යාපනයේ දී සැකකටයුතු ලෙස මිය ගියැයි කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ අවසන් කටයුතු අද දහවල් ආරම්භ විය.
යාපනය විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අංශයේ සිසුවකු වූ නඩරාසා කජන්ගේ දේහය කිලිනොච්චියේ නිවසේ සිට සුසාන භූමිය කරා ගෙන යන අවමඟුන් පෙරහරට මහා ජන ගඟක් එක්ව සිටිති.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුහු රැසක් ද ඊට සහභාගී වෙති.
අවමඟුල් පෙරහරේ යන වැඩි දෙනකුගේ අත විරෝධතා පුවරු දක්නට හැකි විය.
මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් කී අතර පසුව අනාවරණය වූයේ එක් සිසුවකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවයි.
මෙම සිද්ධියට සැකපිට පොලිසියේ පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය ගැන කණගාටුයි. නමුත් දැන් ඉතින් සිංහල එන් ජී ඕ නඩේටයි ශ්‍රී ලංකා විරෝධී දමිල ඩයස්පෝරාවටයි ඕක ඇති බොරු කියලා ඩොලර් එකතු කරන්න.(බ)
ජයසිරි කියන්නේ පොලෝසිය , හමුදාව අයෙත් සැරයක් අහිංසක මිනිසුන් උතුරේ මරලා දාන එක හරි කියලද ? (බ)
රටක නීතියට හැම කෙනෙක්ම අවනත වියයුතුයි. බීමත්ව රිය පැදවීම හා නීතියට පිටුපායාමේ විපාක මුළු රටටම හානිදායක ලෙස බලපා තිබෙන හැටි නීතියට පිටුපාන හැම දෙනාම දකිත්වා! (නි)
ජයසිරි ඔහේල වගේ උදවිය සිංහල ජාතියටත් බුද්ධාගමටත් නින්දාවක්. ඔබව පුනුරුත්ථාපනය කළ යුතුයි. (බ)
බණ්ඩල ජයසිරිලා වගේ අදහස් තිබෙන අය සිටියොත් බුද්ධාගමත් සිංහල ජාතියත් බොහොම ඉක්මනට රටින් තුරන් වෙනවා. (බ)
බණ්ඩාට වගේම ජයරත්නටත් මේ දුක දැනිලා නැතුව ඇති. (නි)
ජයසිරි හරියටම හරි. (නි)
පොලිසියෙන් නවත්වන්න කිවුවහම එදා නැවැත්තුවේ නැත්තේ ඇයි? එ්ක වරදක්. (නි)
කුමන ජාතියක වුවත්, මේ මරණය ගැන අපි අවංකවම දුක්වෙනවා (නි)
ඒ අය අහිංසක නිසාද යතුරුපැදිය නවත්වන්නේ නැතුව ගියේ. හැබැයි ඔය ප්‍රදේශයෙන් පිට අපේ සිංහල කොල්ලෙක් ඔය දේ කළා නම්...? අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
කවුරු වුණත් වැරදි කරනවා නම් ඒක වැරදියි කියලා අපි පිළිගන්න ඕනෑ (නි)
ආරංචි විදියට නම් යාපනයේ තත්ත්වය ගැන අපිට දැන් බයයි. (නි)
එල් ටි ටි බෝම්බ වලින් සහ ආයුද වලින් කෙනෙක් නොමැරුනු ගෙයක් හොයා ගන්න හරි අමාරුයි දකුණේ. ඒ මළ හැම කෙනෙක්ම ත්‍රස්ත වාදියෝ නෙමේ අම්මේ ඔයාගේ පුතු වගේම තවත් අම්මාවරුන් ගේ හොද දරුවන් ඒ දුක තාම ඒ අම්මල විදිනවා (බ)
බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ ප්‍රාණඝාතය සධාරනිකරණය කරලා.(හේ)
වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. හැබැයි වෙඩිතියන්න ඇත්ත හේතුවත් සොයාගන්න ඕනෑ. (නි)