යාල වනෝද්‍යානයේ සංචාරය කළ සෆාරි රථයකට අලියකුගෙන් එල්ලවු ප්‍රහාරයකින් අද දින (28) ස්වීඩන් ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.
වනෝද්‍යානය තුළ මග පෙන්වන්නකු වන ජෝසප් සුනිල් ප්‍රනාන්දු මහතා තිස්සමහාරාම පොලිසියට කළ පැමිණිල්ලක් කර ඇති බවත් ස්වීඩන් ජාතික යුවළක් වුනගේ දරුවාද සමග සෆාරි රථයෙන් උදැසන 7.00 ට පමන යාල වනෝද්‍යානය තුල සංචාරය කරන අතර තුරදී යාල වනෝද්‍යානයේ ගැමුණු නම් අලියා සෆාරි රථයට පහර දීමට පැමිණි අවස්ථාවේ රථය පිටුපසට ගන්නා අවස්ථාවේදී ඇති වු ගැස්සීමකින් එම කාන්තාවගේ කොන්දේ ආබාධයක් ඇතිවී ඇතැයි කියති.
අද පෙරවරුවේ චීන ජාතික කාන්තාවක්ද යාල වනෝද්‍යානයේදී අසනීප වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේටම වඩා වටින්නේ ඉතුරු වෙලා ඉන්න සත්තු ටික රැකගන්න එක. ඔහොමම ගියොත්, අනාගතේදී ඔය සත්තු බලන්න වෙන්නේ පින්තුරවලින් තමයි. රජය මේ සත්තු රැකගන්න කඩිනම් පියවර ගතයුතුයි. එය රජයක වගකීමක්. (ර)
කොහොමත් ලංකාවේ වන අලි දැන් ටිකක් ප්‍රචණ්ඩයි (නි)
වනෝද්‍යානයේ ඉන්න සතුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. (නි)
සතුන්ගේ නිදහසට බාධා ඇතිවන අයුරින් මෙම කටයුතු සිදුකරන්න ගියොත් සතුන්ගෙනුත් බාධා ඇතිවෙනවා (නි)
සංචාරක මඟ පෙන්වන්නන් සහ රියදුරන් වන සතුන්ගේ නිදහස් හැසිරීම් තේරුම්ගෙන ඔවුන්ට අවහිරයක් නොවන සේ කටයුතු කිරීම වැදගත්. (නි)
මට නම් පෙන්නේ මේක අලියාගේ වරදින් වුනු දෙයක් නෙවෙයි. රියදුරුගේ වරදින් වුනු දෙයක් කියල. ඔය ගැමුණු අලියා කෑම ඉල්ලනවා පමණයි පහර දෙන්නේ නැ....(රේ)
සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන අපි මීට වඩා හිතන්න ඕනෑ (නි)
වසන්ත, සංචාරකයින්ගේ ආරක්ෂාවට නෙවෙයි යාල තියෙන්නේ සතුන්ගේ ආරක්ෂාවට. යාල සතුන්ගේ අභය භූමියයි. එය සතුන්ට වෙන්කළේ සිංහල රජවරු. (ර)
යාල වගේ ජාතික වන උද්‍යාන වලට ඇතුළුවන සංචාරකයන් සිමා කල යුතුය. ජාතික වන උද්‍යාන හුදෙක් අදායම් උපදවන ස්ථාන නොවන බව පාලකයන් වටහාගත යුතුය. සංචරකන්ගෙන් මුදල් බලාපොරොත්තුවෙන් සතුන්ගේ ස්වභාවික පැවෙත්මට බාද කරන රියදුරන් හා මගපෙන්වන්නන් නැවත උද්‍යානයට ඇතුළුවීම තහනම්කල යුතුය. (ර)
සෆාරි රියදුරන් දැනුවත් කරන්න. (ර)
අමතක නොවෙන අමිල සවාරියක්...(රේ)
කෙන්යාවේ ටැන්සානියාවේ මෙන් නොව ලංකාවේ සෆාරි කරුවන් වනයට වන සතාට ආදරයක් නොදක්වයි. කරන්නෙම ඔවුන්ට බාධා කිරීමයි. එක රියදුරෙක් අලියෙක් දුටු විට එය ලෝකයේ ලොකුම පුදුමේ දුටුවාසේ තම මිතුරු සියලු රියදුරන් එතනට ගෙන්වනවා. මේවාට උගත් ස්වභාවධර්මයට ආදරය කරන විදේශිකයන් කැමති නැහැ. මෙම රියදුරන්ට පාඨමාලාවක් හදාරන්නදී විභාග කර සමත් අයට පමණක් අවුරුදු පතා අලුත් කළ යුතු බලපත්‍රයක් දෙන්න. (බ)
පිටිගල මිලානෝ මහතාගේ අදහස මමද අනුමත කරමි. පසුගිය ජුනි මාසෙදි අපි මින්නේරිය ජාතික උද්‍යානය බැලීමට ගියෙමු. වළ ගොඩැලි සහිත පාර කිට්ටුවම දැවැන්ත වල් අලියෙකු සිටිනු දුටු රියැදුරා එන්ජිම නවතා, අලියා දැකගැනීමට සැළසුවේය. තණකොළ ගළවමින් බුදිමින් සිටි අලියා මඳකට එම කාර්යය නවතා කේන්තියෙන් අප දෙසට එන්නට විය. එම අවස්ථාවේ රථයේ එන්ජිම පණගන්වන්නට නොහැකි වුණි නම් අපිද එදා වල් අලි ප්‍රහාරයට ගොදුරු වන්නට තිබුණි. එබැවින් සෆාරි රියදුරන් හට පාඨමාලාවක් ලබාදීම අනිවාර්ය කළයුතුය (නි)
සංචාරකයන් සම්බන්ධව කටයුතු කිරීමේදී මීටවඩා ප්‍රවේශම් වියයුතුයි (නි)
පිටිගල, ඔය විභාග කතන්දර රියදුරු බලපත් ගන්නාවිටත් තිබෙනවා. නමුත් ඔය රියදුරන් මාර්ග නීති කඩන්නේ. ඔය විභාගයත් ලස්සනට පාඩම් කරලා ලියයි. (නි)