(යොහාන් භාසුර)
ලෝක බැංකු ආධාර යටතේ යූරියා ආනයනය සඳහා කළ ටෙන්ඩර් ක්‍රියාවලියේදී වැඩි ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ටෙන්ඩරය ලබාදීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 690 ක අලාභයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා ගල්ෆ් වෙළෙඳ හා ආයෝජන මණ්ඩලයේ සභාපති මොහාන් පෙරේරා මහතා පැවසීය.
යූරියා මෙටි්‍රක්ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 595 ක ලංසුවක් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමිර් රාජයයේ සමාගමට අදාල ටෙන්ඩරය නොදී වෙනත් සමාගමකට එය ලබාදී ඇති බවත් ඩොලර් එක්දහස් ගාණකට ටෙන්ඩර් ඉදිරිපත්කළ සමාගම ඩොලර් 850 කට සැපයීමට එකඟ වී තිබුණත් අවසන් ටෙන්ඩර්කරු සමඟ සංසන්දනය කිරීමේදී ඩොලර් මිලියන 40 ක පරතයක් ඇති බවත් මොහාන් පෙරේරා මහතා කීය.
මීට මාස තුනකට එනම් රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය ආරම්භ වීමට පෙර යුක්රේනයෙන් මිලදී ගෙන වෙනත් රටකට මාරු කර තිබෙන තොගය නිෂ්පාදන සහතිකයෙන් තොරව පැරණි මිලට සැපයිය හැකි බව ‘ෆැල්කෝ’ සමාගම ප්‍රකාශ කළ බවත් නමුත් සියලුම සහතික සමඟ අවශ්‍ය නම් ඕමානය සහ තර්මිනිස්තානය හරහා මෙටි්‍රක්ටොන් එක්ක ඩොලර් 695 කට ලබාදිය හැකි යැයි පැවසූ බවත් මොහාන් පෙරේරා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට යූරියා මිටියක් සියලු බදු සමඟ රුපියල් 13,000 කට සැපයීමේ හැකියාව ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය. කොළඹදී අද (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මොහාන් පෙරේරා මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූරියා ටෙන්ඩරයෙන් කෝටි 690 ක පාඩුවක්
CC Thursday, 20 October 2022 10:19 AM
මෙවැනි වංචා හා දූෂණ නතර කිරීමට ක්‍රමයක් නැද්ද දෙවියනි ! අපේ රටට අනාගතයේදී කුමක් වේද?
senaThursday, 20 October 2022 10:41 AM
අවංවම කියනවානම් දෙවියො ගැන විස්වාසයත් න ැති උනා දෙවියො ඉනාවානම් මෙ කාලකන්නින්ට හෙන හහන්නෙ නත්තෙ මොකද?
sharm warn Thursday, 20 October 2022 10:49 AM
හ හා.. . අරගලයට බනින කට්ටියට මෙව වහ කදුරු වෙන්න පුලුවන්.. නමුත් පොඩ්ඩක් කට්ටියගෙ සාක්කු චෙක් කරල බැලුවොත් කොටි 690 ගියෙ කොහෙද කියල දැනගන්න පුලුවන් වෙයි...
himal Thursday, 20 October 2022 03:38 PM
මෙතන මේ දාලා තියෙන විස්තර අනුව මිල ප්‍රශ්නයක් නෙවෙයි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. අර සහතික එක්ක මෙයා දෙනවා ඒක නැතුව එයා දෙනවා කියන්නෙ නැතුව ඇයි ඔය අඩුම මිල දාපු සමාගම ප්‍රතික්ෂේප වුනේ කියලා කියන්න බැරි?