මහව - වව්නියාව දුම්රිය මාර්ගයේ නවීකරණයද පොල්ගහවෙල - මහව ද්විත්ව මාර්ගය ඉදිකිරීමේ ඇති සැලසුම්ද කඩිනම් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දුන්නේය.
යුද සමයේ දී විනාශ වූ උතුරු දුම්රිය මාර්ගය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පසුගිය වසරේ යළි විවෘත කළත් මහව මංසන්ධියේ සිට වව්නියාව දක්වා පවතින දුෂ්කරතා හේතුවෙන් නිසි ලෙස දුම්රිය ධාවනය නොවන බැවින් නවීකරණය කරන ලෙස ඇමති ඔවුන්ට දැනුම් දී ඇත.
එවිට යාන ගමනට ගතවන කාලය පැයකින් පමණ අඩුවනු ඇතැයි ඇමතිවරයා පැවසීය.
අඩුපාඩු සොයාබැලීම සඳහා ඇමැති කොටුව සිට යාපනය දක්වා යාල් දේවී ගියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිපාල නම් වැඩක් කරන පුද්ගලයෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙත් ගොඩක් වැඩ කළා මට මතකයි (බ)
දුම්රියේ යනවානම් ඔබ 3 වන පන්තියේ යන්න ආරක්ෂකයන් සමග පමණක් .ප්‍රාථමික අඩුපාඩු එමටයි දුෂණ ,නාස්ති අති මහත්...! සේවකයෝත් වැටුප් ගන්නවා විතරයි .වැටුපටවත් හරියන වැඩක් කරන කවුරුත් නැහැ.නිලධාරීන් ඔබ සමග ගියොත් නම් කොලේ වහනවා,අන්දනවා .ඩඩ්ලි සේනානායක අගමැති තුමාත් පාත්ති වල ගෝව ගෙඩි ,වී පඳුරු පිටින් හිටවලා රවටපු නිලධාරීන් 1960 ගණන් වල පවා හිටපු රටක් මේක...! කොටුව දුම්රියපොළේ ආපනශාලාව නැවත ඇර ගන්න පුළුවන් වුනාද..? (බ)
ඇමතිවරයා කලින් දැනුම්නොදීම කොටුව මරදානට පැමිණ නිරීක්ෂණය කරනවා නම් අඩුපාඩු එමට සොයා ගැනීමට පුළුවන්. කලින්ම දැනගත්තහම නිලධාරින් පෙර සුදානම් ඇතුව කාරණා වසා දමනවා. එවැනි සිදුවීම් කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය වර ඇමතිවරයා පැමිණි දින අප අත්දුටුවා (නි)
මොනතරම් අඩුපාඩු ගොඩකද අපේ රටේ මිනිස්සු යන්නේ? (නි)
බොහොම හොඳයි (නි)
බලනවා වගේම අඩු පාඩු ටිකත් හැදෙනවා නම් ගොඩ (ම)
මේ යාල්දේවි දුම්රියද. මේ ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා යන නගරාන්තර දුම්රියයි. යාපනේට යන හැම දුම්රියම යාල්දේවි නෙමේ. මේක නිවැරදි කරන්න. නැත්නම් යාල්දේවියේ යන මගින් කෝ ඒසී කියලා බලයි. (බ)
ඉස්සර නම් වැඩක් කරන්නවත් අවස්තාවක් ලැබුණේ නැහැ නේද ?(ම)
වවුනියාව දක්වා ද්විත්ව මාර්ගයක් ඉතාම අවශ්‍යයි (බ)