IMG-LOGO

යාල් දේවීයේ කෑල්ලක් මගදී හැළේ

කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ  මැදිරි දෙකක්  ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී  මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.

දුම්රිය යළි පැමිණ එම පෙට්ටි දෙකද යළි ඇදෑගෙන ගිය බවත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බවත් දැනගන්නට ඇත.

 



අදහස් (0)

යාල් දේවීයේ කෑල්ලක් මගදී හැළේ

නිහාල් Sunday, 04 May 2014 04:00 PM

කන්දක දී හෝ පල්ලමක් ලඟ මේක උනා නම් මොන තරම් හානියක් වෙනවද මේක ගැන හොයන්න කමිටුවක් පත්කර සිද්දිය එතනිනින් අමතක කරනවා. (ස)

:       0       0

ආදිලා Monday, 05 May 2014 02:34 AM

දැන් මේකටත් පළි රජයද දන්නෙ නැහැ? (නි)

:       0       0

චමින්ද ගුරුසිංහ Sunday, 04 May 2014 04:13 PM

සමහරවිට නොසැලිකිලිමත් කම නිසා වෙන්න ඇති කොහොමත් රාජ්‍ය සේවය ගැන අපිට හරිම කණගාටුයි. (ස)

:       0       0

විතානගේ Monday, 05 May 2014 03:00 AM

මේවා අපේ වගේම රටෙත් අවාසනාව! (නි)

:       0       0

අතුල Sunday, 04 May 2014 03:38 PM

මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ... (ස)

:       0       0

ප්‍රියකුමාර Monday, 05 May 2014 03:52 AM

ජෝයි ඩයස් මහතාණනි, ඔබ හරි. ආධිපත්‍යය ඇති තැන් සියල්ල සුනුවිසුණු කර අලුත් පරම්පරාවක් ටික ටික ගොඩනඟාගත යුතුයි. අද රටට අවශ්‍ය උගතුන් නොව අවංකව කැපවී වැඩකරන ශ්‍රම බලකායකි (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 04 May 2014 03:57 PM

සෙල්ලම් කෝච්චිද? බොලව් මෙව්වා ?....කෝ මේ පාලකයෝ ?... මෙව්වයේ මුදල් දීල ගමන්කොරන්නේ ඡන්දය දීපු ඇයො බොලව්!.. (ස)

:       0       0

තාරක සිල්වා Sunday, 04 May 2014 04:49 PM

නොරොච්චෝලේ බලාගාරයටත් වඩා දැන් මගී දුම්රිය අන්තයිනේ (ස)

:       0       0

ගුණේ Sunday, 04 May 2014 05:09 PM

කවුරුත් මේවට කලබල වෙන්න එපා. දුම්රිය සේවකයන්ට හිතුනොත් වර්ජනයක් කරලා පාරේ යන අයට පොලිස්සියට කියල ගස්සවල ඔලු පලවයි. (ස)

:       0       0

චනිල් Sunday, 04 May 2014 06:12 PM

හා හා කවුරුවත් මොනවත් කියන්න එපා. මේවා සංවර්ධනයේ ලක්ෂණ.! (ස)

:       0       0

කමල් Sunday, 04 May 2014 05:27 PM

අපිට ප්‍රවාහන ඇමති කෙනෙක් ඉන්නවද අනේ ? මට හරියට මතක නැහැ. (ස)

:       0       0

කවිඳු Sunday, 04 May 2014 05:34 PM

කෝච්චි හැප්පෙනවා. පෙට්ටි මග දාල යනවා. අහලින් පහලින් යන මිනිස්සු ගුටි කනවා. ප්‍රවාහන පද්ධතියම ඉන්දියානු චිත්‍රපටියක් වගේ . අපි නම දාමු චෙන්නායි එක්ස්ප්රෙස් වගේ ලංකා එක්ස්ප්රස්. විෂය භාර වැදගතාටම බැරිය ප්‍රධාන නළු චරිතය භාර ගන්න. (ස)

:       0       0

චමිලා Sunday, 04 May 2014 06:32 PM

කෝච්චි පෙට්ටි මග දාල ගියත් , මිනිස්සු මග දාල ගියත්, හැප්පුනත් පීලි පැන්නත් මේවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රවාහනය මහජනයාගේ ප්‍රශ්නයක් මිසක් පාලකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ. (ස)

:       0       0

කමණි Monday, 05 May 2014 08:39 AM

අපලයක් නෙමෙයි. සේවකයන්ගේ නොසැළකිලිමත්කම . වගකීමකින් රැකියාව කරන්නේ නැහැ.රජයේ සේවය කොතනත් මෙහෙම තමා. රට දවසින් දවස අගාධයට යන්නේ මිනිස්සුන්ගේ වරදින්. (නි)

:       0       0

ඩයස් Sunday, 04 May 2014 07:08 PM

ලොකු අය කෝච්චිවල යන්නෙ නැති නිසා ඔවුන්ට මේව ප්‍රශ්න නෙවෙයි.(ස)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 04 May 2014 07:18 PM

හා හා කලබල වෙන්න එපා. ලගදීම දුමිරිය මාර්ග අධිවේගී දුමිරිය මාර්ග බවට පත්කරන්න දැනටම මුදල් පාස්වෙලා තියනවා. එතකන් පොඩි ප්‍රශ්ණ අැතිවෙයි. ඉවසන්න. (ස)

:       0       0

මනෝජ්-සාජා Sunday, 04 May 2014 06:45 PM

මේක කොහොල්ල ගාල අලවල තිබිල තියෙන්නේ .වෙන රටවල තනි පිහිල්ලේ යන දුම්රිය ,අපේ රටේ දුම්රිය සේවය දිනෙන් දින අගාදයට යනවා . (ස)

:       0       0

මහින්ද ඉතාලි Sunday, 04 May 2014 07:51 PM

බැරි වෙලාවත් කඳුරට මාර්ගයකදී මේ අනතුර සිදු උනා නම් මගීන්ට දෙවියන්ගේම පිහිටයි. (ස)

:       0       0

සිසිර කුමාර Sunday, 04 May 2014 09:04 PM

අපෝ ලංකාවේ දුම්රිය සේවය මෙලෝ රහක් නැහැ. (ස)

:       0       0

රෙහාන් Sunday, 04 May 2014 08:51 PM

කාටවත් කරදරයක් නොව්නු නිසා හොදයි (දී)

:       0       0

ගගනි Sunday, 04 May 2014 10:12 PM

ඔය වගේ ඔකේ ඉන්න ලොක්කොත් හැලෙනවනම් හොඳයි. එතකොට ලංකාවේ දුම්රිය සේවය හොඳ කලක් එ්වි. (ස)

:       0       0

ලලිත් Sunday, 04 May 2014 09:29 PM

මේ දවස්වල කෝච්චිවලට හරිම අපලයි (දී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 04 May 2014 09:50 PM

අලුත් අය ඉක්මනට පුහුනු කරන්න , පෑරණි ආධිපත්‍ය බිද හෙලන තුරු දුම්රිය සේවය ගොඩනගන්න බෑරිවේවි ...සේවකයන්ගේ මානසික වර්ධණ වෑඩමලුවක් ක්‍රියාවට නෑංවීමට කාලය හරි වගේ..... (දී)

:       0       0

දයා අලහකෝන් Sunday, 04 May 2014 02:06 PM

කොහු ලණු වලින් ගැටගහලා තියෙන්න ඇති. (ස)

:       0       0

රණතුංග Sunday, 04 May 2014 02:17 PM

දුම්රිය සේවයට හොද නෑ වගේ මේ දවස් . (ස)

:       0       0

සරත් බණ්ඩාර Sunday, 04 May 2014 03:13 PM

මේවා කඩාකප්පල් කාරී ක්‍රියාදාමයන් බව කාටත් තේරෙනවා. (ස)

:       0       0

සිරි Sunday, 04 May 2014 03:22 PM

මේ යන විධියට දුම්රිය ගොඩගන්න නිසි බලධරයා ට දැන්නම් කිසිම උවමනාවක් නැතිවද? එහෙම නම් ඉතින් ලඟදි කලඑළි බැස්ස දෙවන පරපුරට භාර දුන්නනම් හරි යයි. (ස)

:       0       0

ජනිඳු Sunday, 04 May 2014 02:35 PM

දැනට අවුරුද්දකට කලින් අනුරාධපුර පැත්තෙදිත් කෝච්චියකට ඔය සීන් එක උනා. (ස)

:       0       0

උදික Sunday, 04 May 2014 03:40 PM

සෙනඟ වැඩි වෙලාව උනා නම් ජිවිත හානි වෙන්න තිබ්බ.එක පාරක් මාතර කෝච්චියට උනා වගේ.මේවා නුල් වලින් නෙමෙයි නේ ගැට ගහල තියෙන්නේ. (ස)

:       0       0

පණ්ඩු Sunday, 04 May 2014 02:53 PM

අනේ ලංකාවට උගත් බුද්ධිමත් යහ පාලනයක් අවශ්‍යය. (ස)

:       0       0

ධම්ම Sunday, 04 May 2014 03:41 PM

දයා අලහකෝන් මාව අමාරුවේ දැම්මා. කොරිඩෝවේ යන අය මා දිහා බලනවා මොකද තනියම හිනාවෙන්නේ කියා.(ස)

:       0       0

දිනේෂ් Sunday, 04 May 2014 03:12 PM

අපේ රටේ අත්‍යාවශ්‍ය සේවාවන් ගැන නම් කියල වැඩක් නැහැ. දැන් පේනවනේ රෝහල්වල තත්වේෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 91 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 489 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site