හවුල්කරුවෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රීලංකාව මුහුණදෙන ගැටලු වලට සහාය දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.
ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම වෙනුවෙන් සහයෝගය දීම සිය අරමුණ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියයි.
පසුගියදා පැවැති මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වල යෙදුණු යුරෝපා සංගම් නියෝජිත පිරිස ඔවුන් භාවිතාකළ වටිනා උපකරණ තොගයක්ද මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත පිරිනැමූහ.
එහිදී යුරෝ 108,000 (රු.16,564,250) පමණ වටිනා පරිගණක ටැබ්ලට්,ලැප්ටොප්,දුරකතන,කාර්යාල උපකරණ ආදී භාණ්ඩ තොගයක් පිරිනැමිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමගේගේ මොළය මහින්දට නැතුව ඇති නේද? (නි)
ගමගේට තියෙන මොළේ තමයි මොළේ... (නි)
ලෝක යථාර්ථය යනු පිරිසුදු සත්‍යම නොවන බව අවබෝධ කරගත යුතුය (නි)
කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් තව මොන (අ)
රෝහණ, පරිගණක, ටැබ්ලට්, ලැප්ටොප්, දුරකතන, කාර්යාල උපකරණ කන්නේ කොහොමද? (නි)
රටකට විතරක් විශේෂ ගැතිවීමක් නොවී කොන්ද කෙළින් තියාගෙන රාජ තාන්ත්‍රිකව හැම රටක් එක්කම මධ්‍යස්ථව සහයෝගයෙන් යන්න පුළුවන් නම්, ලංකාව වගේ සම්පත් වලින් බහුල දියුණුවෙමින් පවතින රටකට කාගේත් හොඳ නම සහ උදවු උපකාර ලබාගැනීමට ලොකු පිටුවහලක් වේවි කියන එකයි මගේ හැඟීම. (නි)
ඉදිරි අනාගතයේදී ඡන්ද ප්‍රතිඵල ක්ෂණිකව ලබාගැනීමට යුරෝපා හවුලේ සහය ලබාගනිමු. (නි)
ගමගේ, චීනය ඇමරිකාව තරහ කරගත්තේ නැහැ නෙමෙයි. ඇමරිකාව චීනය තරහ කරගත්තේ නැහැ. මතක තියාගන්න, චීනයේ ආර්ථිකය කඩාවැටුනොත් මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටෙනවා. පහුගිය දවසක ඒක වුණා. චීන කොටස් වෙළඳපොළේ.ඒක තමා හොඳම උදාහරණය. (නි)
බොහොම හොඳයි (නි)
ලංකාව පුංචි රටක් නිසා , යුරෝපයේ සහය වටී (නි)
දැන් ලංකාවට ජාත්‍යන්තර සහය ලැබීම ගැන සතුටුයි (නි)
පැනලා දෙනවිට ටිකක් සිතා මතා බලන්න ඕනෑ. බටහිර රටවල් පැනලා දෙන්නේ යටි අරමුණක් තියාගෙන වන්නට පුළුවන්. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නෙමෙයිනේ (නි)
ලංකාවට තනියම ගමනක් යන්න අමාරුයි. අනික මහින්ද කළ ලොකුම මෝඩකම තමයි චිනය රුසියාව වගේ රටවල් එක්ක ඕනෑවට වැඩිය යාළුකම් තියාගන්න ගිය එක. චිනය කවදාවත් ඇමරිකාව තරහා කරගත්තේ නැහැ. ලංකාව වුණත් ටිකක් කපටි වෙන්න ඕනෑ. පුළුවන් තරම් හැම රටක්ම හොදින් තියාගෙන රට දියුණු කරගන්න ඕනෑ. එත් කිසිකෙනෙකුට වහල්කම් කරන්න යන්න හොඳ නැහැ (නි)