(අංජුල මහික වීරරත්න)
ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පනත් වල තිබෙන යල් පැන ගිය තත්ත්වයන් කඩිනමින් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම වෘත්තියකටම අයත් වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නා ස්ථාන වල සිටිය යුතු බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 90 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. කඩවත, “රෝස් ගාඩ්න්” උත්සව ශාලාවේ දී මෙය පැවැත්විණි.
දීර්ඝ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිලධාරීන් මෙහිදී අගය කිරීමට ලක් කළ අතර ඔවුන් හට සමරු තිළිණ ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ප්‍රදානය කරන ලදී.
එමෙන් ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ Voice of Public Health, face book පිටුව සහ youtube නාලිකාව ද අමාත්‍යවරයා විසින් මෙහි දී එළිදක්වන ලදී.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මෙහෙයවීමේ දී එහි දිශානතියේ යම් වෙනසක් සිදුකළ යුතු බව පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යල් පැනපු පනත් ඉක්මනට වෙනස් කරනවා