IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියකට නඩු

 

(අංජුල මහික වීරරත්න)

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී  දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි.

යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු මෙම පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව එම පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාල පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.

මෙම පුද්ගලයින් කිසිවෙක් විශේෂ අනුග්‍රහයක් යටතේ යාලට ගිය පිරිසක් නොවන අතර ඔවුන් සාමාන්‍ය සංචාරකයින් පිරිසක් බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 



අදහස් (6)

යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියකට නඩු

පැරකුම් Monday, 24 October 2022 03:13 PM

ඒ කියන්නෙ විශේෂ අනුග්‍රහයක් ඇතුව ගියානම් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක නේද.?

:       0       29

jayasekaraTuesday, 25 October 2022 09:14 AM

අනේද කියන්නේ... ලංකාවට ඕන නියම හමුදා පාලනයක්.

:       1       1

APerera Monday, 24 October 2022 07:56 PM

නීති විරෝධී වැඩක් කරන්න යනවානම් විශේෂ අනුගහ්‍රයක් අැතිව යා යුතුයි. එතකොට වැඩේ ශේප්...

:       0       13

Sam Monday, 24 October 2022 11:15 PM

ඇයි විශේෂ අනුග්‍රහයන් යටතේ යන අපතයින්ට සත්තුන්ට හිංසා පීඩා කරන්ඩ පුලුවන්ද. සත්තුන්ට, මිනිස්සුන්ට ඇතුලු කොයිම කෙනෙකුට උනත් හිංසා පීඩා කරනවනං ඒ අපතයින්ට දැඩි දඩුවම් දියයුතුයි.

:       0       1

sisira Tuesday, 25 October 2022 07:16 AM

යාල වනෝද්‍යානයට ඇතුල්වීමට අවසර ලබාදුන් නිලධාරියාට / නිලධාරීන්හට වැටුප් නොමැති දඩුවමක් සහ අතුල වූ සියලු වාහන අයිති කරුවන් හෝ රියදුරන් කවුරුන් හෝ වේවා. නීතිමගින් ක්‍රියාකර මෙවැනි සිදුවීම් යලිත් නොවීමට සෑම වාහනයකටම දඩයක් නියම කල යුතුවේ.

:       0       1

sharm warn Tuesday, 25 October 2022 09:23 AM

විශේෂ අනුග්‍රහයක් යන්නෙන් වහන්න හදන්නේ මේ හරක් රංචුව දේශපාලුවෙකුගේ පුතෙක් සහ යාලුවෝ කියන කොටස වහන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site