IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යාල වළහා උගුලෙන් බේරා ගනී

දඩයක්කරුවකුගේ උගුලකට හසු වූ වලසකුගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩායමක් අද සමත්විය.

 තමන්ගේ හේනේ විශාල ගසක් උඩ කම්බි උගුලක් සමග දඟලමින් සිටි වළසා දුටු සිතුල්පව්වේ බැබව අලිවල කේ එම් ජයවර්ධන මහතා ඒ බව වනජීවී නිලධරයන්ට දැනුම් දුන්නේය.

නිර්වින්දනය කළ වළහා අඩි 30ක් පමණ උස ගසෙන් පහළට ගැනීමට වනජීවී නිලධරයන් දැඩි වෙහෙසක් දැරූ බව ප්‍රදේශවාසීහු කියති.



අදහස් (0)

යාල වළහා උගුලෙන් බේරා ගනී

තිළිණි Thursday, 28 November 2013 08:12 PM

"කුසුම්" - ඔය නැගල තියෙන්නේ එතුමා හම්බවෙන්න නෙවෙයි. අර ලුම්බිණියේ නටබුන් මතු වුනාට පස්සේ එල්ලෙන්න වැලක් නැතුව ගහකට නැගලා. ඒකයි! (දිල්)

:       0       0

දිසානායක Thursday, 28 November 2013 08:29 PM

උගුල පැටලිලා තිබුනේ වලහගේ නැට්ටේ (අ)

:       0       0

රුවන් ගමරාලගේ Friday, 29 November 2013 07:51 AM

අනේ අනිච්චන් වලහෙක් ගිය උධක් (නදී)

:       0       0

අමිල කටුනාය Thursday, 28 November 2013 08:59 PM

ජයවර්ධන මහත්තයා නොවලහා දැනුම් දීම වටිනවා වලහට.(නදී)

:       0       0

සුලෝචන Thursday, 28 November 2013 09:14 PM

මොනවා උනත් වන ජීවී නිලදාරින්ට නම් බොහොම පින් අසරණ සතෙකුගේ ජිවිතයක් බේරගත්තට (නදී)

:       0       0

අරනෝලිස් Friday, 29 November 2013 09:13 AM

‍පෙම්බර මදු මගේ මා නැතේ එබෙන් මිදුනේ. සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ. පෙම්බර මදු මගේ.(නදී)

:       0       0

සිරි තේනබදු Thursday, 28 November 2013 04:56 PM

ඇයි කලින් වාර්තා වුනා නේද දැන් ලංකාවේ වලස්සු නැහැ ඔක්කොම වඳ වෙලා කියලා. (නදී)

:       0       0

ටෙනිසන් Thursday, 28 November 2013 05:06 PM

කතාකරගන්න හැකිනම් උගුල අටෝපු එකා ගැන හා ඉන් ගලවා ගැනීමට උරදුන් සියලු දෙනා ගැන මේ සතා මොනවා කියයිද? උරදුන් සැමට පින්සිදු වේවා! (නදී)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 05:22 PM

දඩයක්කරු අල්ලලා ගහ උඩ උගුලට දමන්න තියෙන්නේ. ඒ වේදනාව දැනෙන්න. බේරා ගත් සැමට පින්!(නදී)

:       0       0

කුසුම් Thursday, 28 November 2013 05:36 PM

කුමන හෝ අසාධාරණයක් සිදුවෙලා හෝ විරෝධයක් පාන්න හෝ ජනාධිපති තුමා මුණ ගැහෙන්න වත් නෙමේ නේද වලසා ගසට නැග තිබෙන්නේ? මේ ෆොටෝ එක දැක්කහම මට මතක් උනේ, දැන් අපේ අය ගස් උඩට නගින්නේ ඒ වගේ හේතු නිසානේ ඒකයි.(නදී)

:       0       0

රූපවතී Friday, 29 November 2013 01:08 AM

අනේ ඒ අහිංසක සතා බේරාගත් හැමටම ඒ පින් බලෙන් සසරින් එතෙර වීමට මං විවර වේවා ...!!! (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 28 November 2013 05:50 PM

අපේ දේසපාලක තුමෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් ඉස්සරහට ආවලු. එක වලහෙක් මරුන වගේ බිම නිදාගත්තළු අනිත් වලහා දුවල දුවල ගිහිල්ල ගහකට නැග්ගලු (නදී)

:       0       0

ඉන්දු - ලංඩන් Thursday, 28 November 2013 05:51 PM

ඔබලාට ගොඩක් පින් අහිංසක සතෙකුගේ ජීවිතය බේරුවාට. (නදී)

:       0       0

මදූ Friday, 29 November 2013 06:36 PM

අරනෝලිස් ට උගුලක් අට වන්න වේයි වගේ ? (නදී)

:       0       0

මධු Friday, 29 November 2013 01:25 AM

මනුස්සයා කියන සතා මනුස්සයාට වගේම තිරිසනාටත් උගුල් අටවනවා (නි)

:       0       0

අජිත් Thursday, 28 November 2013 06:01 PM

ඉතින් ඉතින් පහන් කියන්නකෝ ඉතුරු ටිකත්. ඔහොම බාගෙට නැවත්තුවම අපි නිකන් කරකවල අත්හැරියා වගේ.(නදී)

:       0       0

තිලන්ක Thursday, 28 November 2013 06:06 PM

ඔච්චර උඩ උගුල අටවලත් ගොදුර ලබා ගැනීමට නොහැකි වූ දඩයක්කරුට මගේ සංවේගය! (නි)

:       0       0

කුමාරසිරි Thursday, 28 November 2013 06:07 PM

වද වේගෙන යන මේ සත්තු ගැන අදාල බලධාරින් ගේ අවධානය යොමුවේවා .(දිල්)

:       0       0

චානක Thursday, 28 November 2013 06:26 PM

උතුම් ක්‍රියාවකි, අපිට බලන්න තව ෆොටෝ දානවා නම් සතුටුයි. (නි)

:       0       0

ලලී Friday, 29 November 2013 01:35 PM

මෙතන තියෙන අදහස් දැක්කහම වෙලාවකට ලංකාවේ මිනිස්සු ගැන පුදුමත් හිතෙනවා (නි)

:       0       0

අප්පුහාමි Thursday, 28 November 2013 06:47 PM

හැබෑටම එහෙම වෙලාද පහන්? (නි)

:       0       0

කුමාරි Thursday, 28 November 2013 06:52 PM

හැබැයි ඉතින් ඔන්න දැන් මෙතන ඉන්න උපාසක නෝනලා, මහත්තුරු වලහා ගැන වර්ණනා කරනවා. ඉතින් වලහා මනුෂ්‍යයෙක්ව හරි පොඩි දරුවෙක්ව මරලා කාපු දවසක අපේ උපාසක අය මනුෂ්‍යයාව වර්ණනා කරනවා. (නි)

:       0       0

සිරියලතා, කෙන්යා Thursday, 28 November 2013 07:21 PM

මෙතන අදහස් ආන සියල්ලන්ටම තේරෙයි ඔයාලත් ඔය පැත්තේ කුඩා ගෙයක් හදාගෙන හේනක් වගා කරගෙන ඉන්නකොට මේ දේ වුණා නම්... මොනවා වුණත් ඔහුගේ පණ බේරා ගැනීමට හැකි වීම සතුටක් (නි)

:       0       0

මීෂා Thursday, 28 November 2013 07:24 PM

කුමාරි මිනිසුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඔයා මොනවා හිතනවද මන්දා බුදු සරණයි ! (නදී)

:       0       0

අජිත් Thursday, 28 November 2013 07:37 PM

ඈ..... පහන්, ඒ කියන්නේ වලස්සුත් බයයි අපේ දේශපාලුවන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site