
(අංජුල මහික වීරරත්න)
යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වනසතුන්ට හිංසාවන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයින්ට හා එම වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.
කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග පරිදි මෙම පියවර ගෙන තිබෙි.
එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන වල වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව ද මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
වනෝද්‍යානය වල වනසතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කර තිබෙි.
වනජීවී අමාත්‍යවරයා ගත් මෙම තීන්දු තීරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ඉන්න සත්තු හැදුවත් ඕවා බලන්න යන සත්තුනම් හදන්න බෑ.
එතකොට වනෝද්‍යානවලට අතුලුවනවිට හැඳුනුම්පත් බලනවද?
ඔය සුකුරුත්තං දඩුවම් වලින් උන්ට පාඩම් උගන්වන්න බැහැ මහත්තයෝ. ඇඟට පතට දැනේන්න එකාට රුපියල් ලක්ෂ 5 ක් වත් දඩ ගහන්න ඕන. ඒක ආන්ඩුවටත් හොඳයි. සල්ලි නැති උන් නොවෙයිනේ ඩිෆෙන්ඩර් වලින් යන්නේ.
දේශපාලුවන්ගේ පුත්තුත් ඉන්නවලු නේද.?
එක නම් පුදුම දඩුවමක්. මෙහෙව් රටක එහෙව් දඩුවම් ගැන පුදුම විය යුතු නැත.
මරු දඩුවම්. අසාදු ලේඛන බලලාද ඕවට ඇතුල් වෙන්න දෙන්නේ. පොඩි මිනිහෙක් කලා නම් රාජ්‍ය දේපලවලට හානි කිරීම යටතේ හිරේ දානවා. අරුන් හිතාමතාම හානවනේ යාල.
අම්මෝ...පුදුම දරුණු දඬුවමක්නෙ දීල තියෙන්නෙ..එක රටක් එක නීතියක් .....
වනසතා විදෙස් සංචාරකයො ආවහම ඔවුන්ට පේන්නම පිල්විදහලා නටලා ඔවුන්ගේ දෑස් වශිකරලාම පෙන්වනවා...! එකට අපේ කොළඹ පුතා-සතා ඩිස්කි-විස්කි දාලා රෝද හතරෙන් පස්ස පේන්නම නටලා විදෙස් සංචාරකයන්ට පෙන්වනවා මෙතරම්ම කෝටි ගාණක් වටිනා වාහන කොහොමද අපට අයිති උනේ ඔය වගේ අඩු වයසකට කියලා..!
අනේ ඔව්.. දඩ නොගෙවා ,හිරේ නොගිහින් , නඩු නැති ඔය වගේ දඩුවම් දීම තමා ඉතාමත් සුදුසු. ඇමැති පුතා උනත් සතුටින් යය්.. මොකද තහනම් කලාම හැමෝම දන්නවා ඒක . අය්ඩෙන්ටිය බලාගෙන ටිකට් දෙන්න පුලුවන් .. තවත් හොදය් තට්ටමේ පච්චයක් කෙටුවානම්.. සුපිරි වැඩක් ..
ඒ දඬුවම දරුණු වැඩි නැද්ද?
මොකක්ද මේ දඩුවමක්ද? උන් දැන් වෙන තැනකට ගිහින් රේස් පදී . සල්ලි තිබුනට මොලේ නැති උන්.
මාධ්‍යට කොන්දක් තියේ නම් මේ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න. කීයටවත් බැහැ..
දෙපා සතුන්ගේ හැසිරීම තිරිසන් සත්තුන්ට වඩා අන්තයි. මාස 6 කට වත් හිරේට යවන්ඩ තිබුනේ .
අම්මෝ..! හක්ක පනින බරලතප දඬුවමක්නෙ දීලා තියෙන්නෙ. තරාතිරම නොබලා මෙහෙම නම්, තරාතිරම බලලා දඬුවම් කලානම්, සමාව ඉල්ලලා වන්දියකුත් ගෙවයි (මහජන මුදල් වලින්).
Punishment is not at all adequate in my opinion. Disappointed.
අමරවීර එතකොට ඔයාගේ බූරු පුතා හා අනෙක් බූරු පුත්තු කළ පාහර වැඩේ එතැනින් ඉවරද..? නුඹලා මේ කෙළවෙච්චි රටට කරන මේ අපරාධ කවද්ද නවත්වන්නේ...? හෙන හතම වැදියව්...! සාප කරනවා වැනසිලාම යන්න. රටේ මිනිස්සු අපා දුක් විඳිනවා. ආතල් ගන්නවා. ගිලෙන නැවත මුදුනේ ඉඳගෙන මහජනතාවගේ දේවල් වහනවා. කවදාහරි වන්දි ගෙවන්න වෙනවා...!