ජාතික තරුණ සේවා සභාව ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කෙරුණු 3 වැනි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශාලාවේ ඉදිකළ විශේෂ පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (4) පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල යෞවන සමාජ සාමාජිකාවන්ගේ ඡන්දයෙන් තේරී පත්වූ 160 දෙනකුද විශ්ව විද්‍යාල, නීති විද්‍යාල, පාසල් ඇතුළු වෙනත් ආයතන හා සංවිධාන පත්කළ නියෝජිතයන් 65 දෙනකුද එහි මන්ත්‍රීවරු 225 ට ඇතුළත්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ, මියයනවා. මෙහෙ යොවුන් පාර්ලිමේන්තු වලට මහජන මුදල් වියදම් කරනවා. (නි)
දිල්ෂාන්,රෝගීන් මැරෙනවා කියලා රටේ වැඩ කටයුතු සියල්ල නවත්වා බැහැ නේද? කළයුතු හැම දෙයක්ම කළයුතුයි. එකක්වත් නවත්වලා බැහැ. රටක සමාජමය සංවර්ධනය අත්‍යවශ්‍ය දෙයක්. ඒවගේම පිළිකා රෝගීන්ට බෙහෙත් දීමත් අත්‍යවශ්‍ය දෙයක්. එකක් නිසා තව එකක් නවත්වලා බැහැ. (නි)
මේවා කියන ආකාරයෙන් නොකරන නිසා තමයි රට සංවර්ධනය නොවෙන්නේ. (නි)
දැන් රටට අවශ්‍ය මේවා තමයි (නි)
සියලු දෙනාටම සුබ පැතුම්.! (ර)
හොඳ දෙයක් (නි)
දිවුරුම් දුන් සැමට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ඔබ සියළු දෙනාට සුබ පැතුම්! (නි)
ලලිත්ගේ කතාව හරියටම හරි. ඒකාලේ මිනිස්සු මාලිගාව වටේ නයිට් රේස් පදිනකොට පිළිකා රෝගීන්ගේ දුක කියන දිල්ෂාන් මහත්තයා කොහෙද දන්නෑ හිටියේ...(ස)
ඔබට ජයවේවා දරුවනි! (නි)