හවුල්කරුවෙක් ලෙස පෙනී සිටිමින් ශ්‍රීලංකාව මුහුණදෙන ගැටලු වලට සහාය දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.
ලංකාවේ යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීම වෙනුවෙන් සහයෝගය දීම සිය අරමුණ බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය කියයි.
පසුගියදා පැවැති මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු වල යෙදුණු යුරෝපා සංගම් නියෝජිත පිරිස ඔවුන් භාවිතාකළ වටිනා උපකරණ තොගයක්ද මෙරට සිවිල් සංවිධාන කිහිපයක් වෙත පිරිනැමූහ.
එහිදී යුරෝ 108,000 (රු.16,564,250) පමණ වටිනා පරිගණක ටැබ්ලට්,ලැප්ටොප්,දුරකතන,කාර්යාල උපකරණ ආදී භාණ්ඩ තොගයක් පිරිනැමිණ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා කොමිසම ලංකාවට අතදෙයි
කැනඩා දිසා Saturday, 05 September 2015 02:45 AM
ගමගේගේ මොළය මහින්දට නැතුව ඇති නේද? (නි)
කැනඩා දිසා Saturday, 05 September 2015 02:45 AM
ගමගේට තියෙන මොළේ තමයි මොළේ... (නි)
දුමින්ද Saturday, 05 September 2015 03:07 AM
ලෝක යථාර්ථය යනු පිරිසුදු සත්‍යම නොවන බව අවබෝධ කරගත යුතුය (නි)
රෝහණ Friday, 04 September 2015 02:36 PM
කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම් තව මොන (අ)
නුවන් Saturday, 05 September 2015 06:25 AM
රෝහණ, පරිගණක, ටැබ්ලට්, ලැප්ටොප්, දුරකතන, කාර්යාල උපකරණ කන්නේ කොහොමද? (නි)
හුසේන් මොහමඩ් Saturday, 05 September 2015 09:15 AM
රටකට විතරක් විශේෂ ගැතිවීමක් නොවී කොන්ද කෙළින් තියාගෙන රාජ තාන්ත්‍රිකව හැම රටක් එක්කම මධ්‍යස්ථව සහයෝගයෙන් යන්න පුළුවන් නම්, ලංකාව වගේ සම්පත් වලින් බහුල දියුණුවෙමින් පවතින රටකට කාගේත් හොඳ නම සහ උදවු උපකාර ලබාගැනීමට ලොකු පිටුවහලක් වේවි කියන එකයි මගේ හැඟීම. (නි)
හෙලනි Saturday, 05 September 2015 09:55 AM
ඉදිරි අනාගතයේදී ඡන්ද ප්‍රතිඵල ක්ෂණිකව ලබාගැනීමට යුරෝපා හවුලේ සහය ලබාගනිමු. (නි)
සිල්වියා Saturday, 05 September 2015 11:46 AM
ගමගේ, චීනය ඇමරිකාව තරහ කරගත්තේ නැහැ නෙමෙයි. ඇමරිකාව චීනය තරහ කරගත්තේ නැහැ. මතක තියාගන්න, චීනයේ ආර්ථිකය කඩාවැටුනොත් මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටෙනවා. පහුගිය දවසක ඒක වුණා. චීන කොටස් වෙළඳපොළේ.ඒක තමා හොඳම උදාහරණය. (නි)
කිඹුලාපිටිය Saturday, 05 September 2015 01:15 AM
බොහොම හොඳයි (නි)
ප්‍රියංක Saturday, 05 September 2015 03:47 PM
ලංකාව පුංචි රටක් නිසා , යුරෝපයේ සහය වටී (නි)
වර්ණන් Saturday, 05 September 2015 01:22 AM
දැන් ලංකාවට ජාත්‍යන්තර සහය ලැබීම ගැන සතුටුයි (නි)
සල්ගාදු පැරිස් Saturday, 05 September 2015 03:59 PM
පැනලා දෙනවිට ටිකක් සිතා මතා බලන්න ඕනෑ. බටහිර රටවල් පැනලා දෙන්නේ යටි අරමුණක් තියාගෙන වන්නට පුළුවන්. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නෙමෙයිනේ (නි)
ගමගේ Saturday, 05 September 2015 01:45 AM
ලංකාවට තනියම ගමනක් යන්න අමාරුයි. අනික මහින්ද කළ ලොකුම මෝඩකම තමයි චිනය රුසියාව වගේ රටවල් එක්ක ඕනෑවට වැඩිය යාළුකම් තියාගන්න ගිය එක. චිනය කවදාවත් ඇමරිකාව තරහා කරගත්තේ නැහැ. ලංකාව වුණත් ටිකක් කපටි වෙන්න ඕනෑ. පුළුවන් තරම් හැම රටක්ම හොදින් තියාගෙන රට දියුණු කරගන්න ඕනෑ. එත් කිසිකෙනෙකුට වහල්කම් කරන්න යන්න හොඳ නැහැ (නි)