යාල වනෝද්‍යානයේ වන ජීවී කාර්යාලයයට නුදුරින් මඟුල් මහා විහාරය හා පලටුපාන අතර අක්කර දෙකක සරු කංසා වගාවක් වටලන්නට ගිය වනජීවී නිලධරයින් හා වගා කරුවන් අතර වෙඩි හුවමාරුවක් ඇති විය.
කංසා වගාකරුවෙක් වෙඩි පහරින් තුවාල ලැබීය.ඔහු දෙබරවැව රෝහලට ඇතුළු කැර ඇතැයි වාර්තාවේ.
වනජීවී නිලධරයින්ට කංසා වගාකරුවන් මුලින්ම වෙඩි තබා ඇතැයි සඳහන්වේ.සැකකරුවකු අත්අඩංගුවට ගෙන හේන වටලා ඇතැයි වනජීවී නිලධරයෝ කියති .අඩි හතරක් උසට කංසා ගස් වැවි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ වනජීවී එකට සහ වන සංරක්ෂණ නිලධාරීන්ට හොරෙන් අඩි 4 ක් උස වෙනතෙක් කන්සා වැව්වේ කොහොමද කියන එකයි.කන්සා සුමානෙන් දෙකෙන් ලොකු වෙන්නේ නැහැනේ. (අ)
සදුනි, එයාල කලකට පස්සේ වේලකට බැහැලා තියෙන්නේ, (අ)
සඳුනි වන නිළධාරින්ට කැලේ අඟලක් ගානේ දිනපතා චෙක් කරන්න බැහැ. හැම තැනම ගස් නිසා ඇතට ගංජා ගස් අඳුරන්න බැහැ. ගංජා ගස්වල මල් පිපුනම එන සුවඳින් තමයි අඳුනගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය මල් පිපෙන්න කලින් කපල වේලලා විකුනනවා (අ)
සඳුනි, මොකද යලටයි මහටයි නේ නිලධාරීන් ගේ පරීක්ෂාවත්. (අ)
නිලධාරීන්ටම දොස් කියන්නත් එපා සමහර දේශපාලකයින් රාජකාරිය ඉටුකරන්න දෙන්නේ නැහැනේ. (දිල්)
වන ජීවී කියන්නේ වනයේ සිටින සතුන්ට නේද ශාක සමග සම්බන්දයක් නෑ නේද ? (නදී)
මටනම් හිතෙන්නේ වගාව අයිති ජාවාරම් කාරයාගෙන් මෙයාලගේ කොටස හරියට ලැබිලා නැතුව ඇති. (අ)