ආණමඩුවේ ගාමිණී වන්නිනායක (42) වෙළඳ සේවකයකු රිය අනතුරකින් මරණයට පත්වීමෙන් පසුව පළාගිය බව කියන යශෝධ රංගේ බණ්ඩාර හා තවත් තිදෙනකු පළුගස්වැව පොලිස් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

රංගේ බණ්ඩාර විසින් පදවන ලදැයි කියන ලෑන්ඩ්රෝවර් ජිප් රියක් ද පොලිස් භාරයට ගෙන ඇත.