යාල ජාතික වනෝද්‍යානයේ පළමු කලාපයේ අක්කර 10ක ගංජා හේනක් සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මැණික්ගල්ලේ සිට මිටර 600ක් දුරට පොළොව යටින් එලන ලද නල මාර්ගයකින් හේනට ජලය ලබාගෙන තිබූ අතර එහි ගංජා පැල මට්ටමේ තිබිණි. පසෙක් පැල තවාන් දමා තිබුණු බව ද වනජීවී නිලධාරින් පවසයි. වතුර ගැනීමට ගෙන ආ මීටර 3000ක පමණ බට සහ වතුර මෝටරයක් ද තවත් භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් පලා ගොසිනි. ඌව වනජීවී කලාප සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකැරිණි.