යාපන සිසුන් දෙදෙනා මරණයට පත්වූ කොකුවිල් කුලප්පිට්ටි මංසන්දියේ අද විමර්ශනයක් සිදුකළ පොලිස් කණ්ඩායම මෙම සිසුන් දෙදෙනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලදාරීන් පස් දෙනාද එම ස්ථානයට කැවනු ලැබූහ.

 පොලිස් විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව මත බන්ධනාගාර නිලදාරීන් විසින් පොලිස් නිලදාරීන් පස්දෙනා එම ස්ථානයට රැගෙන එනු ලැබීය.

 සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබීම සිදු කළ බව කියන ආකාරය පිළිබඳ විමර්ශනය කළ  මෙම පොලිස් කණ්ඩායම  වෙඩි තැබූ ස්ථානයත් අනතුරට ලක්වූ ස්ථානයත් අතර ඇති පරතරය යන විවිධ කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකලහ.

මේ අනුව සිසුවාට එල්ල කළ වෙඩි ප්‍රහාරයේ පතොරම සොයාගෙන ඇත. වෙඩි ප්‍රහාරයෙන් සිසුවාගේ ශරීරයට වැදුණු උණ්ඩය අනෙක් පැත්තෙන් පිට වී ඇති බවද, උණ්ඩ කිහිපයක් තුවක්කුවෙන් පිටවී ඇති බව ද කියැවේ.

(ඡායාරූප එස් ප්‍රදීපන්)

;; 55  a hh ll viber-image