යාල වනෝද්‍යානයේ දී දඩයක් කරුවන් හා වනජීවි අතර වෙඩි හුවමාරුවෙන් පසු ව දඩයක්කරුවන් සතුව තිබූ මුව වස් ඇතුළු සතුනගේ මස් තොගයක් ගිනි අවි ද සමග තවත් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව වනජීවි වැටලීම් අංශය කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වැටලීමට සම්බන්ධ වූ වනජීවියේ තිදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි. මෙම වෙඩි හුවමාරුවෙන් මියගොස් ඇත්තේ වැඩහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි බව කියන ශාන්ත ලක්මාල් (34) නමැති තිදරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් වැද්දන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු වේ. අපේ රටට ආවේණික සතුන් විනාශ කිරීම ගැන ජනතාව වඩාත් දැනුවත් කිරීමට කාලය පැමිණ තිබේ. (නි)
වනජීවී අයගෙන් 'ප්‍රශ්න කරනවා' කිවුවහම මට නම් බයයි. (නි)
යාල ජාතික උද්‍යානයේ සත්තු මරාගෙන එනකොට ඔවුන්ව අත්ඩංගුවට ගන්න උත්සාහ කරද්දි ඇතිවුනු සිද්ධියකදි නේද මේ දඩයක්කාරයෙක් මැරිලා තියෙන්නෙ. ඒක වනජීවී නිලධාරීන් ආත්ම ආරක්ෂාවට කරපු වෙඩි තැබීමක්. දඬුවම්දීමක් නෙමෙයි (නි)
මියගිය දඩයක්කාරයා පිටුපස දේශපාලන බලයක් තිබෙන බවක් පෙන්න නැහැ. ඒ නිසා ප්‍රශ්න කිරීම තුලින් වනජීවී නිලධාරීන්ට කරදරයක් වේවි කියලා හිතන්න අමාරුයි. (ර)
ඔය මැරුණු දඩයක්කාරයා දේශපාලුවෙක් ගේ හෙන්චයියෙක් නම් ෂුවර් එකට වන ජීවී එකේ අයට මරණ දඬුවම හම්බවෙයි (බ)
වරදකරුවෝ කව්රුත් ප්‍රශ්න කරන්නේ කාගෙන්වත් දඩයක් කාරයාගේ නිල නොවන ආයුද ගැන ප්‍රශ්නයක් නැත්ද? (බ)
ඔය දඩයක්කාරයෝ සත්තු මැරුවාට කන්නේ වෙන අයනේ ..... අන්න ඒ කන අයටත් වෙඩි තියන්න ඕනි ...(ම)
වනජීවී නිලධාරීන් මෙහෙම කළ එක හොඳයි. මේ දඩයක්කාරයෝ තමයි අපේ අහිංසක සත්තු විනාශ කරන්නේ (නි)
මේ වගේ දේවල් වලට ප්‍රශ්න කළාට මම නම් කියන්නේ කළේ හොඳ වැඩක් කියලයි. අහිංසක සතුන්ව මරාගෙන කන ඔවුන්ට අන්තිමට වෙන්නේ මේක තමා. (නි)
ප්‍රශ්න කළාට කමක් නැහැ, සාධාරණව (නි)
නිශ්චිතව හඳුනා නොගත් වර්තමාන මිනිසාගේ මානසික අවපාතය සහ පළල් නොවූ මහා කරුණාව මස් වැද්දන්ගේ කෑදරකමට හේතු විය හැකියි. දඩුවම පමණක් සෑහේද යන්න ප්‍රශ්නයක්.(ම)
වනජීවී නිලධාරීන්ගේ ක්‍රියාව ඇගයීමට ලක්කළ යුතුය.මස් වැද්දන්ට එරෙහිව ඔබ අවි එසවීම සාධාරණය. (නි)
ප්‍රාණ හානියක් සිදුවුණහම විමර්ශනයක් පවත්වා කරුණු වටහාගැනීමක් කිරීමයි රටේ නීතියේ ක්‍රමවේදය. මේ ගැන කිසි ගැටළුවක් නැහැ. (නි)