IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුරෝපය ආදර්ශයට ගෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය හදයි

(අංජුල මහික වීරරත්න)

නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ.

යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමට දුන් උපදෙස් වල සඳහන්ය.

ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීම සඳහා වැඩිම කාලයක් ගන්නා රටක් නිසාත් මැතිවරණ කාලය දිගු වීමෙන් අනවශ්‍ය ලෙස වියපැහැදම් වන මුදල් කන්දරාව පිළිබඳවත් අවධානය යොමු කර ඇති ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා කාලය ශ්‍රමය මෙන්ම මුදල් ද වැය කරන බැවින් එය රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට බාධාවක් බවයි.

 

 



අදහස් (6)

යුරෝපය ආදර්ශයට ගෙන ලංකාවේ මැතිවරණ ක්‍රමය හදයි

C.K.Lankaputhra Saturday, 22 July 2023 11:02 AM

එහෙනං මැතිවරණ කොමිසම වහාම ජනාධිපති උතුමාණන්ගෙන් මැතිවරණය පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් ලබා ගනීවි.

:       13       19

sena Saturday, 22 July 2023 12:25 PM

මේවා නිකන් බයිලා...

:       6       15

ලේකම් Saturday, 22 July 2023 01:14 PM

මොන ක්‍රමය ගෙනාවත් එකම පන්තියේ කණ්ඩායම් දෙකෙන් එකකට බලයට එන්න පුළුවන් වෙලාවට තමයි ජන්දේ තියන්නේ...

:       7       19

chandima Saturday, 22 July 2023 04:55 PM

එහෙනම් ළඟදිම ඇමතිත් එක්කලා කට්ටියක් යුරෝපයේ සංචාරයකට යයි වගේ...?

:       1       8

de silva berlin Saturday, 22 July 2023 05:52 PM

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන ඡන්දෙ මේ වසර තුළ තිබී නැති නම් ලබන වසරේ මාර්තු වෙනකොට රනිල්ට වෙන්නේ ගොනාට වුණු වැඩේ. මෙදාපාර මිනිස්සු එතැනින් නතර වෙන්නේ නැහැ. මෙදාපාර මිනිස්සු 225ම ගෙදර එළවලා තමයි පස්ස බලන්නේ. එහෙම වුණාට පස්සේ පණ බේරගෙන රනිල්ට යුරෝපයට පැන්නොත් යුරෝපයේ දේශපාලන රැකවරණ අරන් ජීවිත කාලයම යුරෝපයේ ක්‍රම අධ්‍යයනය කරමින් ඉන්න පුළුවන්.

:       4       7

chatura Saturday, 22 July 2023 06:22 PM

අම්මපා? ඒ ක්‍රෙම්ට හෝ ඡන්දෙ දාගෙන ලේසි ඇති...?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site