන මේකට ලියන සමහර අය, මේ පොහොසත් අයගේ පව් වලට අඬයි මෙතන. (බ)
අපි අගය කරන්න ඕනෑ රටේ රජුගේ පුතා හමුදාවට බැඳීම ගැන. හමුදාවේ ඉඳලා ව්‍යාපාර කළා නම් ඒක වැරදියි. හැබැයි තවත් සමහරු ඔය හැම ව්‍යාපාරම කරලා වැරදිකාරයෝ වෙලත් අද තනතුරු හොබවනවා (නි)
නව ලක්ෂයක පැතුම ඉටු වුණා , ඩයස්පෝරාව සතුටු කරන්න නම් මුළු රාජපක්ෂ පවුලම හිරේ දාන්න ඕනේ . මේ ඉටු කරන්නේ ඡන්ද පොරොන්දු .මේ ආණ්ඩුව වගේ බලයට පත් වහාම ජනතාවට එපා වුනු පක්ෂයක් 1948 ඉදන් නැහැ . මහින්ද ව එපා වුනා නම් ඒ අන්තිම අවුරුද්දේ , මැඩම්ව එපා වුනේ , හෝ බලය අඩු වුනේ දෙවන වාරයේදී , ජේ ආර් ගේ ආණ්ඩුව එපා වුනේ අවු 17 කට පස්සේ . එත් මේ ජුදාස් ආණ්ඩුව මාස 6 න් එපා වුණා (බ)
උපුල්, කෑගහන්න එපා. මේ වෙන්නේ කොටි කොටි පරද්දපු නායකයාගෙන් පළිගන්න එක.(බ)
ඇසට පෙනෙන සත්‍ය දකීවා!!!(ම)
යුද්ධය දිනු මුවාවෙන් .ජනතා මුදල් මංකොල්ල කැ රාජපක්ෂ පවූලට රනිල් දඩුවම් නොදුන්නත් ස්වභාවධර්මය දඩුවම් දෙනු අැත.මහින්දත් සමග සිටින මංකොල්ලකාරයෝ පින්තුර තුලින් දැක ගත හැකියි. (බ)
සාධාරණය ඉටුවනු පෙනේ (නි)
හමුදාවෙ ඉන්න කාලෙ විදෙස් ගමන් ගියපු චෝදනාව විතරක් ඉතුරු වේද දන්නෙ නෑ අනිත් ඒව ඔප්පුකරන්න බැරිවෙල. එහෙම වුනොත් ඉතින් මහින්ද මහත්තයත් කියයි පුත්තු ඉන්න තාත්තල ඔහොම තමයි, පුත්තුන්ට චාන්ස් දෙනව කියල. (බ)
සනත් අපි හොඳට දන්නවා වෛරය තිබුණේ කාටද කියලා. බොරු චෝදනා හදලා ෆොන්සේකා මහත්තයා කුදලාගෙන ගිය හැටියෙන්ම (බ)
මගේ දේශපාලන හිතවතුන්වත්, සතුරන්වත් නැහැ. ඒ නිසා ඔය කිසිකෙනෙක්ගෙන් මට ඇති වැඩක් නැහැ. නමුත් නීතිය හා සාධාරණය නිතරම අපේක්ෂාකරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස මේ ටිකත් ලියා තැබිය යුතුමයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ යුගයේ සිදුවුණා යැයි කියන දුෂණ වංචා වලට සම්බන්ධ, ලොකුම එකාගේ සිට පොඩ්ඩා දක්වාම කූඩුවට දැමිය යුතුමයි. ඒ ගැන කිසිම අහිතක් මගේ නැහැ. ඉතින් මේ මෑතකදී ඇඹිලිපිටියේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නයැයි ගරු අධිකරණයෙන් නිකුත් කළ නියෝගය, ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ මන්ද...? ඒ චුදිතයින් මහින්ද මහත්මයාටත් වඩා බලවතුන් වීම නිසාද? (නි)
මෙතන තියෙන්නේ ව්‍යාපාර මුවාවෙන් රජයට කෝටි ගණක පාඩුවක් කරලා, ඒ මදිවාට රජයේ රූපවාහිනී ආයතන වල තාක්ෂණික උපකරණ භාවිත කරලා ව්‍යාපාර කිරීම. (නි)
මෙතන කිසිම පළිගැනීමක්වත් ඊර්ෂ්‍යාවක්වත් නැහැ. දේශපාලන පළිගැනීම් තිබුනේ ඉස්සර. රාජපක්ෂ පවුලේ සමහර අයට තිබෙන චෝදනා වල හැටියට ඔවුන්ට මේ රජය කාරුණික වැඩියි වගෙයි. සමහරු හිතාගෙන ඉන්නේ ඒගොල්ලන් නීතියට යටත් නැහැ කියලා. (නි)
රිමාන්ඩ් එකේදී ඥානසාර හාමුදුරුවන්වත් හමුවෙන්න පුළුවන්. (නි)
ත්‍රස්තවාදීන් ගෙන් රට මුදාගැනීමට රාජ්‍ය දේපල අවභාවිතය පටළවාගන්න බැහැ. පවුලේ කෙනෙක් රට බේරාගත්තා කියලා ඒ මුවාවෙන් අනෙක් උදවියට රටේ නීතිය කඩන්න බැහැනේ. තවම කවුරුවත් වැරදිකරුවන් වෙලා නැහැ. නමුත් අසවාලගේ පුත්‍රයා වීම විශේෂ වරප්‍රසාදයක් කියලා නීතියේ ඉදිරියේ සළකන්න නැහැ. (නි)
ඒක තමයි කියන්නේ කළ කළ දේ පළ පළ දේ කියලා. එදා ෆොන්සේකා මහතාව හිරේ දානකොට? හෙට ෆොන්සේකා මහතා පාර්ලිමේන්තු යනකොට අද යෝෂිත හිරේ ඉන්නවා. මේවා කාටත් පාධමක්. (නි)
ජෙනරල් සරත් ෆොන්සේකාට ජම්පරයක් අන්දලා පිළුණු බත් බෙලෙක් පිඟානේ කන්න සළස්වනකොට, රට වෙනුවෙන් ඉදිරියට ගිහින් මරාගෙන මැරෙන බෝම්බයෙන් වුණ තුවාල තියෙද්දී බිම නිදාගන්න සළස්වනකොට කට්ටිය හිතන්න නැතුව ඇති තමන්ටත්/තමන්ගේ දරුවන්ටත් කවදාහරි 'මහගෙදර" සැතපෙන්න සිද්ධවෙනවා කියලා. (නි)
ඉසුරු, එතුමා දරුවෝ හිරේ නොදැම්මාට දරුවන් කීදෙනෙකුට තාත්තලා නැතිකළාද? (නි)
දැඩි දඬුවම් දුන්නාට මදි. ලෝකයේ හතරදික්බාගයේ හංගලා තිබෙන ධනස්කන්දයත් ජනතා සතු කරන්න. (නි)
අශාන්, ඔබ කියන දේ මොළ හෝදපු අයට තේරුම්ගන්න බරපතල වැඩියි. (නි)
අයියෝ! අනේ දෙවියනේ! (නි)
මෙහෙම අයට ඊර්ෂ්‍යා කරන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩයෝද? (නි)
අපි බලාගෙන ඉමු අවසාන ප්‍රතිපලේ (ම)
ෂුවර් එකටම ඡන්දයක් අත ළඟ ඇති. (නි)
අපි යෝෂිත සමඟයි (නි)
මට හිතෙනවා, මේ දෙපැත්තම රඟපෑමක් කරනවාදෝ කියලා. මම කියන්නේ මට හිතෙන අදහසක් පමණයි (නි)
දවසකට දෙකකට රිමාන්ඩ් කරලා වැඩක් නැහැ. බලය තිබෙන කාලේදී කර තිබෙන වැරදි වලට අඩුම වශයෙන් අවුරුදු 15-20 කටවත් "මහගෙදර" යවන්න ඕනෑ. (නි)
යුද ගින්න නිවී ගතට.දැය නැන්වූ මිනිසකුට ලබා දුන් කදුළු කැට (ම)
යුධ විරුවන්, යුද්ධයට නායකත්වය දුන් සහ විජාතික බලවේග වලට එරෙහි හාමුදුරුවන් සිරගත කිරීම මගින් හෙළ බොදු විරෝධී ජාතිවාදී බලවේග වලට සතුටු වන්නට සලස්වා සුළුජාතික ජන්ද වලින් මැතිවරණ දිනීමේ නින්දිත උත්සාහයේ තවත් පියවරකි.(ම)