‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ යන පාඨය මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක කිසියයම් පිරිසක් විසින් කොටි සංවිධානයේ මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එහි සිසුහු පවසති.
‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු’ වැනි වාක්‍ය සහිත පෝස්ටර් එහි අලවා ඇත. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය හෙට දිනය නොවැම්බර් 26 බවත් එම සංවිධානයේ මිය ගියවුන් වෙනුවෙන් සිදු කෙරෙන මහවිරු දින සැමරුම නොවැම්බර් 27 වැනිදා සිදු කරන බවත් එම පෝස්ටර්වල සඳහන් වී තිබේ.
පෝස්ටර් ඇලවූ අය කව්රුන්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර සෑම වර්ෂයක්ම දෙසැම්බර් මස 20 ත් 30 ත් අතර කාලයේ යාපනය සරසවියේ බොහෝ ස්ථානයන්හි මෙවැනි පෝස්ටර් ඇලවෙන බව යාපනය පොලීසිය කියයි.
කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත ගේ කතාව හරි ....තව ටික කලක් යන්න ඕන මේ යහපාලනේ හැටි නිසා වෙන දේවල් දකින්න...(බ)
මේවා දකිද්දී තමා ඇගේ ලේ නටන්නේ (බ)
යුද්දේ ඉවර කරලා රාජපක්ෂලා කළේ කොච්චර බරපතල වරදක්ද. පත්තර වලට ලියන්න දෙයක් නැති වුනා ටෙලිවිෂන් වලට පෙන්නන්න දෙයක් නැති වුනා.යුද්දෙන් හම්බ කරගෙන කාපු අයට බටට පහර වැදුන.රට එක තැන පල් වුනා එ්ක නිසා මිනිස්සුන්ට වෙනසක් ඕන වුනා. දැන් අපට ලගදීම ඒ වෙනස ලබාගන්න පුළුවන් යුද්දේ එනවා බෝම්බ පත්තුවෙනවා මිනිස්සු මැරෙනවා හමුදාවල්වලට මිනිස්සු ඕන වෙනවා.අලුතෙන් පරපුරක් බිහිවෙනවා.(බ)
මට නම් දැන් වෙනස සැපයි වගේ! (ම)
මෙම කාලයේ ඕවා සුළු දේවල්. බැරෑරුම් කාරණා ඉදිරියේදී දැක බලා ගැනීමට ලැබෙනු ඇත. (නි)
අවුලක් නෑ, උන්ටත් අයිතියක් තියෙන්න එපායැ ඕව සමරන්න", ඕකට විරුද්ද වුනොත් දෙමල ජනතාවගේ හිත රිදෙන්න පුළුවන් කියල යහපාලන උදවිය අපිට බනියි. (බ)
බටහිර පැතුම් ඉටුවෙන ලකුණු නේද මේ? (නි)
ඊළම සමරන්න ඉඩ නොදිය යුතුමි එහෙත් මියගිය අය සිහිකරන්න ඔවුන්ගේ ඥාතීන්ට අයිතියක් තිබිය යුතුයි එක මනුස්ස ස්වභාවයක් සේරටමන් පෙර මේ විනාශයට පාර හරිගස්සපු ක්‍රම නැවත ඇති නොකළ යුතුයි වයිරයෙන් පමණක් මේවට විසදුම් නැහැ (අ).
තාම පටන් ගත්ත විතරයිනේ අයියෝ තව ටික කලක් ඉන්නකෝ ඉවසල. දරුණු කොටි ටිකත් නිකන්ම නිදහස් කරලා දාල, කොටින්ට සල්ලි එවන සංවිදාන වල තහනමුත් ඉවත් කරලා, අපේ හමුදා බුද්ධි අංශ 2001-02 වගේම අඩපන කරලා දාල, යුද්ධ කරපු රණවිරුවෝ අධිකරනෙට දැක්කල, හමුදාවේ ශක්තිය/චිත්ත ධෛර්යය බිඳලා දාල, තව ටික ටික ඉස්සරහට යනකොට වෙනසේ සැප පෙනේවි. (අ)
බුද්ධි අංශ යොදවල හොයල දඩුවම් දෙන්න ඕනේ කොන්ද පන තියන ආණ්ඩුවක් නම්! (අ)
ආපහු නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් කපනකම් ඉන්නේ නැතුව මේවට ඉක්මන් තීරණයක් ගත යුතුය. නැතිනම් මේ ජාති භේද අවුස්සන එවුන් රටට හැමදාමත් පිළිලයක්. (බ)
කොටි විතරක්නම් කමක් නෑ.එත් සමහර සිංහලයොත් බලන් ඉන්නේ කොළඹ බෝම්බ පුපුරණ කම් එතකොට ආණ්ඩුවට බනින්න පුළුවන්නේ. (අ)
පෝස්ටර් අැලවීම නම් ෂුවර් එකටම රාජපක්ෂලගෙ වැඩක් වෙන්ට ඕනැ. එහෙ මිනිසුන්ට ඊළම තියා ප්‍රභා ගැනවත් මතකයක් නෑ !! (බ)
ජැක්සන්, ඉස්සරහට පෙනෙයි .ඔයා 2009 කලින් ලංකාවේ හිටියද ? (බ)
මේ පෝස්ටරයක් ගැහුවා කියලා මොකද මේ බය. ඔහේ ගහපුදෙන්. (ර)
පෝස්ටර ඇලෙව්ව අය හොයාගන්න එක සුළු දෙයක් අවංක වුවමනාවක් තියේනම්. නැතිනම් මේවා බොරු රංගන, හැමදාමත් වගේ ජනතාව අන්දනවා අයවැයෙන් පස්සේ (බ)
යහ පාලනේ වෙනස පේනවා නේද?? එල කිරි (බ)
ආණ්ඩුව අපහසුතාවයට පත්කරන කඩාකප්පල්කාරින්ගේ වැඩක්! (බ)
සුදේශ් බුද්ධි අංශ යොදා වන්න කතා කරනවා. ඒ මිනිස්සු දැන් ඉන්නේ වැඩි හරියක් හිර ගෙවල්වල. (අ)
ඔය තියෙන්නේ, තව ටික දවසකින් කොළඹත් අපහු බෝම්බ පුපුරද්දී සිංහලයට තේරෙයි ඉගුරු දීලා මිරිස් ගත්තු එකේ රග. කොහොමත් රොබට් නොක්ස් කියල තියෙන්නෙත් "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා" කියලනේ. එ්ත් මමනම් හිතන්නේ අද කාලේ විදියට "සිංහලයා මෝඩයා, ආණ්ඩු පෙරලන්න යෝදයා" කියල එක වෙනස් වුනොත් හොදයි කියලයි (බ)
ජැක්සන් කියන්නේ විහිලුවට. ඒකත් මහින්දගේ පිනට දැනට ඉඩ තියෙනවා. (බ)
දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි එහෙනම් මේක අවසානයි එන්නේ මරා ගන්න තමි ඔය හදන්නේ (බ)
මෙය තහනම් වැඩක් නේද.? (ර)
ආණ්ඩුව කොටින්ට කිරිපොවල දැන් වැඩ පෙන්නනවා. කැලේ මාරුවුනට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ. (බ)
මේකට මොකද මෙච්චර බය වෙලා. (බ)
අපේ රට කවදාවත් හදන්න බෑ අපේ අයගේ එකමුතුවක් නැතිනම් (බ)
අපොයි පිපාසය ගැන නම් කරදර වෙන්න එපා.. අපේ අයියල ටික බන්දේසියක තියලම දෙයි වතුර වීදුරුව..(බ)