ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරු බදු සහනය නැවත ලබාදීම පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් කණ්ඩායමක් සඳුඳා (31) සිටි නොවැම්බර් 3 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේ සංචාරය කරන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලය පවසයි.
සිව් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිස විසින් ජාතික සංහිඳියා කි‍්‍රයාවලිය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව සහ දේශපාලනික සහ ආර්ථික වශයෙන් කාන්තාවන් බලගැන්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි කියති.
මෙම නියෝජිත පිරිසේ නායකත්වය දකුණු ආසියානු රටවල සම්බන්ධතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති ජීන් ලැම්බර්ට් (එක්සත් රාජධානිය) විසින් දරනු ලබන අතර සජාඞ් කරීම් (එක්සත් රාජධානිය ), තෝමස් මාන් (ජර්මනිය) සහ උල්රික් මුලර් (ජර්මනිය) අනෙකුත් සාමාජිකයෝ වෙති.
ඔවුන් කොළඹ, ති‍්‍රකුණාමලය සහ මඩකලපුවේදී රාජ්‍ය, පළාත් පාලන, පාර්ලිමේන්තු සහ සිවිල් සමාජ නියෝජිතයින් හමුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට තරහ ගන්න එපා. හැබැයි සිංහල ජාතියටත් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න සුළු ජාතියක් හැටියට පෙනී හිටලා එන් ජී ඕ කල්ලියක් අල්ලගන්න වේවි මෙහෙම ගියාම (බ)
පුදුම වැඩේ කියන්නේ එන එන හැමෝම වැඩියම යන්නේ හදනවයි කියන අලුත් රටටනේ! (බ)
බෙල්ජියමටහ ගිහිල්ල එයාලගේ සියලු අණ වලට එකඟ වෙලා නේද අාවේ ඕක ගන්න? දැන් ඉතින් සියලු අණ එපරිද්දෙන්ම ඉටු කරන්න එපැයි. ෆෙඩරල් පාලනය දීම, බෞද්ධ ප්රමුඛතාව ඉවත් කිරීම, මුස්ලිම් විවාහ නීතිය බලාත්මක කිරීම වගේ දේවල් ඇතුළුව. (බ)
හෙඩ් ලයින් එක දැක්ක ගමන් මම හිතුවේ මෙයාලට පරුෂ වචනවත් ඉගෙන ගන්න හිතිලද කියල. (බ)
තවත් ලෙඩක් දාන්න වගෙයි බලන්නේ (බ)
කුමක් සිදු වේද?(හේ)