යුරෝපා කුසලාන බි කාණ්ඩයේ කාන්තා ක්‍රිකට් ශුරතාවය දිනාගැනිමට ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඉතාලිය ඩෙන්මාක් එස්ටෝනියා ජිබෙල්ත්‍රා හා බෙල්ජියම් යන රටවල් මේ සදහා ඉදිරිපත්විය.ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සදහා ශ්‍රි ලාංකික ක්‍රිඩිවෝ අට දෙනෙක් ඉතාලි ජාතික ක්‍රිඩිකාවෝ පස් දෙනෙක් ක්‍රිඩා කරති.
රෝමය නියෝජනය කරමින් නිලුකා ප්‍රියදර්ශනී කුමුදු නිරංජලා ඩිලිෂි නිලංකා තරඟ වදින අතර ත්‍රෙවිසෝ නගරයෙන් ඈන් කරුණානායකඅ,ඩිලයිෂා නානායක්කාර මිලානෝ නගරයෙන් නිරෝෂණි ප්‍රනාන්දු ඩිෂානි සමරවික්‍රම හා පාදෝවා නගරයෙන් වෙර්ජිනි කුශිනාරා යන ක්‍රිඩිකාවෝ ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරති.
ඉතාලි ජාතික බොනොරා ආන්ජලා නායකත්වය දරන අතර උප නායිකාව වනුයේ කුමුදු නිරංජලාය. වසර 15 ක් ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් වසර දෙකක් එහි නායකත්වය ඉසිලු හේමන්ත ජයසේන මහතා පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ පවතින දරුණු ජාතිවාදය මෙතනත් පැටලිලා. (නි)
කාලය කන සෙල්ලම ඉතාලියටත් බෝ කළාද? (නි)
නියමයි (නි)
ඉතාලිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් අට දෙනෙක් තරඟ කරන විට, මුළු ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. (ස)
මට ඇත්තටම දැනගන්න පුලුවන්ද පිටිගල මහතාගෙන් ඔය කියන දරුණු ජාතිවාදය මොකක්ද?කොහෙද තියෙන්නේ කියලා. මමත් ජිවත්වෙන්නේ ඉතාලියේම තමයි.ඔහොම දෙයක් දැක්කේ නැහැනේ.අනික පිට ජාතික වැඩිදෙනෙක් ඉතාලි ජාතිකයන්ට බනින්නේ ඔය කතාව කියලා.ඒක මෙහෙ විලාසිතාවක්.සමහරුන්ට මේ මිනිස්සු කිසි වරදක් කරලා නැහැ. ඒත් අනිත් අය බනින නිසා බනිනවා.මම අත්දැකීමෙන්ම ඒක දන්නවා (නි)
මෙතන අදහස් දාන අය නැති ජාතිවාදයක් මෙතනට පටලවාගන්න එපා (නි)
අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)