ඇමරිකා එක්සත් ජනපදයේ අලෙවි වන යුරෝපීය මෝටර් රථ සම්බන්ධයෙන් කාර්ඔපයිල් වෙබ් අඩවිය සුවිශේෂී වාර්තාවක් ගෙන එයි. ඇමරිකා ජාතිකයන් අතර ඉතාමත් ජනප්‍රිය මෝටර් රථ 10 ක් ඔවුන් පෙන්වා දෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිත ක්‍රමවේද හා රෙගුලාසිවලට අනුකූල වන අයුරින් යුරෝපය මෙම මෝටර් රථ නිෂ්පාදනය කරයි. ඒ අනුව යුරෝපයේ නිපදවන මෝටර් රථ සියල්ලම ඇමරිකාව අනුමත නොකරන අතර ඉන් විශේෂිත කිහිපයක් අමෙරිකා වෙළඳපොළේ ජනප්‍රියව පවතී.
1. මර්සිඩීස් බෙන්ස් - සී ක්ලාස්
2. අවුඩි ඒ4
3. මිනි කූපර්
4. වොක්ස්වැගන් බීට්ල්
5. බී.එම්.ඩබ්ලිව් ත්‍රී සීරීස්
6. වොක්ස්වැගන් ගෝල්ෆ්
7. වොක්ස්වැගන් ජෙටා
8. වොක්ස්වැගන් පැසට්
9. වොල්වෝ එස් 80
10. බීඑම්ඩබ්ලිව් ෆයිව් සීරීස්











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙනෝල්ට් එකත් තියෙන්නේ. ඒක ඔක්කොටම වැඩියෙන් හොඳයි (නි)
කිම් , කෝටිපතියෝ වෙන්න ලංකාවෙන් ඉඩක් නැහැ. හැම පැත්තෙන්ම ඉඩ අහුරලා තියෙන්නේ (නි)
පාගලා යාමුකෝ හැටේ ...(බ)
නලක් උහුල්ලන්න හූල්ලංන එපා. හිතට ධෛරිය අරගෙන ව්‍යාපාරයක් පටන් ගන්න. සාමාන්‍ය උගත්කමක් තියන හෝ යන්තම් අකුරු විතරක් කියවන්න පුළුවන් කෝටිපතියෝ ගැන හිතන්න. බෑ කියලා දෙයක් නෑ. (ර)
මේ අතරින් එකක් හැර අනෙක් ඒවා නිකන් දුන්නත් මට එපා (බ)
නාලක ඔය එහෙම කියන්න එපා. දේශපාලනය කරලා ඇමති කමක් ගන්න බලන්න. ඔයාට අවුරුදු 5කින් කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්, මැරෙන තුරාවට පැන්ෂන් එකකුත් ලැබෙනවා..(රේ)
ජපන් වාහන කීපයක් යනවිට මින් එකක් දැකගත හැකිය. (නි)
කෝ අර ලංකාවට ගෙනේව කියපු වොක්ස්වැගන් කර්මන්ත්ශාලාව එහෙනම් අපටත පදින්න තිබුනා වොක්ස්වැගන්. (ර)
'ටෙස්ලා' නමින් ඇමරිකාවෙ කාරයක් තිබෙනවා. ඒ ගැනත් දැනගන්න ආසයි. (නි)
වෙලාවට යුරෝපීය මෝටර් රථ විතරක් තේරුවේ. නැත්නම් වොක්ස්වැගන් වලට ළංවෙන්නවත් ලැබෙන්නේ නැහැ. පහුගිය දවස් වල ඒ අය ඩීසල් වාහන වල දුම් පරීක්ෂණයේදී වැරදි දත්ත පෙන්වන විදිහට එන්ජින් හදලා කියලා ලොකු කතාවක් ගිහින්, වොක්ස්වැගන් සමාගම ප්‍රසිද්ධියේ ඒ අය වැරදි වැඩක් කළ බව පිළිගත්තා. එදා ඉඳලා ඇමරිකාවේ වොක්ස්වැගන් මෝටර් රථ වල වටිනාකම බොහෝ ලෙස අඩුවුණා. (නි)
සමන්, ජපානයට තව සෑහෙන දුරක් යන්න තියෙනවා මේවාට කිට්ටු කරන්න. (නි)
මටනම් ඉතාලි කාර් තමයි නම්බර් වන් ෆෙරාරි ලම්බෝගිනි (බ)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ම)
ඇමෙරිකාව හදන්නේ ආර්ථික වටිනාකමට. ජපානය හදන්නේ වෙළඳපොළ වටිනාකමට. ඒකයි වෙනස. (නි)
සනත්, බී.එම.ඩබ්ලිව්. ඇරුනහම මේ ලැයිස්තුවේ තිබෙන අනිත් හැම වාහනයකට වඩා ජපන් වාහන තත්වයෙන් වගේම කල්පැවැත්මෙනුත් ඉහළයි. ඒවා බී.එම.ඩබ්ලිව්. තරමටම සුඛෝපභෝගී බවත් තිබෙනවා. ඒ වගේම ඇමරිකානු නිෂ්පාදන වූ ෆෝඩ්, ජී එම් වාහන වුණත් දැන් තත්වයෙන් බොහොම උසස් විදිහට හදනවා. (නි)
මමනම් ආසම බෙන්ස් වලට. (ර)
ටොයෝටා, වොක්ස්වැගන් වගේ වාහන සාපේක්ෂව ගණන අඩුයි. හැම එකම එකම තත්ත්වය. බි.එම්.ඩබ්. මර්සිඩීස්, ජී.එම්.සී., අවුඩි, ලෙක්සස් වගේ වාහන ගාන වැඩියි. තත්ත්වයත් වැඩියි. (නි)
කොහොමත් ලෝකයේ නිෂ්පාදනය කරන වාහන අතුරින්, හොඳ ප්‍රමිතියක් ඇතුව සහ ඉන්ධන පිරිමැසීම, අවම පරිසර දුෂණය, සැපපහසුව, නවීන උපාංග සහ ඉලෙක්ට්‍රොනික උපාංග යොදා සාදන යුරෝපයේ වාහන ඉතා අගනා ඒවායි. ජපානයේ සහ කොරියාවේ නිෂ්පාදන සමඟ බැලූවිට, ඇමරිකානු වාහන විශාලවීමත් අධික පෙට්‍රල් දහනයත් නිසා ඒවා ගැනීම අඩුයි දැන්. වරක් මෙම වාහන පාවිච්චි කළ කෙනෙක් නැවත් ගන්නෙත් යුරෝපීය වාහන පමණි (නි)
නමට යුරෝපයේ කිවුවට සමහර කාර් හදන්නේ චීනයේ. හදලා නැවත එකළස් කරනවා. අනික ඇමෙරිකාවේ ජපානයේ වාහනත් ඕනෑතරම් තිබෙනවා. (නි)
කිරන්, ඔයා හරි නම් වොක්ස්වැගන් එකත් අවුඩි තත්වයටම වැටෙනවා. ඕනෑම අවුඩි පාර්ට් එකක් අරගෙන බලන්න ඒකෙ වොක්ස්වැගන් මාර්ක් එක තිබෙනවා (නි)
ලංකාවේ අපට වෙන්නේ මේවා බලලා හුල්ලන්න තමයි. (ම)
ලෝකයේම ජනප්‍රිය වාහනය තේරුවොත් එ්කට එන්නේ ටොයෝටා තමයි (බ)